WordPress WooCommerce Themes

වෛද්‍ය පීඨය-කැළණිය විශ්වවිද්‍යාලය

වෛද්‍ය පීඨය

වෛද්‍ය විද්‍යා (එම්. බී. බී. එස්.) පාඨමාලාව

එම්. බී. බී. එස්. පාඨමාලාව වසර පහකි. එහි විෂය මාලාව මිනිස් සිරුරේ අවයව පද්ධති පාදක කරගනිමින් සකස් කොට ඇත. මෙම පාඨමාලාව අදියර තුනක් යටතේ සංවිධානය වී ඇති අතර එක් එක් අදියරක් අවසානයේ වෘත්තීයමය උපාධිය සම්පූර්ණ කිරීමට අවශ්‍ය ප්‍රධාන විභාගයක් බැගින් පැවැවේ. පළමු සහ දෙවන වසර ඇතුළත් වන ප්‍රථම අදියරේදී සිසුන් විසින් මිනිස් සිරුරේ සාමාන්‍ය ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය ද තෙවන සහ සිව්වන වසර ඇතුළත් වන දෙවන අදියරේදී රෝග ඇතිවීමට හේතු සාධක, ප්‍රතිකාර ක්‍රම සහ රෝග වළක්වා ගැනීමේ ක්‍රම වේදයන් ද හදාරනු ලැබේ. ඊට අමතරව තෙවන සහ සිව්වන වසරේදී විවිධ වෛද්‍ය ක්‍ෂේත්‍ර වලට අදාළ සායනික පුහුණුවද ලබා දේ. සිව්වන වසරේදී අධීක්ෂිත පර්යේෂණ ව්‍යාපෘතියක් ද සමපුර්ණ කල යුතුය. අවසන් අදියරේදී සිසුන් පූර්ණ කාලීන සායනික පුහුණුව සඳහා උතුරු කොළඹ ශික්ෂණ රෝහලට යොමු කෙරෙන අතර එම පුහුණුව අවසානයේ වෛද්‍යවේදය, ප්‍රසවනා නාරිවේදය, ළමා රෝග වේදය, මානසික වෛද්‍ය වේදය සහ ශෛල්‍ය වෛද්‍ය වේදය යටතේ පැවැත් වෙත අවසාන පරීක්ෂණයට මුහුණදිය යුතුය. මෙම පරීක්ෂණයෙන් සමත්වන සිසුන්ට වෛද්‍ය විද්‍යා උපාධිය පිරිනැමෙන අතර මාස 12 ක සීමාවාසික පුහුණුවක් සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසු වෛද්‍යවරයකු/ වෛද්‍යවරියක ලෙස සේවය කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය හිමි වේ. මෙම පාඨමාලාවේ සියලු ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදු වේ.

කථන හා ශ්‍රවණ විද්‍යා විද්‍යාවේදී ගෞරව උපාධිය

මෙම ගෞරව උපාධි පාඨමාලාව කථන හා ශ්‍රවණ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය (කථන හා භාෂා චිකිත්සාව හෝ ශ්‍රවණවේදය පිළිබඳ විශේෂීකරණය කළ හැකි) පිරිනමන දැනට ශ්‍රී ලංකාවේ පවතින එකම පාඨමාලාවයි. පාඨමාලාව සාර්ථකව සම්පුර්ණ කිරීම ශ්‍රී ලංකාව තුළ කථන හා භාෂා චිකිත්සකවරයෙකු හෝ ශ්‍රවණවේදියෙකු ලෙස සේවය කිරීමට අවශ්‍ය වෘත්තීය නිපුණතාවය සපුරයි. විෂය මාලාවට න්‍යායාත්මක පන්ති කාමර පදනම් කරගත් ඉගෙනුම් ක්‍රම වලට අමතරව සෞඛ්‍ය, අධ්‍යාපන හා පුනරුත්ථාපන ක්‍ෂේත්‍රයන්ට අදාළ ප්‍රායෝගික පුහුණුව ද ඇතුළත් කර ඇත.

