WordPress WooCommerce Themes

වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය-කැළණිය විශ්වවිද්‍යාලය

වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය

කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය විසින් අ.පො.ස (උසස් පෙළ) විභාගය සඳහා වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිටි සිසුන් සඳහා සිව් අවුරුදු ගෞරව උපාධි පාඨමාලා පිරිනමනු ලැබේ. පිරිනමනු ලබන උපාධි පාඨමාලාවන් වනුයේ වාණිජ වේදී ගෞරව, ව්‍යාපාර කළමනා කරණවේදී මානව සම්පත් ගෞරව, ව්‍යාපාර කළමනා කරණවේදී ගණකාධිකරණ ගෞරව, ව්‍යාපාර කළමනා කරණවේදී අලෙවි කරණ ගෞරව, ව්‍යාපාර කළමනා කරණවේදී ඩිජිටල් අලෙවි කරණ ගෞරව, ව්‍යාපාර කළමනා කරණවේදි මුල්‍ය ගෞරව, ව්‍යාපාර කළමනා කරණ වේදි බැංකුකරණ ගෞරව, ව්‍යාපාර කළමනා කරණ වේදී රක්ෂණ ගෞරව සහ ව්‍යාපාර කළමනා කරණවේදී මූල්‍ය ඉංජිනේරුකරණ ගෞරව යන පාඨමාලාවන්ය. වාණිජ විද්‍යා උපාධි පාඨමාලාව සඳහා තෝරා ගනු ලබන සිසුන් වාණිජ හා මූල්‍ය කළමනා කරණ දෙපාර්තමේන්තුවට සෘජුවම අනුයුක්ත කෙරෙන අතර කළමනා කරණ සිසුන් අනෙකුත් දෙපාර්තමේන්තු මගින් පවත්වන පාඨමාලා සඳහා තෝරා ගනු ලබන පදනම ඔවුන්ගේ Z – අගය, කැමැත්ත සහ ඔවුන් විශ්ව විද්‍යාලයට ඇතුලත් වන ප්‍රදේශය මතය.

වාණිජවේදී ගෞරව

නුතන ලෝකයේ ව්‍යාපාර සංවිධාන බහුල වශයෙන් තොරතුරු තාක්ෂණයේ බලපෑමට ලක්ව ඇති අතර එමඟින් මෙතෙක් පැවති සාම ප්‍රදායික ව්‍යාපාර ක්‍රියාවලි වෙනුවට විද්‍යුත් ව්‍යාපාර කරණය, විද්‍යුත් වාණිජය, විද්‍යුත් මූල්‍යකරණය, විද්‍යුත් අලෙවිකරණය සන ව්‍යාපාරික සම්පත් සැලසුම් කරණ (ERP) පද්ධති භාවිතය දක්වා ප්‍රබල වශයෙන් නැඹුරු වී ඇත. මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ මෙවන් නූතන ව්‍යාපාර සංවිධාන වල අභියෝග වලට මුහුණ දීමට සහ නුතන ව්‍යාපාරික ලෝකයේ පවතින අවස්ථා හඳුනා ගෙන තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය වන දැනුම, කුසලතා හා ආකල්ප වලින් සන්නද්ධ වෘත්තීමය නිපුණත්වයෙන් හෙබි උපාධිධරයෙකු බිහි කිරීමයි. නූතන ව්‍යාපාර ලෝකයේ පවතින විකල්ප අංශ කෙරෙහි ශිෂ්‍යයින්ගේ ඇති කැමැත්ත තෘප්තිමත් කිරීම

සඳහා, වාණිජ හා මූල්‍ය කළමනා කරණ දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයන පාඨමාලා හතරක් (4 ) හඳුන්වා දී ඇත.

  • වාණිජ වේදි ගෞරව
  • වාණිජ වේදි ව්‍යවසායකත්ව ගෞරව
  • වාණිජ වේදි ව්‍යාපාර තාක්ෂණය ගෞරව
  • වාණිජ වේදී මූල්‍ය කළමනාකරණ ගෞරව

උපාධි පාඨමාලාවන් හතර (4) සඳහාම පළමු වසර පොදු වන අතර සිසුනට ඔවුන්ගේ තෝරා ගත් අංශ මඟින් විශේෂිකරණය වීමට දෙවන වසර සිට අවස්ථාව ලැබේ. දෙවන වසර ආරම්භයත් සමඟ අධ්‍යයනාංශ විසින් සිසුන් අදාළ උපාධි පාඨමාලාවන්ට බෙදා වෙත් කරනු ලබන අතර එය සිදු කරනු ලබන්නේ පෙර තීරණය කරගත් විධිමත් තීරණ උපමානයන් අනුව වේ. සෑම වසර හතරකට (4) වරක් සියලුම විෂය නිර්දේශයන් යාවත් කාලීන කරනු ලබන අතර සෑම උපාධි පාඨමාලාවක්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලැබේ. සිව්වන වසරේදී සිසුන් ඔවුන්ගේ අධ්‍යයන ක්‍ෂේත්‍රය අනුව ප්‍රායෝගික පුහුණුවකට යොමු කරන අතර, එම කාලය තුළ දිවා කාලයේ දේශන වලින් නිදහස් කරනු ලබයි.

