මහාතිත්ථ

පුරාණ ලංකාවේ වරාය අතරින් වඩාත් ප්‍රසිද්ධ වූයේ මහාතිත්ථය යි. මහවොටි, මහවුටු, මහපුටු, මාන්තෝට්ටම් වැනි නම්වලින් ද හැඳින්වී ඇති මේ වරාය දැනට මාන්තෙයි ලෙස හැඳින්වේ. නොයෙක් රටවලින් පැමිණි නෞකා මෙම තොටුපළේ දී භාණ්ඩ විකිණීම ද හුවමාරුව ද සිදු කර ඇත. ඇතුන්, මුතුමැණික්, කුළු බඩු වැනි දේ මෙ රටින් ගෙන ගොස් ඇත. මහාත්ත්ථයේ සිට අනුරාධපුර අගනුවර දක්වා ප්‍රධාන මාර්ගයක් වැටී තිබීමෙන් ම අනුරාධපුර යුගයේ දී මේ තොටුපළ කෙතරම් වැදගත් වීදැ’යි පෙනෙයි. සේන ගුත්තික, එළාර වැනි ද්‍රවිඩ ආක්‍රමණිකයන් ලංකාවට ගොඩබැස්සේ ද, එළාර රජුට ආධාර පිණිස ආ භල්ලුක යෝධයා දිවයිනට ගොඩබැස්සේ ද මේ වරාය හරහාය.

Share with a student

 

මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න