මෙම පීඨය මඟින් විද්‍යාවේදී උපාධි 03 ක් වසර 03 කාලයක් සඳහා පිරිනමනු ලබන අතර වසර 04ක කාලයක් සඳහා පිරිනමනු ලබන විද්‍යාවේදී ගෞරව උපාධි 20 ක් පහත පරිදි වර්ගී කරණය කර ඇත.
විද්‍යාවේදී උපාධි පාඨමාලාව වසර 03 කාලයක් සඳහා පහත සඳහන් විෂය සංකලන අනුව ජීව විද්‍යා විෂය ධාරාවෙන් සහ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් පිරිනමනු ලැබේ.
අධ්‍යයන පාඨමාලාව | විෂය සංකලන (නියමිත අවස්ථා වලදී) | ඉ/ මා |
ජෛවීය විද්‍යාව
|
ජෛව රසායන විද්‍යාව – රසායන විද්‍යා – ක්ෂුද්‍ර ජීව විද්‍යාව
|
E* |
ජෛව රසායන විද්‍යාව – රසායන විද්‍යාව – ශාක ජීව විද්‍යාව | E* | |
ජෛව රසායන විද්‍යාව – රසායන විද්‍යාව – සත්ත්ව විද්‍යාව | E* | |
රසායන විද්‍යාව – පරිගණක අධ්‍යයනය – ශාක ජීව විද්‍යාව | E* | |
රසායන විද්‍යාව – පරිගණක අධ්‍යයනය – සත්ත්ව විද්‍යාව | E* | |
රසායන විද්‍යාව – ක්ෂුද්‍ර ජීව විද්‍යාව – සත්ත්ව විද්‍යාව | E* | |
රසායන විද්‍යාව – ශාක ජීව විද්‍යාව – ක්ෂුද්‍ර ජීව විද්‍යාව
|
E* | |
රසායන විද්‍යාව – ශාක ජීව විද්‍යාව – සත්ත්ව විද්‍යාව
|
E* | |
භෞතීය විද්‍යාව
|
ව්‍යවහාරික ගණිතය – රසායන විද්‍යාව – ශුද්ධ ගණිතය | E* |
ව්‍යවහාරික ගණිතය – පරිගණක විද්‍යාව – ශුද්ධ ගණිතය | E* | |
ව්‍යවහාරික ගණිතය – භෞතික විද්‍යාව – ශුද්ධ ගණිතය | E* | |
ව්‍යවහාරික ගණිතය – ශුද්ධ ගණිතය – සංඛ්‍යානය | E* | |
රසායන විද්‍යාව – පරිගණක විද්‍යාව – ශුද්ධ ගණිතය | E* | |
රසායන විද්‍යාව – පරිගණක අධ්‍යයනය – ශුද්ධ ගණිතය | E* | |
පරිගණක විද්‍යාව – භෞතික විද්‍යාව – ශුද්ධ ගණිතය | E* | |
පරිගණක විද්‍යාව – ශුද්ධ ගණිතය – සංඛ්‍යාතය | E* | |
පරිගණක අධ්‍යයනය – ඉලෙක්ට්‍රොනික විද්‍යාව – භෞතික විද්‍යාව | E* | |
ඉලෙක්ට්‍රොනික විද්‍යාව – භෞතික විද්‍යාව – ශුද්ධ ගණිතය | E* |
* පළමු වසරේ පළමු සමාසිකයේ දී පාඨමාලා සිංහල/ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබන අතර දෙවන සමාසිකයේ සිට පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත් වේ.
පාඨමාලා සඳහා ඇති ඉල්ලුම නියමිත ප්‍රමාණය ඉක්මවන විට, ජෛවීය විද්‍යා විෂය ධාරාවෙහි සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් බඳවා ගනු ලබන පාඨමාලා සඳහා පළමු අධ්‍යයන වර්ෂයේ පළමු සමාසිකය තුළ පවත්වන පරීක්ෂණ වලදී දක්වන කුසලතාවය පදනම් කරගෙන පළමු අධ්‍යයන වර්ෂයේ දෙවැනි සමාසිකය ආරම්භයේදී ශිෂ්‍යයන් තෝරා ගනු ලැබේ. ජෛවීය විද්‍යා විෂය ධාරාවෙහි ජෛව රසායන විද්‍යාව, පරිගණක අධ්‍යයනය සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාව යන විෂයයන් සඳහා සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් බඳවාගනු ලැබේ.