වාණිජවේදී ගෞරව

වාණිජ වේදී ගෙරෙව පාඨමාලාව පුළුල් වාණිජ විෂය ක්ෂේත්‍රයන් රැසක් ආවරණය වන පරිදි ගොඩනගා ඇත. වාණිජනා කළමනා කරණ විෂය ක්ෂේත්‍රයට අදාළ ප්‍රායෝගික හා න්‍යායික පරිචයන්ගේ දැනුම ලබා ගත හැකි පරිදි විෂය ක්‍ෂේත්‍රය සකසා ඇති අතර, එමගින් දේශීය හා විදේශීය තරඟකාරීත්ව ව්‍යාපාරික ලෝකයට අවශ්‍ය වන වෘත්තිකයන් බිහි කිරීම අපේක්ෂා කෙරේ.

වාණිජවේදී ව්‍යවසායකත්ව ගෞරව

වාණිජ වේදි ව්‍යවසායකත්ව ගෞරව පාඨමාලාව ගොඩනගා ඇත්තේ ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමටත් ක්‍රියාවෙහි යෙදවීමටත් ඒ තුළින්තනි පුද්ගල හා සංස්ථාපනික ව්‍යවසායකත්ව සංස්කෘතියක් ප්‍රචලිත කිරීමටය. මෙම අවකාශය තවත් පුළුල් කරමින්, මෙම අධ්‍යයන පාඨමාලාව නව ව්‍යාපාර ආරම්භ කිරීමේ ක්‍රියාවලිය හා සංස්ථාපිත සංස්ථාපතික නායකයන් ලෙසින් විශාල ව්‍යවසායකත්ව සමාගම කළමනා කරණය කිරීමත් පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම හැකියාවන් සිසුනට ලබාදේ.

වාණිජවේදී ව්‍යාපාර තාක්ෂණය ගෞරව

වර්තමාන ව්‍යාපාරික ලෝකය තාක්ෂණය හා නිතැතින්ම බැඳි පවතී. මෙම සබැඳි පවතින විද්‍යුත් වාණිජ්‍ය, විද්‍යුත් ව්‍යාපාර කරණය, විද්‍යුත් අලෙවිකරණය, ව්‍යාපාර විශ්ලේෂණය, තවෝත්පාදන තා නව නිෂ්පාදන බිහි කිරීම, සැපයුම්දාම කළමනා කරණය යන ක්‍ෂේත්‍ර සඳහා දේශීයව හා ජාත්‍යන්තරව ඉතා ඉහල ඉල්ලුමක් ඇත. ඒ හා අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ නුතන ව්‍යාපාර උපාධියකට අවශ්‍ය සියලුම නිපුත්තා කරුණු ගෙනහැර දක්වන උපාධි පාඨමාලාවක් ලෙස වාණිජ වේදී ව්‍යාපාර තාක්ෂණ ගෞරව පාඨමාලාව නැදින්විය හැකිය. එම නිසා මෙම උපාධිය නවීන ව්‍යාපාර ක්‍ෂේත්‍රය සඳහා වූ උපාධියක් ලෙස හදුන්වනු ලබන අතර සිසුනට නූතන වාණිජ හා ව්‍යාපාර කළමනා කරණ අංශයේ දැනුමට අමතරව, ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය පිළිබඳ නිපුන්තාවයන් ලබාදීම මෙයින් අපේක්ෂා කරයි.

වානිජවේදී මූල්‍ය කළමනා කරණ ගෞරව

ගිණුම් කරණ හා මූල්‍ය වෘත්තිකයන්ගේ දේශීය හා විදේශීය වශයෙන් වර්ධනය වන ඉල්ලුම සපුරාලීම සඳහා වෘත්තිකයන් පුහුණු කිරීමට වාණිජ වේදී මූල්‍ය කළමනා කරණ ගෞරව පාඨමාලාව හඳුන්වා දී ඇත. මෙම ක්ෂේත්‍රයේ අති දක්ෂ ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය වන සියලුම විෂයන් මෙම පාඨමාලාවට ඇතුළත් කර ඇත. තව ද මෙම සමස්ත පාඨමාලාව නිමවා ඇත්තේ සිසුනට අවශ්‍ය ක්ෂේත්‍රය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දෙන ආකාරයටයි.

