පරිගණක හා තාක්ෂණ පීඨය
ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධි පාඨමාලාව
පාඨමාලා අධ්‍යයන කාලය වසර හතරක් වන අතර, සාර්ථකව නිම කිරීමේදී කැලණිය විශ්ව විද්‍යාලය මඟින් ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය පිරිනමනු ලැබේ.
මෙම ඉංජිනේරු තාක්ෂණ උපාධි පාඨමාලාව උපාධිධාරීත්ව පුළුල් විවිධ කර්මාන්ත යෙදුම් සඳහා සූදානම් කිරීම අරමුණු කොටගත් විද්‍යාව හා තාක්ෂණයේ ප්‍රායෝගික යෙදුම් මත ප්‍රබලව ඉලක්ක වී ඇත. විෂය නිර්දේශයේ පළමු වසර දෙකෙහි ඉලක්කය වන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදියෙකුට තිබිය යුතු පොදු නිපුණතාවන් දියුණු කිරීම වන අතර, අවසන් වසර දෙකෙහි දී තෝරා ගත් විෂය ක්‍ෂේත්‍රයක විශේෂ නිපුණතා දියුණු කිරීම සඳහා වෙන්ව ඇත.
මූලිකව ලබා දී ඇති විශේෂඥ ක්‍ෂේත්‍රයන් වන්නේ:
කර්මාන්ත ස්වයංයන්ත්‍රණය හදාරන විද්‍යාර්ථීන්ට, පරිගණක හෝ රොබෝ යන්ත්‍ර වැනි කාලීන පද්ධති භාවිතා කිරීමට සහ කර්මාන්ත වල විවිධ ක්‍රියාවලින් සහ යන්ත්‍ර සූත්‍ර හැසිරවීමට අවශ්‍ය ICT නිපුණතාවය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ. ද්‍රව්‍යමය සහ ක්‍රියාවලි ඉංජිනේරු තාක්ෂණ විශේෂඥ ක්‍ෂේත්‍ර වලදී ඉලක්ක වන්නේ, අමුද්‍රව්‍ය සහ ප්‍රයෝජනවත් දෑ වටිනා භාණ්ඩ බවට පත් කිරීම සඳහා ක්‍රියාත්මක කිරීම හා පාලනය කිරීම සැලසුම් කිරීම වේ. තිරසර තාක්ෂණය විශේෂඥ ක්‍ෂේත්‍රයේ අරමුණ වන්නේ කාලීන ලෝක සහ ශ්‍රී ලාංකීය ආර්ථික – සාමාජීය ගැටලුවලට තිරසාර විසඳුම් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමයි.
කර්මාන්ත පුහුණුව උපාධි පාඨමාලාවේ අනිවාර්ය අංගයක් වේ. හතරවත වර්ෂයේ අවසාන අර්ධ වාර්ෂිකයේ දී විද්‍යාර්ථිත් ප්‍රසිද්ධ කර්මාන්ත ආයතන වල ආධුනිකයන් වශයෙන් යොමු කරනු ඇත.
උපදේශන හා විභාග භාෂා මාධ්‍යය ඉංග්‍රීසි පමණක්ම වේ.
තුන්වන අධ්‍යයන වසරට ප්‍රවේශ වීම සඳහා සිසුන්’ විසින් දෙවන අධ්‍යයන වර්ෂය අවසාන වන විට විශ්ව විද්‍යාලය විසින් අනුමතකරන ලද අවම අධ්‍යයන පරිසාධන මට්ටම සපුරාලිය යුතුව ඇත.
නොරතුරු සහ සන්නිවේදන තාක්ෂණවේදී ගෞරව උපාධි පාඨමාලාව
පාඨමාලා අධ්‍යයන කාලය වසර හතරක් වන අතර, සාර්ථකව නිම කිරීමේදී කැලණිය විශ්ව විද්‍යාලය මඟින් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණවේදී ගෞරව උපාධිය පිරිත මනු ලැබේ.