භෞතීය විද්‍යා විෂයය ධාරාවෙහි සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් බදවා ගනු ලබන පාඨමාලා සඳහා පළමු වසර පළමු සමාසිකය ආරම්භයේදී ශිෂ්‍යයන් තෝරාගනු ලැබේ. භෞතීය විද්‍යා විෂයය ධාරාවෙහි රසායන විද්‍යාව, පරිගණක විද්‍යාව, පරිගණක අධ්‍යයනය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, භෞතික විද්‍යාව සහ සංඛ්‍යානය යන විෂයයන් සඳහා සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් බදවා ගනු ලැබේ.
විද්‍යාර්ථයකු විසිත් වසර තුන ඇතුළත පෙනී සිටි සියලුම පාඨමාලා ඒකක වලට අදාළ අධ්‍යයන සම්භාර විද්‍යාවේදී උපාධිය හා පරිසර සංරක්ෂණ හා කළමනා කරණ විද්‍යාවේදී උපාධිය ප්‍රධානය කිරීම සඳහා සලකා බලනු ලැබේ.
දෙවන වසර අවසානයේදී විද්‍යා පිඨයේ ශිෂ්‍යයෙකුට පහත සඳහන් ඕනෑම විෂයයක් ගෞරව උපාධි වැඩසටහන සඳහා හැදෑරීමට අයදුම් කළ හැකිය. සිව් වසරක සම්පුර්ණ කාල පරිච්ඡේදය තුළ සමුච්චිතව ඇති සියලුම අධ්‍යයන ඒකක විද්‍යාවේදී ගෞරව උපාධිය පිරිනැමීම සඳහා සළකා බලනු ලැබේ.
අනු අංකය | උපාධි පාඨමාලාව | කාල සීමාව |
01 | ජෛව රසායන විද්‍යාව – විද්‍යාවේදී ගෞරව |
වසර 4
|
02 | රසායන විද්‍යාව – විද්‍යාවේදී ගෞරව | |
03 | පරිගණක විද්‍යාව – විද්‍යාවේදී ගෞරව | |
04 | පරිගණක අධ්‍යයනය – විද්‍යාවේදී ගෞරව | |
05 | ඉලෙක්ට්‍රොනික විද්‍යාව – විද්‍යාවේදී ගෞරව | |
06 | ගණිතමය භෞතික විද්‍යාව – විද්‍යාවේදී ගෞරව | |
07 | ගණිතය – විද්‍යාවේදී ගෞරව | |
08 | ක්ෂුද්‍රජීව විද්‍යාව – විද්‍යාවේදී ගෞරව | |
09 | අණුක ජීව විද්‍යාව සහ ශාක ජෛව තාක්ෂණය – විද්‍යාවේදී ගෞරව | |
10 | භෞතික විද්‍යාව – විද්‍යාවේදී ගෞරව | |
11 | ශාක ජීව විද්‍යාව – විද්‍යාවේදී ගෞරව | |
12 | සංඛ්‍යාතය – විද්‍යාවේදී ගෞරව | |
13 | සත්ත්ව විද්‍යාව – විද්‍යාවේදී ගෞරව |
කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය මඟින් දැනට පිළිවෙලින් වසර 3 සහ 4 ගතවන පරිසර සංරක්ෂණය හා කළමනාකරණය විද්‍යාවේදී සහ විද්‍යාවේදී ගෞරව යන උපාධි පාඨමාලා දෙකම පවත්වා ගෙන යයි.