ව්‍යාපාර කළමනා කරණවේදී මානව සම්පත් ගෞරව

මෙරට පෞද්ගලික හා රාජ්‍ය අංශයන්හි උපක්‍රමික අරමුණු සාක්ෂාත් කරගනු පිණිස, විභව මානව සම්පත් හඳුනා ගැනීම හා සංවර්ධනය කිරීමේ මුඛ්‍ය පරමාර්ථය පෙරදැරිව, මානව සම්පත් කළමනා කරණ අධ්‍යයන අංශය වර්ෂ 1999 සිට මානව සම්පත් ගෞරව උපාධිය

දැයේ දු දරුවන් හට පිරිනමනු ලබයි. එහි ආචාර්ය මඬුල්ල හා සිසු දරුවන් අධ්‍යයන අංශයේ දැක්ම වන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මිනිස් බල විසඳුම් සලසන්නා බවට පත්වීම හා මෙහෙවර වන මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත පර්යේෂණ, උපදේශන සේවා හා රැකියා වෙළඳ පොළේ මානව සම්පත් ක්‍ෂේත්‍රයේ රැකියා හා වෘත්තීමය සේවා සම්බන්ධයෙන් විශ්වසනීයම විකල්පය වීම වටා එක්රොක් වී පොදු අරමුණකින් ඉගැනීම්, පර්යේෂණ හා විෂය බාහිර ක්‍රියාකාරකම් වල නියැලේ

ව්‍යාපාර කළමනා කරණ රාමුවේ ප්‍රධාන ශ්‍රිතයන් වන මූල්‍ය කළමනා කරණය, අලෙවි කළමනා කරණය, තොරතුරු පද්ධති කළමනා කරණය, සමස්ත තත්ත්ව කළමනාකරණය, ව්‍යාපාර හා කම්කරු නීතිය මෙන්ම ව්‍යාපෘති කළමනාකරණය සම්බන්ධ දැනුම සිසු දරුවන්ට ලබා දෙමින් එහි හර විෂය වන මානව සම්පත් කළමනා කරණය වෙත තියුණු අවධානයක් යොමු කරමින් මානව සම්පත් අභිමුඛ වූ සමස්ත ව්‍යාපාර කළමනා කරණ දැනුමින් සිසු දරුවන් සන්නද්ධ කරනු ලබයි. හුදෙක් දැනුමට පමණක් සීමා නොවී ගතික ව්‍යාපාර පරිසරයට ගැළපෙන නව කුසලතා හා වටිනාකම් වලින් පිරිපුන් විද්‍යාර්ථීන් බිහි කිරීමට අධ්‍යයන අංශය නිරන්තරයෙන් බැඳී සිටියි. අනාගත ලෝකයට අවැසි විවිධ මෘදු කුසලතා සංවර්ධනය කර ගැනීමට වේදිකාවක් සකසමින්, මානව සම්පත් තොරතුරු පද්ධති (Human Resource Information Systems) සම්බන්ධ තව දැනුම විද්‍යාර්ථීන් හට ලබා දෙනු පිණිස පෞද්ගලික අංශයේ ආයතනයක් හා එක්ව උසස් සහතික පත්‍ර පාඨමාලාවක් පිරිනමනු ලබයි. මීට අමතරව තවත් පෞද්ගලික ආයතනයක් හා සබැඳිව “Skills For Work ” උසස් සහතික පත්‍ර පාඨමාලාවක් ද සිසු දරුවන්ට නොමිලේම පිරිනමනු ලබයි.

මානව සම්පත් කළමනා කරණ ක්‍ෂේත්‍රයෙන්තම උසස් අධ්‍යාපනය තොරා ගැනීමෙන් මෙහි පැමිණෙන යම් විද්‍යාර්ථියෙක් එම අංශයටම සීමා වීමක් අදහස් නොකෙරේ. මන්ද මෙම අධ්‍යනාංශයේ යම් විද්‍යාර්ථියෙක් හට මානව සම්පත් කළමනා කරණයෙන් ඉගෙනීමේ කටයුතු කරන අතරවාරයේ දීම, මූල්‍ය හා විගණනය, අලෙවි කළමනා කරණය, කළමනාකරණ තොරතුරු පද්ධති හෝ නීති යන අංශ වලින් ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට පහසුකම් සලසයි. සියලුම විද්‍යාර්ථන් ඇගයීම සිදු කරනු ලබන්නේ අධීක්ෂණය කරන ලද පර්යේෂණ නිබන්ධන හා අනිවාර්ය පැය 600 කින් සමන්විත ආයතනික ප්‍රායෝගික පුහුණුව පදනම් කරගෙනය.

