පරිගණක පීඨය
පරිගණක පීඨය විසින් ප්‍රදානය කරනු ලබන පරිගණක වේදී ගෞරව උපාධි වසර හතරක පූර්ණ කාලීන ප්‍රථම උපාධි පාඨමාලා වේ. පරිගණක විද්‍යාවේ ප්‍රධාන උප විෂයයන් තුනක උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කරගනු ලැබේ. සම්පුර්ණ පාඨමාලාව අධ්‍යයන සමාසික අටකින් (08) සමන්විත වේ. සිසුන් ඇගයීම සඳහා වෙන් කර ඇති කාලය ද ඇතුළුව සෑම අධ්‍යයන සමාසිකයක් ම සති 20 ක කාලයක් පුරා පැවැත්වේ.
පරිගණක පීඨය විසින් පරිගණක විද්‍යාවේ උප විෂයයන් තුනක් යටතේ පිරිනමනු ලබන ගෞරව උපාධි පාඨමාලා වන්නේ
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිර්දේශ කරනු ලබන ජාත්‍යන්තරව පිළිගත් උසස් ප්‍රමිතීන්ට අනුකූලව, පරිගණක විද්‍යා ක්ෂේත්‍රයේ උප විෂය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි හා පර්යේෂණ ව්‍යාපෘතියකින් සහ අවම වශයෙන් සති 20 ක පරිගණක ක්ෂේත්‍ර වෘත්තීය පුහුණුවක් ද ඇතුළත් වන පරිදි මෙම උපාධි අධ්‍යයන පාඨමාලා සැලසුම් කර ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.