මෙම උපාධි පාඨමාලාව ජාතික හා ගෝලීය පරිසර සංරක්ෂණ හා කළමනාකරණ ගැටළු හා අවශ්‍යතා වෙත යොමු කර ඇත. එහි විෂය නිර්දේශය පරිසර කළමනා කරණය, රසායන විද්‍යාව, සත්ත්ව විද්‍යාව, ශාක ජීව විද්‍යාව සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාව යන විෂය සංකලනයන් හා අදාළව සකසා ඇත. මෙම විෂය නිර්දේශය මඟින් ශාක හා සතුන්ගේ විවිධත්වය (Diversity of Plant and Animal), පරිසර විද්‍යාව (Ecology), වන විද්‍යාව (Forestry), ජල විද්‍යාව (Hydrology), ජල සම්පත් කළමනාකරණය (Water Resources Management), වන ජිවි කළමනා කරණය (Wildlife Management), සංරක්ෂණ ජීව විද්‍යාව (Conservation Biology), පරිසර
ආර්ථික විද්‍යාව (Environmental Economics), පාංශු සංරක්‍ෂණය (Soil Conservation), වායුතත්ව කළමනාකරණය (Air Quality Management), ඝන අපද්‍රව්‍ය, අපජල සහ අන්තරායකාරී අපද්‍රව්‍යය කළමනාකරණය (Solid Waste, Waste Water and Hazardous Waste Management), පරිසර තත්ත්ව ප්‍රමාණනය (Environment Monitoring), පාරිසරික සෞඛ්‍යය (Environment Health), පාරිසරික ඇගයීම් ක්‍රම වේදයන් (Environment impact assesment practices), GIS සහ දුරස්ථ සංවේදක උපයෝගීතාවන් (GIS and remote sensing applications), පාරිසරික ප්‍රතිපත්ති හා නීති සම්පාදනය (Environmental Policies and Legislation), දේශගුණික 5 (Climatic Changes), ຫາວິ ຊາວ (Natural Disasters), 65 1 5 (Green Technologies), වැනි විශේෂිත වූ ක්‍ෂේත්‍රයන්හි නිපුණතාවක් ලැබීමට ඉඩ සැලසේ. මෙම උපාධි පාඨමාලාවේදී සියලුම සිසුන්ට පරිසර සංරක්ෂණය හා කළමනා කරණය හා අදාළ කර්මාන්තයක් ආශ්‍රිතව මනා කාර්මික හා වෘත්තීය නිපුණතාවයක් ලබා දෙයි. එමෙන්ම පරිසර සංරක්ෂණය හා කළමනාකරණය හා අදාළ ක්‍ෂේත්‍රයක් ආශ්‍රිතව පර්යේෂණ ව්‍යාපෘති සිදු කිරීම සඳහා අදාළ පුහුණුවක්ද ලබා දෙයි. විද්‍යාවේදී උපාධි අපේක්ෂකයන් විසින් කෙටි කාලීන කණ්ඩායම් පර්යේෂණ ව්‍යාපෘතියක් සිදු කරන අතර, ගෞරව උපාධි අපේක්ෂකයන් විසින් වර්ෂයක් තුළ සම්පූර්ණ කරන ඒකල විශේෂ පර්යේෂණ ව්‍යාපෘතියක් සිදු කරයි. මෙයට අමතරව පරිසර සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳව ගැඹුරු මාතෘකා වෙතට ද එම ගෞරව උපාධි අපේක්ෂකයන් යොමු කරවයි.
දෙවන වසර අවසානයේදි පරිසර සංරක්ෂණය සහ කළමනා කරණය – විද්‍යාවේදී උපාධි පාඨමාලාව හදාරනු ලබන සිසුන් සඳහා පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය – විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා අයදුම් කළ හැකිය. ගෞරව උපාධිය පිරිනැමීම සඳහා සමස්ත අධ්‍යයන වර්ෂ හතර තුළ රැස් කරගත් සියලුම සම්භාර සලකා බලනු ලැබේ.
උපාධි පාඨමාලාව | කාල සීමාව | විෂය සංකලන (නියමිත අවස්ථා වලදී) | ඉ/ මා |
පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය විද්‍යාවේදී | වසර 3 | පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය | E |
පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය විද්‍යාවේදී ගෞරව | වසර 4 | පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය | E |
මෙය භෞතික විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව යන ප්‍රධාන විෂයයන් දෙකකින් සමන්විත වසර තුනක පාඨමාලාවකි. මෙහි අරමුණ අ. පො. ස. ( උසස් පෙළ) සඳහා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සංයුක්ත ගණිතය හෝ භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන විෂයයන් හදාරා ඇති සහ විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට අවශ්‍ය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවශ්‍යතා සපුරා ඇති විශේෂ ශිෂ්‍ය කණ්ඩායමක් ලෙස බඳවා ගැනීමයි.