මානව සම්පත් ගෞරව උපාධියට පමණක් සීමා නොවී, මෙම අධ්‍යයන අංශය මානව සම්පත් කළමනා කරණ පශ්චාද් උපාධිය සන මානව සම්පත් කළමනා කරණ උසස් ඩිප්ලෝමාව ද ප්‍රදානය කරයි. වර්ෂ 2005 සිට අධ්‍යයන අංශයේ බාහිර උපාධිය වන ව්‍යාපාර කළමනා කරණවේදී සාමාන්‍ය උපාධිය දැයේ සිසු සිසුවියන් හට ප්‍රදානය කරනු ලබයි.

ව්‍යාපාර කළමනාකරණවේදී ගණකාධිකරණ ගෞරව

ගිණුම් කරණය විෂය ක්‍ෂේත්‍රය තුළ රැකියා බලාපොරොත්තු වන සිසුන් සඳහා විශේෂයෙන් නිර්මාණය වී ඇති මෙම පාඨමාලාව ගිණුම් කරණය හා සම්බන්ධ ප්‍රධාන විෂයයත් මෙන්ම උපකාරක ක්‍ෂේත්‍රයන් පිළිබඳවද පුළුල් දැනුමක් ලබාදේ. එක්වසරක ප්‍රායෝගික පුහුණු වැඩසටහන අනිවාර්ය විෂයය ඒකකයක් වන අතර එමඟින් පුළුල් පළපුරුද්දක් හා රැකියා අවස්ථා ලබා ගැනීමට මඟ පෑදේ.

මෙම උපාධි පාඨමාලාවෙහි විෂය නිර්දේශයෙහි අරමුණු යාවත්කාලීන විෂයය දැනුම ශිෂ්‍යයාට ලබාදීම සහ ක්‍ෂේත්‍රය පිළිබඳව මනා අවබෝධයක් ලබා දීමයි. අධ්‍යයන ක්‍රියාවලිය තුළදී උසස් තාක්ෂණික ක්‍රමවේද භාවිතා කිරීමට ශිෂ්‍යයන්ට අවකාශය සැලසෙන අතර වර්තමානයේ ආයතන විසින් අපේක්ෂා කරනු ලබන ගිණුම්කරණ මෘදුකාංග පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ලබා ගැනීමට ද පහසුකම් සලසා ඇත.

ව්‍යාපාර කළමනා කරණවේදී ගෞරව (විගණනය සහ වෝහාරික ගිණුම්කරණ)

ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින මුල්‍ය වංචා මඟින් වෝහාරික ගිණුම්කරණය කෙරෙහි පවතින ඉල්ලුම වැඩි වී ඇති අතර එහි වැදගත්කම ද වර්ධනය වෙමින් පවතී. මෙය ගෝලීය ඉල්ලුමක් පවතින රැකියා ක්‍ෂේත්‍රයක් බවට පත් වෙමින් පවතින බැවින් ගණකාධිකරණ අධ්‍යයන අංශය විසින් ව්‍යාපාර කළ මතා කරණ වේදී ගෞරව විගණනය සහ වෝහාරික ගිණුම් කරණ පාඨමාලාව හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික විශ්ව විද්‍යාලයක් මඟින් මෙම උපාධිය පිරිනැමෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ගිණුම කරණ ක්‍ෂේත්‍රයේ ඇති වී තිබෙන සංකීර්ණභාවය සහ රැකියා වෙළඳ පොළෙහි ඇති තරඟකාරිත්වය හමුවේ ජය ලැබීමට උපාධිධරයෙකු හට ලැබෙන සුවිශේෂී සුදුසුකමක් ලෙස මෙම උපාධිය සැලකිය හැකිය.

ව්‍යාපාර කළමනා කරණවේදී ගෞරව ගිණුම්කරණ තොරතුරු පද්ධති

ගෝලීය කරණය සමඟ තොරතුරු තාක්ෂණයේ වේගවත් පරිණාමය සහ තරඟකාරීත්වය සෑම වෘත්තියක්ම වෙන කවරදාටත් වඩා වේගයෙන් වෙනස් කරමින් පවතී. එමෙන්ම, වර්තමානයේදී ශ්‍රී ලංකාව ව්‍යාපාර ක්‍රියාවලි බාහිරින් ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධ ගමනාන්තයක් බවට පත්ව ඇත. මේ අනුව වාණිජ විෂය ධාරාවෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වන සිසුන්තුල තොරතුරු තාක්ෂණය ආශ්‍රිතගිණුම් කරණ සහ කළමනාකරණ අධ්‍යයන වැඩ සටහන් ආරම්භ කිරීමට ඇති උනන්දුවෙහි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ.

