සමාජීය විද්‍යා පීඨය
සමාජය විද්‍යා පිඨයේ විෂයයන් තෝරා ගැනීමේදී පූර්ව අවශ්‍යතා වශයෙන් පහත සඳහන් කරුණු සම්පූර්ණ කර තිබිය යුතුය.
අනෙකුත් විෂයයන් සඳහා පූර්ව අවශ්‍යතා නොමැත.
මානවශාස්ත්‍ර සහ සමාඡය විද්‍යායන පීඨ දෙක මගින් ඉදිරිපත් කරන ශාස්ත්‍ර වේදී උපාධි පාඨමාලාව අධ්‍යයන වර්ෂ 3 කින්ද ශාස්ත්‍ර වේදී ගෞරව උපාධි පාඨමාලාව අධ්‍යයන වර්ෂ 4 කින් ද සමන්විත වේ.
එක් අධ්‍යයන වර්ෂයක් අධ්‍යයන වාර 2 කින් හෙවත් අර්ධ වාර්ෂික දෙකකින් සමන්විත වන අතර එම අධ්‍යයන වාරයක් සති 15 කින් සමන්විත වේ. ශාස්ත්‍ර වේදී හා ගෞරව උපාධි පාඨමාලා විෂය ඒකක ක්‍රමය මත පදනම් වේ. විෂය ඒකකයක් යනු කිසියම් අධ්‍යයන සම්භාර (Credit) වටිනාකමක් ඇති විෂයය කොටසකි.
උපාධි පාඨමාලාවක් සම්පුර්ණ කිරීමට නියමිත අධ්‍යයන සම්භාර (Credit) ප්‍රමාණයක් ඇත. එම ප්‍රමාණය ඇතුළත් වන පරිදි පාඨමාලා ඒකක තෝරා ගැනීමට ශිෂ්‍යයන්ට අවකාශය ලැබේ.
ප්‍රධාන විෂයයන් 2ක ධාරාව යටතේ නෝ ප්‍රධාන විෂයයන් 3 ක ධාරාව යටතේ ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරීමට හැකියාව ඇත. තම විෂය සංකලනයේ අනිවාර්ය පාඨමාලා ඒකක හැදෑරීමට අතිරේකව, මානවශාස්ත්‍ර, සමාඡීය විද්‍යා. වාණිජ හා කළමනා කරණ අධ්‍යයන සහ විද්‍යා යන සෙසු පීඨයන් මගින් ඉදිරිපත් කරනු ලබන ඇතැම් පාඨමාලා ඒකක ද තම රුචිය පරිදි තෝරා ගෙන හැදෑරීමට මෙම ක්‍රමය මගින් අවකාශ සලසා තිබේ.
ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ප්‍රථම වසර අවසාන පරීක්ෂණයෙන් ඉහළ සාමර්ථයක් ලබා ගත යුතුය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.