උපාධිය සාර්ථකව නිම කිරීමේදී උපාධිධාරීන්ට භෞතික විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ උපාධි මට්ටමේ මනා දැනුමක්, නිපුණතාවයක් සහ අවබෝධයක් ද ඊට අමතරව ගණිතය සහ පරිගණක අධ්‍යයනය පිළිබඳව ද මනා දැනුමක් සහිත උපාධිධාරීන් ලෙස වැඩ කටයුතු කිරීමට හැකිවේ.
කැලණිය විශ්ව විද්‍යාලයේ සංඛ්‍යානය සහ පරිගණක විද්‍යා අධ්‍යයන අංශයේ සහ ගණිත අධ්‍යයන අංශයේ සහය ඇතිව භෞතික විද්‍යා සහ ඉලෙක්ට්‍රොනික විද්‍යා අධ්‍යයන අංශ විසින් මෙම උපාධි පාඨමාලාව මෙහෙයවනු ලබයි.
උපාධි පාඨමාලාව | කාල සීමාව | විෂය සංකලන (නියමිත අවස්ථා වලදී) | ඉ/ මා |
භෞතික විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව – විද්‍යාවේදී | වසර 3 | භෞතික විද්‍යාව සහ ඉලෙක්ට්‍රොතික විද්‍යාව |
E* |
* පළමු වසරේ පළමු සමාසිකයේදී පාඨමාලාව සිංහල / ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබන අතර දෙවන සාමාසිකයේ සිට පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත් වේ.
ව්‍යවහාරික රසායන විද්‍යා පාඨමාලාව සකස් කර ඇත්තේ රසායන විද්‍යාවේ මූලික මූලධර්ම සහ එහි යෙදීම් පිළිබඳ අවශ්‍ය දැනුම සහ අවබෝධය, රසායනාගාරවල භාවිතා කරන විශ්ලේෂණ ශිල්පීය ක්‍රම පිළිබඳ කුසලතා, රසායන විද්‍යාවේ කර්මාන්ත ආශ්‍රිත ක්‍ෂේත්‍ර වල උසස් දැනුම. එමඟින් උපාධි අපේක්ෂයින් විවිධාංගීකරණය කිරීම මඟින් ජාතික හා ගෝලීය අවශ්‍යතාවලට අදාළව, උපාධිධාරීන්ගේ සේවා නියුක්තිය වැඩි කිරීම.
රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව විෂයයන් සමඟින් අ. පො. ස. (උසස් පෙළ) විභාගය සමත් අයදුම්කරුවන්ගේ Z අගය මතපදනම්ව සෘජු බඳවා ගැනීමක් ලෙස ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තෝරා ගැනීම සිදු කරනු ලැබේ. (ජීව විද්‍යාව හෝ භෞතික විද්‍යාව විෂය ධාරාව)
උපාධි පාඨමාලාව | කාල සීමාව | විෂය සංකලන (නියමිත අවස්ථා වලදී) | ඉ/ මා |
රසායන විද්‍යාව – විද්‍යාවේදී ගෞරව | වසර 4 | ව්‍යවහාරික රසායන විද්‍යාව | E |
2020/2021 අධ්‍යයන වර්ෂයේ සිට විද්‍යා පීඨය මගින් ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ පරිගණක විද්‍යාව ගෞරව උපාධි පාඨමාලාව ඉදිරිපත් කර ඇත. නවීන යුගයේ ජාතික ආර්ථිකයට දායක විය හැකි දෘඩාංග සහ මෘදුකාංග යන දෙඅංශයෙන්ම නිපුණ උපාධිධාරීන් බිහි කිරීම සඳහා මෙම උපාධි වැඩසටහනින් ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ පරිගණක විද්‍යාව යන ක්‍ෂේත්‍ර වල න්‍යායික සහ ප්‍රායෝගික දැනුම සපයයි.
උපාධි පාඨමාලාව | කාල සීමාව | විෂය සංකලන (නියමිත අවස්ථා වලදී) | ඉ/ මා |
ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ පරිගණක විද්‍යාව – විද්‍යාවේදී ගෞරව | වසර 4 | ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ පරිගණක විද්‍යාව | E |
කළමනා කරණය හා තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලාවට බඳවා ගන්නා සිසුන්හට කළමනා කරණය සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සහ (MIT) සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය (IT) යන දෙකකින් එකක් හැදෑරීමට අවස්ථාව ලැබේ. මෙම උපාධි පාඨමාලාවේ පළමු අධ්‍යයන වර්ෂය, තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥ දැනුමක් ලැබෙන පරිදි හෝ කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය යන විෂය සංකලනයෙහි ප්‍රවීණත්වයක් ලැබෙන පරිදි හෝ අධ්‍යයන කටයුතු සිදු කරගෙන යාමට අවශ්‍ය පදනම සකස් කරෙන ලෙස නිර්මාණය කර ඇත. ප්‍රථම අධ්‍යයන වර්ෂය අවසානයේදී දක්වා ඇති කුසලතා සහ තමන්ගේ රුචිකත්වය මත ඉහත උපාධි පාඨමාලා දෙක සඳහා සිසුන් තෝරා ගැනේ.