ගිණුම්කරණ තොරතුරු පද්ධති පිළිබඳ ව්‍යාපාර කළමනා කරණ ගෞරව උපාධි වැඩසටහන මඟින් තොරතුරු පද්ධති සහ කළමනා කරණ හැකියාවත් සමඟ ගිණුම් කරණ විෂය පිළිබඳ උසස් අධ්‍යාපනය සඳහා සිසුන්ට ඒත්තු ගැන්වීමට අවස්ථාවක් ලබා දේ. ඒ අනුව මෙම දෙමුහුන් උපාධි වැඩසටහන ගිණුම් කරණය සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ උනන්දුව දක්වන සිසුන්ට මහගු පිටුවහලක් වනු ඇත. ශ්‍රී ලංකාවේ ජාතික විශ්ව විද්‍යාලයක් මඟින් මෙම උපාධිය පිරිනැමෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ගිණුම් කරණ ක්‍ෂේත්‍රයේ ඇති වී තිබෙන සංකීර්ණ භාවය සහ රැකියා වෙළඳ පලෙහි ඇති තරඟකාරීත්වය හමුවේ ජය ලැබීමට උපාධිධාරියෙකු හට ලැබෙන සුවිශේෂී සුදුසුකමක් ලෙස මෙම උපාධිය සැලකිය හැකිය.

ව්‍යාපාර කළමනාකරණවේදී මුල්‍ය ගෞරව උපාධිය

ව්‍යාපාර කළමනා කරණවේදී මූල්‍ය ගෞරව උපාධිය පිරිනමනු ලබන කැළණිය විශ්ව විද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශය ශ්‍රී ලංකා ප්‍රමිති කරණ ආයතනය විසින් පිරිනමනු ලබන ISO 9001:2015 තත්ව සහතිකය හිමි කරගෙන ඇත. මීට අමතරව මෙම අධ්‍යයනාංශය විශ්ව විද්‍යාව ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් පවත්වනු ලබන ස්වයං ඇගයීම් වාර්තාව සඳහා 2013-2018 කාල පරිච්ඡේදය සඳහා ” A ” සාමාර්ථයක් හිමිකරගෙන ඇත.

ශ්‍රී ලංකාව හා ගෝලීය සන්දර්භය තුළ මුල්‍ය සේවා සඳහා පවතින දැඩි ඉල්ලුම සහ වර්ධනයට සරිලන පරිදි මෙම මූල්‍ය ගෞරව උපාධිය නිර්මාණය කොට ඇත. මෙම උපාධි පාඨමාලාව තුළ මූලික වශයෙන් ආයතනික මුල්‍ය, කළඹ කළමනාකරණය, ධනය සැලසුම්කරණය, කළමනාකරණ ආර්ථික විද්‍යාව, ආර්ථිකමිතික, මූල්‍ය ආර්ථික විද්‍යාව යන විෂයන් අන්තර්ගතව ඇත. එසේම මෙම

පාඨමාලාව ඇමරිකා එක්සත් ජනපදයේ වරලත් මූල්‍ය විශ්ලේෂක (CFA – USA) වෘත්තීය ආයතනයේ පිළිගත් උපාධි පාඨමාලාවකි. දේශීය හා විදේශීය රැකියා වෙළඳ පොළ තුළ ශිෂ්‍යයන්ට දොරටු විවර කර ගැනීමට හා කර්මාන්ත හවුල්කරුවන් සමඟ යහපත් සබඳතාවයන් පවත්වා ගැනීමට CFA-USA ආයතනයේ පිළිගැනීමට හේතු වී ඇත. තෙවන වසරේ දෙවත සමාසිකයේ සිට සීමාවාසික පුහුණුව ලබා ගැනීමට සිසුන්ට අවසර ලබා දී ඇති අතර එමඟින් උපාධි අපේක්ෂකයන්ට වැඩ ලෝකය තුළ අත් දැකීම්, ප්‍රායෝගික සේවා පරිසරය, දැනුම හා මූල්‍ය සේවා අංශයේ නව ප්‍රවතා පිළිබඳව, වෘත්තීය අවස්ථා පිළිබඳව දැනුම ලබා ගැනීමට අවශ්‍ය කරන ඉඩ ප්‍රස්ථාව ලබා දෙයි. මීට අමතරව සංකල්පීය කරණය, මෙහෙයුම් කරණයනා ක්‍රමවේද කුසලතා පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ලබා ගැනීම සඳහා අවසාන වසරේ උපාධි අපේක්ෂකයන් නිබන්ධනය සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ. මුල්‍ය අධ්‍යයන අංශය තව දුරටත් තම සේවය පුළුල් කරමින් නව උපාධි පාඨමාලා 03 ක් හඳුන්වා දී ඇත.