මෙම පාඨමාලාව මඟින් මෘදුකාංග සංවර්ධකවරුන්, ජාලකරණ පරිපාලකවරුන් හා තොරතුරු හා සන්නිවේදන වෘත්තිකයන් ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය කුසලතා, දැනුම හා ආකල්ප වර්ධනය කිරීමට විද්‍යාර්ථින්ට උපකාර කරයි. ඉලෙක්ට්‍රෝනික විද්‍යාව සහ දත්තසන්නිවේදන පිළිබඳව ශක්තිමත් පදනමක් ලබාදීම හා ප්‍රායෝගික විද්‍යාගාර සැසිවාර තුළින් ක්‍ෂේත්‍රයේ පිළිගත් ප්‍රමිතීන්ට අනුව, මෘදුකාංග හා පරිගණක ජාල සැලසුම් කිරීමට, නිර්මාණයට හා පවත්වාගෙන යාමට අවශ්‍ය කුසලතා හා දැනුම වර්ධනය කිරීම මෙම පාඨමාලාව තුළින් සිදු වේ. අතථ්‍යකරණය හා වළා පරිගණනය, ජාල කළමනාකරණය, රැහැත් රහිත හා ජංගම සන්නිවේදන විද්‍යාව, පරිගණක ආරක්ෂණය, වෙබ් ක්‍රමලේඛණය, පරිගණක ක්‍රීඩා හා සජීවීකරණය, අතථ්‍ය යථාර්තය සහ ජංගම යෙදුම් සංවර්ධන විද්‍යාව වැනි විශේෂ විෂය ඒකක, විෂය ධාරාවට ඇතුළත් කිරීම මගින් විද්‍යාර්ථීන්ට තම අභිමත වෘත්තීය ධාරා ඔස්සේ විපුල දැනුමක් ලබාගැනීමේ අවකාශ සපයාදී ඇත.
මූලිකව ලබා දී ඇති විශේෂඥ ක්‍ෂේත්‍රයන් වන්නේ:
හතරවන වසරට අදාළවත සය මාසික සීමාවාසික පුහුණු කාලය තුළදී විද්‍යාර්ථීන්ට සැබෑ කර්මාන්තත්ත පරිසරය තුළ කටයුතු කිරීමට ඉඩ හසර ලබා දේ. උපදේශන හා විභාග භාෂා මාධ්‍යය ඉංග්‍රීසි පමණක්ම වේ.
තුන්වන අධ්‍යයන වසරට ප්‍රවේශ වීම සඳහා සිසුන් විසින් දෙවන අධ්‍යයන වර්ෂය අවසාන වන විට විශ්ව විද්‍යාලය විසින් අනුමත කරන ලද අවම අධ්‍යයන පරිසාධන මට්ටම සපුරාලිය යුතුව ඇත.
පරිගණක විද්‍යා විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව
කැලණිය විශ්ව විද්‍යාලය මඟින් පවත්වනු ලබන පරිගණක විද්‍යා විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව සිව් අවුරුදු පාඨමාලාවකි. මෙම පාඨමාලාවෙහි ව්‍යුහය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි පරිගණනය පිළිබඳ ස්ථාවර කමිටුවෙහි නිර්දේශය මත සහ Institute of Electrical and Electronics Engineers (IEEE) 55 Association for Computing Machinery (ACM) ຜ නිර්ණායක වලට අනුකුලව සකසා ඇත.
මෙම පාඨමාලාව මඟින් විද්‍යාර්ථින්ට මෘදුකාංග නිපැයුම් කර්මාන්තය සඳහාත්, පර්යේෂණ හැසිරවීම හා පරිගණක විද්‍යාව පිළිබඳ දැනුම බෙදා හැරීම සඳහාත් අදාළ වන කුසලතා, දැනුම හා ආකල්ප වර්ධනය කර ගැනීමට සහාය ලබා දේ. පරිගණක තාක්ෂණය පිළිබඳ ගැඹුරු මූලික දැනුම් ලබා දීම හා ප්‍රායෝගික විද්‍යාගාර සැසිවාර තුළින් කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූල මෘදුකාංග විශ්ලේෂණය කිරීමට, සැලසුම් කිරීමට, ක්‍රියාත්මක කිරීමට හා නඩත්තු කර පවත්වා ගෙන යාමට අදාළ කුසලතා හා දැනුම වර්ධනය කිරීම මෙම පාඨමාලාව තුළින් සිදු වේ. දත්ත සමුදාය (Databases), යාන්ත්‍රික ඉගෙනුම් ක්‍රියාවලිය (Machine Learning), දත්ත ආරක්ෂණය (Data Security), සම්පාදක පිළිබඳ න්‍යාය (Theory of Compilers), සමාන්තර පරිගණනය (Parallel Computing), අධිකාර්ය සාධන පරිගණනය (High Performance Computing), සංඛ්‍යාංක අධිකරණ වෛද්‍ය විද්‍යාව (Digital Forensics), විචාරයික ජාල (Semantic Web), විද්‍යුත් ව්‍යාපාර තාක්ෂණය (e-Business Technology), පරිගණක ක්‍රීඩා හා සජිවිකරණය (Computer Games & Animation) සහ අතථ්‍ය යථාර්තය (Virtual Reality) ආදි විෂය ඒකක, විෂය ධාරාවට එක්ව තිබීම මඟින් විද්‍යාර්ථීන්ට සිය අභිමතවෘත්තීය ධාරාව ඔස්සේ විපුල දැනුමක් ලබා ගැනීමේ අවකාශය සළසා ඇත. දෙවෙනි වසර අවසාතයේදී පහත විෂය ධාරාවන්ගෙන් එකක් තෝරා ගැනීමට හැකියාව ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.