6.1 තොරතුරු තාක්ෂණය – විද්‍යාවේදී ගෞරව (BSc Hons in Information Technology)
කුසලතා සපිරි තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශීය ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගෙන මෙම සිව් අවුරුදු ගෞරව උපාධි පාඨමාලාව නිර්මාණය කර ඇත. මෙම පාඨමාලාවේ විෂය නිර්දේශය ACM, IEEE වැනි ලොව පිළිගත් වෘත්තීය සංගම්වල නිර්ණායක වලට අනුකූලවන අතර මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering), දත්ත විද්‍යාව (Data Science), පද්ධති ඉංජිනේරු (Systems Engineering), දත්ත සමුදා පරිපාලනය (Database Administration), පරිගණක ජාල ඉංජිනේරු විද්‍යාව Network Engineering), ව්‍යාපාර විශ්ලේෂණය (Business Analysis), මෘදුකාංග තත්ත්ව ඉංජිනේරු විද්‍යාව (Software Quality Engineering) ඇතුලු තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ පිළිගත් වෘත්තීන්හි නියැලීමට සිසුන්ට අවශ්‍ය දැනුම, කුසලතා සහ ආකල්ප ලබාදීම එහි ප්‍රමුඛතම ඉලක්කය වේ. මෙයට අමතරව කළමනා කරණ ක්‍ෂේත්‍රයේ වැදගත් විෂය කොටස් හැදෑරීමට විෂය නිර්දේශය තුළ අවස්ථා සලසා දී ඇති අතර එම දැනුම සිසුන් හට ක්‍රමානුකූලව තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ දක්ෂ කළමනා කරුවන් මෙන් ම සාර්ථක ව්‍යාපාරිකයින් බවට පත්වීමට විශාල පිටිවහලක් වේ.
6.2 කළමනා කරණය හා තොරතුරු තාක්ෂණය විද්‍යාවේදී ගෞරව (BSc Hons in Management and Information Technology)
මෙම සිව් අවුරුදු උපාධි පාඨමාලාව මගින් කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර දෙකෙහි සංකලනයක් ලෙස විශාල පරාසයක දැනුම සහ කුසලතා ලබා දීම සිදු කෙරේ. මෙම උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා තෝරා ගැනෙන සිසුන් නට සිය තෙවන වර්ෂයේ සිට ව්‍යාපාර පද්ධති ඉංජිනේරු විද්‍යාව, මෙහෙයුම් හා සැපයුම් දාම කළමනා කරණය සහ තොරතුරු පද්ධති යන ක්ෂේත්‍ර වලින් එකක නිපුත්තාවය ලබා ගැනීම ඉලක්ක කොට ගෙන සිය අධ්‍යයන කටයුතු කරගෙන යාමට වැඩිදුරටත් අවස්ථාව හිමි වේ.
අ)ව්‍යාපාර පද්ධති ඉංජිනේරු විද්‍යාව (Business Systems Engineering)
ව්‍යාපාර පද්ධති ඉංජිනේරු විද්‍යාව උපාධි පාඨමාලාව හැදෑරීම මඟින් සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා වන ව්‍ය – පාර උපක්‍රම, කාර්යයන් සහ ගණු දෙනු හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා සවිස්තර ප්‍රවේශයක් ලබා දීම සිදු කෙරේ. ගෝලීය වෙළඳ පොළ තුළ තරඟකාරී ලෙස හැසිරීමට අපගේ ව්‍යාපාර සංවිධාන සහ ඒවායෙහි ක්‍රියාවලින් ලොව පිළිගත් විශිෂ්ඨ කළමනා කරණ භාවිතයන්ට ගැළපෙන ලෙස ප්‍රතිනිර්මාණය කිරීම වැදගත් වන අතර ඒ සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම තුළින් නව ව්‍යාපාරික අවස්ථාවන් උත්පාදනයට ඉඩ සැලසේ.