  • ව්‍යාපාර කළමනාකරණවේදී රක්ෂණ ගෞරව උපාධිය
  • ව්‍යාපාර කළමනා කරණවේදී බැංකුකරණ ගෞරව උපාධිය
  • ව්‍යාපාර කළමනාකරණවේදී මූල්‍ය ඉංජිනේරු කරණ ගෞරව උපාධිය

ව්‍යාපාර කළමනාකරණවේදී රක්ෂණ ගෞරව උපාධිය

ශ්‍රීඝ්‍රයෙන් වෙනස්වන ව්‍යාපාරික ලෝකයේ රක්ෂණිය අවශ්‍යතා සපුරාලීම සඳහා රක්ෂණය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති උපාධිධාරීන් බිහි කිරීමේ අරමුණින් මෙම උපාධි පාඨමාලාව, මූල්‍ය අධ්‍යයන අංශය 2018 වර්ෂයේදී හඳුන්වා දෙන ලදි. මෙම උපාධි පාඨමාලාව තුළ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ විෂයයන් වන ප්‍රාරක්ෂණය, රක්ෂණ හිමිකම් කළමනාකරණය, අවදානම් කළමනා කරණය හා තක්සේරු කරණය ආදී විෂයන් අන්තර්ගත වෙයි. අනාගත රක්ෂණ වෘත්තිකයන්ට අවශ්‍ය කරන දැනුම, කුසලතා, ආකල්පනා පුහුණුව ලබා දීම මූලික කොට ගෙන මෙම පාඨමාලාවේ විෂය මාලාව සකස් කර ඇත. වසර එකහමාරක සීමාවාසික පුහුණුව හා නිබන්ධනය අනිවාර්ය වන අතර ඒ හරහා සාමාඡීය හා ආයතනික වටිනාකමක් නිර්මාණය කර ගැනීම අපේක්ෂිතය.

මීට අමතරව අධ්‍යනාංශය පීපල්ස් ඉෂුවරන්ස් පීඑල්සී, යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී, ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී, එල් ඹීඑල්සී ලයිෆ් ඇෂුවරන්ස් ලිමිටඩ්/ එඹී එල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ සොලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යන ආයතන සමඟ, රක්ෂණ උපාධි අපේක්ෂකයන් සඳහා රන් පදක්කම් පිරිනැමීම හා සීමාවාසික පුහුණු අවස්ථා පිරිනැමීම වෙනුවෙන් හවුල්කාරිත්වයට ගිවිසුම අත්සන් කර ඇත.

ව්‍යාපාර කළමනා කරණවේදී බැංකුකරණ ගෞරව උපාධිය

බැංකු ක්‍ෂේත්‍රයේ නව්‍ය අපේක්ෂාවන්ට ගැලපෙන පරිදි මෙම උපාධි පාඨමාලාව නිර්මාණය කර ඇත. වසර හතරක් පුරා රැස් කරගන්නා ලද දැනුම, කුසලතා, ආකල්ප, පුහුණුව හා ගැඹුරු ප්‍රාමාණික දැනුම උපයෝගි කර ගනිමින් අනාගත බැංකු ක්‍ෂේත්‍රයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකි බැංකු වෘත්තිකයන් දේශීය හා ගෝලීය වශයෙන් සකස් කිරීම මෙම උපාධි පාඨමාලාවේ අරමුණයි. මීට අමතරව වසර එකහමාරක සීමාවාසික පුහුණුව (බැංකු ක්‍ෂේත්‍රය) තුළ ලබා ගැනීමටත් උපාධි නිබන්ධනය සම්පූර්ණ කිරීම සඳහාත් අවසන් වසර උපාධි අපේක්ෂකයන්ට අවස්ථාව ලබා දී ඇත. මූලික වශයෙන්නේයය කළමනාකරණය, මුදල් කළමනාකරණය, බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර, ආයෝජන හා සංවර්ධන බැංකුකරණය, ඩිජිටල් බැංකුකරණය යනාදි ප්‍රධාන විෂය ඒකකයන් මෙම පාඨමාලාව තුළ අන්තර්ගත වේ.

එසේම, බැංකු කරණ ගෞරව උපාධිය සඳහා රන් පදක්කම පිරිනැමීම වෙනුවෙන් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය (IBSL) සභා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය (APM) සමඟ අධ්‍යනාංශය ගිවිසුම් ගත වී ඇත.