පාඨමාලාවේ මූලික අරමුණ වන්නේ,

  • සන්නිවේදන දුෂ්කරතා ඇති පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල් වලට පුනරුත්ථාපන සේවා සැපයීම සඳහා අවශ්‍ය දැනුම. ආකල්ප සහ කුසලතා ඇති දක්ෂ කථන හා භාෂා
  • චිකිත්සකයින් සහ ශ්‍රවණ වේදීන් පුහුණු කිරීම. ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රජාවන් තුළ සන්නිවේදන දුෂ්කරතා පිළිබඳ ඇති දැනුවත්භාවය ඉහළ නැංවීම.
  • පර්යේෂණ සහ තමන්ගේ වෘත්තීය සංවර්ධනය තුළින් විෂය පථයේ උන්නන්තියට දායක වීම.

උපාධි පාඨමාලාවේ කාල සීමාව වසර 04 ක් වන අතර මොඩියුලර් ව්‍යුහයක් හා අවම ක්‍රෙඩිට් අගයන් 120 කින් සමන්විතය. අවසන් වසරේදී සිසුන් පර්යේෂණ ව්‍යාපෘතියක් දියත් කිරීම අනිවාර්ය වේ. සම්පුර්ණ පාඨමාලාවේ ඉගැන්වීමේ සහ විභාග කටයුතු වලදී ඉංග්‍රීසි මාධ්‍යය භාවිතා වේ.

වෘත්තීය චිකිත්සාව විද්‍යාවේදී ගෞරව උපාධිය

මෙම උපාධි පාඨමාලාව වෘත්තීය චිකිත්සාව පිළිබඳ වෘත්තීය නිපුණතාවය ලබාදෙයි. උපාධි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීම වෘත්තීය චිකිත්සාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ප්‍රදානය කිරීමට හේතු වේ. සියලුම ආකාරයේ ආබාධනා සියලු වයස්වල පුද්ගලයින්ට ඔවුන්ගේ දිනපතා ක්‍රියාකාරකම්වල යෙදීමට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීමට විද්‍යාත්මක පදනමක් සහිත චිකිත්සාවක් ලබා දී මට වෘත්තීය චිකිත්සකවරුන් පුහුණු කරනු ලබයි. එමගින් මනෝසමාජය ගැටළු, නිදන්ගත රෝග, කෙටි කාලීන හා දිගු කාලීන රෝග සහිතව ජීවත් වන ළමයින් හා වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සහ ජිවන තත්ත්වය ප්‍රවර්ධනය කරයි.

පාඨමාලාවේ මූලික අරමුණ වන්නේ සීමා සහිත ජීවන රටාවක් තුළ ජීවත් වන පුද්ගලයකුගේ දෛනික ජීවන ක්‍රියාකාරකම සඳහා වූ සහභාගීත්වය වර්ධනය කර, පවත්වා ගැනීමට හෝ මුල් තත්ත්වයට පත් කිරීමට හේතුවන පුනරුත්ථාපන සේවා සැපයීමට අවශ්‍ය හැකියාව, දැනුම සහ වෘත්තීය ආකල්ප සහිත දක්ෂ වෘත්තීය චිකිත්සකයෙකු පුහුණු කිරීමයි.

උපාධි පාඨමාලාවේ කාල සීමාව වසර 04 කි. විෂය මාලාවට න්‍යායාත්මක පන්ති කාමර පදනම් කරගත් ඉගෙනුම් ක්‍රම වලට අමතරව විවිධ සෞඛ්‍ය ගැටළු හා අවශ්‍යතා ඇති පුද්ගලයින් ඇතුළත් වන පරිදි ලබා දෙන සායනික පුහුණුක් සහ අවසන් වසරේ පර්යේෂණ ව්‍යාපෘතියක්ද ඇතුළත්ව ඇත. සම්පූර්ණ පාඨමාලාවේ ඉගැන්වීමේ සහ විභාග කටයුතු වලදී ඉංග්‍රීසි මාධ්‍යය භාවිතා වේ.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...