ආ)මෙහෙයුම් සහ සැපයුම් දාම කළමනාකරණය(Operating and Supply Chain Management )
මෙහෙයුම හා සැපයුම් දාම කළමනා කරණය පාඨමාලාවේ පදනම තොරතුරු තාක්ෂණ මුලධර්ම යොදා ගනිමින් ලොව පිළිගත් විශිෂ්ඨ ක්‍රමෝපායන් භාවිතය හරහා සැපයුම් දාම ( Supply Chain ) මෙහෙයුම් කළමනා කරණය කිරීම වේ. මෙම පාඨමාලාවේ අන්තර්ගතය, ඒ සඳහා අවශ්‍ය වන වෘත්තිමය දැනුම සහ කුසලතාවයන් වැඩි දියුණු කිරීම අරමුණු කොට ගෙන නිර්මාණය කර ඇත.
ඇ) තොරතුරු පද්ධති (Information Systems)
වර්තමාන ලෝකයේ ව්‍යාපාර සඳහා කරනු ලබන ආයෝජන වල උපරිම ප්‍රතිලාභ ලබාගැනීමෙහිලා තොරතුරු පද්ධති ක්‍රමෝපායික වැදගත්කමක් උසුලන අතර ඒ සඳහා යොදා ගන්නා තොරතුරු තාක්ෂණ සම්පත් නිසි ලෙස කළමනා කරණ ය කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වේ. ව්‍යාපාර ආයතන වල ක්‍රමෝපායන් සහ ක්‍රියාවලින් සමග තදින් බැඳී ඇති තොර තුරු පද්ධති නිසි ලෙස පවත්වා ගෙන යාමට, වැඩි දියුණු කිරීමට මෙන් ම එයට අවශ්‍ය මානව හා භෞතික සම්පත් නිසි -ලෙස කළමනා කරණය කිරීමට අවශ්‍ය දැනුම සහ කුසලතා සපිරි වෘත්තිකයන් බිහිකිරීම මෙම පාඨමාලාවේ අරමුණ වේ.
උපාධි පාඨමාලාව | කාල සීමාව | විෂය සංකලන (නියමිත අවස්ථා වලදී) | ඉ/ මා |
තොරතුරු තාක්ෂණය – විද්‍යාවේදී ගෞරව /කළමනා කරණ සහ තොරතුරු තාක්ෂණය විද්‍යාවේදී ගෞරව | වසර 4 | තොරතුරු තාක්ෂණය – කළමනා කරණ සහ තොරතුරු තාක්ෂණය | E |
ජාත්‍යන්තරව පිළිගත් ACM මාර්ගෝපදේශයන්ට අනුව මෙම සිව් අවුරුදු උපාධි පාඨමාලාව සකස් කර ඇත. එමඟින් සිසුන්ට අවශ්‍ය කුසලතා, දැනුම මෙන්ම දේශීය හා ජාත්‍යන්තර තලයේ මෘදුකාංග ඉංජිනේරුවන් ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය ආකල්ප නා ඉංජිනේරු පුහුණුව ලබා ගැනීමට මෙම උපාධි පාඨමාලාව උපකාරී වේ. භය මාසයක ප්‍රායෝගික සීමාවාසික පුහුණු කාල සීමාවක් සඳහා ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ පිළිගත් සමාගම් සන ආයතන වෙත සිසුන් යොමු කරන අතර එමගින් ඔවුන් ලබා ගන්නා තාක්ෂණික දැනුම සහ පළපුරුද්ද ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට සහ වෘත්තීය භාවිතය වැඩි දියුණු කර ගැනීමට ද අවස්ථාව හිමි වේ. මීට අමතරව මෙම උපාධි පාඨමාලාවේ ඇති සුවිශේෂිත්වය වන්නේ පළපුරුදු උපදේශකයන්ගේ මග පෙන්වීම යටතේ අවසන් වර්ෂයේ මෘදුකාංග ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ ශාස්ත්‍රීය පර්යේෂණයක් සිදු කිරීමට අවස්ථාව උදාවීමයි. මෙම උපාධි පාඨමාලාව සඳහා මෘදුකාංග ඉංජිනේරු විශේෂිත වූ ක්‍ෂේත්‍ර 6 ක් අන්තර්ගත කර ඇති අතර සිසුන්ගේ කැමැත්ත අනුව ඒවා තෝරා ගැනීමට නම්‍යශීලී භාව භාවයක් ලබා දී ඇත. වෙබ් කේන්ද්‍රීය (Net Centric), ජංගම දුරකතන සඳහා පරිගණක කරණය (Mobile Computing), පරිගණක ක්‍රීඩා සහ සඡීවනය (Digital Gaming and Animations), සෞඛ්‍ය තොරතුරු තාක්ෂණය (Health Informatics), බුද්ධිමය ව්‍යාපාර පද්ධති (Business Engineering Applications) සහ දත්ත විද්‍යාව (Data Science and Engineering Applications) එම ක්‍ෂේත්‍රයන් වේ.