ව්‍යාපාර කළමනාකරණවේදී මූල්‍ය ඉංජිනේරු කරණ ගෞරව උපාධිය

නිරන්තරව වෙනස්වන මුල්‍ය සේවා කර්මාන්තයේ අවශ්‍යතා සපුරාලීමත් මූල්‍ය ඉංජිනේරුකරණ විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති උපාධිධාරීන් බිහි කිරීම මූලික කොට ගෙන මෙම උපාධි පාඨමාලාව හඳුන්වා දී ඇත. විෂය මාලාව තුළ අවදානම් කළමනාකරණය මූල්‍ය ආදර්ශ ගොඩ නැගීම සහ නිෂ්පාදන සංවර්ධනය පිළිබඳ නිපුණතා වලින් සපිරි වෘත්තිකයන් බිහි කිරීමට අවශ්‍ය අඩිතාලම ලබා දී ඇත. මෙම උපාධි පාඨමාලාව මුල්‍ය ඉංජිනේරු විද්‍යාවේ ප්‍රධාන ක්ෂේත්‍ර වන මූල්‍ය ගණිතමය ආකෘති නිර්මාණය මූල්‍ය සමාකරණ ශිල්පීය ක්‍රම, ගණිත ශිල්පිය ක්‍රම සහ ප්‍රශස්ත කරණය යන මූලික විෂයන්ගෙන් සමන්විත වෙයි. එසේම මෙම උපාධි පාඨමාලාව ඇමරිකා එක්සත් ජනපදයේ වරලත් මූල්‍ය විශ්ලේෂක (CFA – USA) වෘත්තීය ආයතනය විසින් පිළිගත් පාඨමාලාවකි. මුල්‍ය ඉංජිනේරු විද්‍යාර්ථීන්ට වසර එක්තමාරක සීමාවාසික පුහුණුව හරහා ක්‍ෂේත්‍රයේ අත් දැකීම් ලබාගැනීමට හා අවසාන වසර නිබන්දනය සම්පුර්ණ කිරීම අනිවාර්ය කාරණාවකි. මූල්‍ය ඉංජිනේරුකරණ උපාධි අපේක්ෂකයන්ට NDB Capital Limited, Acquity Knowledge Partners සහ KPMG Deal Advisory ආයතන සමඟ අධ්‍යනාංශය ගිවිසුම අත්සන් කර ඇත.

ව්‍යාපාර කළමනා කරණවේදී අලෙවිකරණ ගෞරව උපාධිය

ව්‍යාපාර කළමනා කරණ වේදී අලෙවි කරණ ගෞරව උපාධිය පිරිත මනු ලබන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ පවත්නා කළමනා කරණ අධ්‍යයන අංශයන් අතරින් ප්‍රථම වරට ISO 9001:2015 තත්ව සහතිකයෙන් පිදුම්ලත් සහ පවත්වාගෙන යනු ලබන ප්‍රථම අධ්‍යයන අංශය වන අලෙවි කළමනා කරණ අධ්‍යයන අංශය මගින්ය.

තරඟකාරී ව්‍යාපාර පරිසරයක් තුල විශිෂ්ඨත්වයට පත්විය හැකි දක්ෂ අලෙවිකරණ උපාය මාර්ගිකයෙකු නිර්මාණය කිරීම මෙම උපාධි පාඨමාලාවේ ප්‍රධාන අරමුණයි. මූලික කුසලතා, ව්‍යාපාර කුසලතා, මෘදු කුසලතා සහ බහුකාර්ය කුසලතා යන ප්‍රධාන නිපුණතා ක්ෂේත්‍ර හතරක් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම උපාධි පාඨමාලාවේ විෂය මාලාව ව්‍යුහගත කර ඇත. මෙම සුවිශේෂී ප්‍රවේශය මඟින් අලෙවිකරණ ක්ෂේත්‍රයේ පරිපූර්ණ උපායශීලි කළමනාකරුවකු නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම. උපාය මාර්ගික චිත්තනය සහ තව්‍ය හැකියාවන්ගෙන් උපාධිධාරින් සත්තද්ධ කරයි.

මෙම උපාධි පාඨමාලාව සමඟින් උපාධි අපේක්ෂකයින්ට ඔවුන් වෘත්තීය කළමනාකරුවන් බවට පත් කිරීමට අවශ්‍ය කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් ව්‍යාපාර සම්පත් සැලසුම් පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in ERP – DERP) සහ පුද්ගල කුසලතා පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in People Skills – DPS) හැදෑරීමට අවස්ථාව ලබාදී ඇත.