අ) වෙබ් කේන්ද්‍රීය (Net Centric)
වෙබ් කේන්ද්‍රීය විෂය ක්‍ෂේත්‍රය මගින් උසස් වෙබ් යෙදුම්, බෙදා හැරීම් සහ වලාකුළු පරිගණක කරණය සහ අර්ථකතන වෙබ් සහ ඔන්ටොලොජිකල් ඉංජිනේරු විද්‍යාවේ සාර්ථක මෘදුකාංග ඉංජිනේරුවන් වීමට අවශ්‍ය උසස් කුසලතා සහ දැනුම වර්ධනය කිරීම අරමුණු කරයි.
ආ) ජංගම දුරකතන සඳහා පරිගණකකරණය (Mobile Computing)
ජංගම පරිගණක කරණය යනු දැවැන්ත වෙළඳපල විභවයක් සන වර්ධනයක් ඇති වේගයෙන් නැගී එන ක්‍ෂේත්‍රයකි. මෙම විෂය ක්‍ෂේත්‍රය හැදෑරීමට අවකාශය සැලසීම මගින් ජංගම පරිගණක තාක්ෂණයන්, ජංගම ජාල සහ ජංගම යෙදුම් සංවර්ධනයට අදාළ උසස් කුසලතා ගොඩ නැගීමට අවශ්‍ය සම්පුර්ණ දැනුමක් සපයයි.
ඇ) පරිගණක ක්‍රීඩා සහ සජීවනය (Digital Gaming and Animations)
මෙම ක්‍ෂේත්‍රයෙන් අති නවීත ඩිජිටල් ක්‍රීඩා සහ සජීවීකරණ තාක්ෂණයන් පිළිබඳ දැනුම ලබා දෙන අතර ඩිජිටල් ක්‍රීඩා සහ සජීවී කරණ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය උසස් කුසලතා ගොඩනඟා ගැනීමට උපකාරී වේ.
ඈ) සෞඛ්‍ය තොරතුරු තාක්ෂණය (Health Informatics)
මෙම විෂය ක්‍ෂේත්‍රය හැදෑරීමට අවකාශ සැලසීම මගින් සෞඛ්‍ය තොරතුරු කළමනා කරණය, සෞඛ්‍ය තොරතුරු පද්ධති සැලසුම් කිරීම සහ සංවර්ධනය සහ වෛද්‍ය රූපකරණය සහ ජෛව වෛද්‍ය සංඥා සැකසීම පිළිබඳ උසස් දැනුමක් ලබා දී ම අරමුණු කරයි.
ඉ) ව්‍යාපාර ඉංජිනේරු යෙදුම් (Business Engineering Applications)
මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව නවීන ව්‍යාපාරික යෙදුම් වල අනිවාර්ය අංගයක් වේ. ව්‍යාපාර ඉංජිනේරු යෙදුම් විශේෂීකරණය පාඨමාලාව මඟින් ව්‍යාපාර ක්‍රියාවලි සහ සේවා වැඩිදියුණු කිරීම සඳහා මෘදුකාංග ඉංජිනේරුවෙකු විසින් අනුගමනය කළ යුතු සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ කුසලතා පිළිබඳ දැනුම් වර්ධනය කරයි. මෙම විෂය මාලාවට ව්‍යාපාර පද්ධති ආකෘති නිර්මාණය සහ ප්‍රශස්ත කරණය, පරිගණක පාදක මෙහෙයුම් කළමනාකරණය සහ ව්‍යාපාර ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාව යන විෂය ධාරාවන් ඇතුළත් වේ.