ව්‍යාපාර කළමනා කරණවේදී අලෙවිකරණ ගෞරව උපාධිය, ව්‍යාපාර සම්පත් සැලසුම් පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (DERP) සහ පුද්ගල කුසලතා පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (DPS) සාර්ථකව සම්පූර්ණ කරන උපාධිධාරීන් ” Certified Professional Marketing Graduate (CPMG)’ යන විශේෂිත උද්ධෘතයෙන් හඳුනාගනු ලැබේ. CPMG යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉහළ කාර්ය සාධනයක් ඇති සුවිශේෂී අලෙවිකරණ උපාධිධාරීන් සඳහා පිරිතමත උපාධි උද්ධෘතයයි (title). මෙම උද්ධෘතය ලබා ගැනීම උදෙසා තරඟකාරී වෘත්තීය ඇගයීම් පටිපාටියක් හඳුන්වාදී ඇති අතර ඒ සඳහා අධ්‍යයන සහ ආයතනික යන දෙඅංශයෙන්ම සමන්විත සහතික කිරීමේ කමිටුවක් පිහිටුවා ඇත.

ව්‍යාපාර කළමනාකරණවේදී ඩිජිටල් අලෙවිකරණ ගෞරව

ව්‍යාපාර කළමනා කරණවේදී ඩිජිටල් අලෙවිකරණ ගෞරව උපාධිය පිරිනමනු ලබන්නේ කැළණිය විශ්ව විද්‍යාලයේ පවත්නා කළමනාකරණ අධ්‍යන අංශයන් අතරින් ප්‍රථම වරට ISO 9001 : 2015 තත්ව සහතිකයෙන් පිදුම්ලත් සහ පවත්වා ගෙන යනු ලබන ප්‍රථම අධ්‍යන අංශය වන අලෙවි කළමනා කරණ අධ්‍යන අංශය මඟින්ය.

තරඟකාරී ව්‍යාපාර පරිසරයක් තුළ තවීන ඩිජිටල් මෙවලම් සහ ශිල්පීය ක්‍රම සමඟ ව්‍යාපාරික දැනුම සංස්ලේෂණය කිරීමට හැකියාව ඇති දක්ෂ, පරිපූර්ණ ඩිජිටල් අලෙවිකරණ උපායමාර්ගිකයෙකු නිර්මාණය කිරීම මෙම උපාධි පාඨමාලාවේ ප්‍රධාන අරමුණයි. මුලික කුසලතා, ව්‍යාපාර කුසලතා, මෘදු කුසලතා සහ බහුකාර්ය කුසලතා යන ප්‍රධාන නිපුණතා ක්ෂේත්‍ර හතරක් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම උපාධි පාඨමාලාවේ විෂය මාලාව ව්‍යුහගත කර ඇත. මෙම සුවිශේෂී ප්‍රවේශය මඟිත් ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ පරිපූර්ණ උපායශීලි කළමනාකරුවකු නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම්, උපාය මාර්ගික චින්තනය සහ නව්‍ය හැකියාවන්ගෙන් උපාධිධාරීන් සන්නද්ධ කරයි.

මෙම උපාධි පාඨමාලාව සමඟින් උපාධි අපේක්ෂකයින්ට ඔවුන් වෘත්තීය කළමනාකරුවන් බවට පත් කිරීමට අවශ්‍ය කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් ව්‍යාපාර සම්පත් සැලසුම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in ERP – DERP) සහ පුද්ගල කුසලතා පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in people Skills – DPS) හැදෑරීමට අවස්ථාව ලබා දී ඇත.

ව්‍යාපාර කළමනා කරණවේදී ඩිජිටල් අලෙවි කරණ ගෞරව උපාධිය ව්‍යාපාර සම්පත් සැලසුම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (DERP) සහ පුද්ගල කුසලතා පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (DPS) සාර්ථකව සම්පූර්ණ කරන උපාධිධාරීන් ” Certified Profes-sional Marketing Graduate (CPMG)’ යන විශේෂිත උද්ධනයෙන් හදුනාගනු ලැබේ. CPMG යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉහළ කාර්ය සාධනයක් ඇති සුවිශේෂී අලෙවිකරණ උපාධිධාරීන් සඳහා පිරිනමන උපාධි උද්ධෘත යයි (title). මෙම උද්ධෘතය ලබාගැනීම උදෙසාතරඟකාරී වෘත්තීය ඇඟයීම් පටිපාටියක් හඳුන්වා දී ඇති අතර ඒ සඳහා අධ්‍යයන ඝන ආයතනික යන දෙඅංශයෙන්ම සමන්විතසහතික කිරීමේ කමිටුවක් පිහිටුවා ඇත.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...