ඊ) දත්ත විද්‍යාව සහ ඉංජිනේරු යෙදුම් (Data Science and Engineering Applications)
දත්ත විද්‍යාව සහ ඉංජිනේරු යෙදුම් විෂය ක්‍ෂේත්‍රය තුළින් ව්‍යාපාර බුද්ධිය සහ කළමනා කරණ ආධාරක පද්ධති ගොඩනැගීම. විශාල දත්ත යටිතල පහසුකම සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම, තීක්ෂණ බුද්ධිය ලබා දීම සහ නව සබඳතා සොයා ගැනීම සඳහා විශාල දත්ත විශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය ඉහළ දැනුම සහ කුසලතා වලින් සිසුන් සන්නද්ධ කිරීම අරමුණු කරයි.
උපාධි පාඨමාලාව | කාල සීමාව | විෂය සංකලන (නියමිත අවස්ථා වලදී) | ඉ/ මා |
මෘදුකාංග ඉංජිනේරු – විද්‍යාවේදී ගෞරව | වසර 4 | මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව | E |
ක්‍රීඩා විද්‍යාව විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව මඟින් ක්‍රීඩා විද්‍යාවේ සහ ඒ ආශ්‍රිත විෂය පථය උද්යෝගිමත් වෘත්තීන් සඳහා සිසුන්ගේ දැනුම, කුසලතා සහ මානසිකත්වය වැඩි දියුණු කිරීම අපේක්ෂා කරනු ලබයි.
සැබෑ ලෝකයේ යෙදුම සමඟ විද්‍යාත්මක න්‍යාය ඒකාබද්ධ කිරීම තුළින් මෙම උපාධි පාඨමාලාවේ මූලික විෂයයන් වන්නේ ජෛව යාන්ත්‍ර විද්‍යාව, ව්‍යායාම කායික විද්‍යාව, ව්‍යායාම මනෝ විද්‍යාව සහ පුහුණු විද්‍යාවයි. සිසුන් හට සීමාවාසික පුහුණුව, ක්‍ෂේත්‍ර වැඩ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීම, විවේචනාත්මක චින්තන කුසලතා වර්ධනය කිරීම සහ පර්යේෂණ විශේෂඥතාව ගොඩ නැගීම, ක්‍රීඩා කාර්යය සාධනය, සෞඛ්‍යය සහ සුවය ඇතුලත්ව මෙම විෂය මාලාව සකස් කර ඇත.
උපාධි වැඩසටහනට බාධාවකින් තොරව සංක්‍රමණය වීමට විවිධ අධ්‍යයන පසුබිම් වල සිසුන්ට සහාය වීම සඳහා විද්‍යාත්මක දැනුම සහ අත්‍යවශ්‍ය කුසලතා පිළිබඳ ශක්තිමත් පදනමක් ස්ථාපිත කිරීම අරමුණු කරගත් සති නතරක පදනම් පාඨමාලාවක් පවත්වනු ලබයි. මෙම පදනම් පාඨමාලාව ක්‍රීඩා විද්‍යාවේ සාමාන්‍ය පූර්ව අවශ්‍යතා නොමැති සිසුන්, වැඩසටහනට ප්‍රවේශ වීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා මාර්ගයක් සපයයි.
ක්‍රීඩා විද්‍යාව – විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව විද්‍යාර්ථීන් ක්‍රීඩා පුහුණු කිරීම, කාර්යය සාධන විශ්ලේෂණය, සෞඛ්‍ය සහ යෝග්‍යතා උපදේශනය, ක්‍රීඩා ඉසව් කළමනාකරණය සහ පර්යේෂණ මෙන්න්ම පශ්චාත් උපාධි මට්ටමින් වැඩිදුර අධ්‍යයනය සඳහා සූදානම්ව සිටින මනා දැනුමකින් යුතු වෘත්තිකයන් පිරිසක් බවට පත් වේ.
උපාධි පාඨමාලාව | කාල සීමාව | විෂය සංකලන (නියමිත අවස්ථා වලදී) | ඉ/ මා |
ක්‍රීඩා විද්‍යාව – විද්‍යාවේදී ගෞරව | වසර 4 | ක්‍රීඩා විද්‍යාව | E |
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.