WordPress WooCommerce Themes

නාගරික හා ජලජ ජෛව සම්පත් පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

නාගරික හා ජලජ ජෛව සම්පත් පීඨය

නාගරික හා ජලජ ජෛව සම්පත් පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට එකතු වූ නවතම පීඨයයි. රටට අත්‍යාවශ්‍ය නීල හරිත ජෛව ආර්ථිකයක් සඳහා විශේෂ අවධානයක් යොමු කරමින්, දැනට තිබෙන සහ අනාගතයේදී ඇතිවිය හැකි අභියෝගයන්ට මුහුණ දිය හැකි තරම් ශක්තිමත්, වෘත්තීය සුදුසුකම් ලත් උපාධිධාරී සහ පශ්චාත් උපාධි ශ්‍රම බලකායක් බිහි කිරීමේ අරමුණින් මෙම පීඨය පිහිටුවන ලදී.

මෙම පීඨය මඟින් පහත සඳහන් පරිදි පුර්ණ කාලීන උපාධි අධ්‍යයන පාඨමාලා (විද්‍යාවේදී හා විද්‍යාවේදී ගෞරව) හතරක් පවත්වනු ලබයි.

  • විද්‍යාවේදී ජලජ ජෛව සම්පත් උපාධි පාඨමාලාව
  • විද්‍යාවේදී ජලජ ජෛව සම්පත් ගෞරව උපාධි පාඨමාලාව
  • විද්‍යාවේදී නාගරික ජෛව සම්පත් උපාධි පාඨමාලාව
  • විද්‍යාවේදී නාගරික ජෛව සම්පත් ගෞරව උපාධි පාඨමාලාව

ජීව විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් වූ සිසුන් හට මෙම උපාධි පාඨමාලා සඳහා අයදුම් කළ හැකි අතර සියලුම පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබයි.

නාගරික හා ජලජජෛව සම්පත් පීඨය මගින් පවත්වනු ලබන විද්‍යාවේදී උපාධි පාඨමාලාව සමාසික හයක (six semesters) කාලයකින් යුක්ත වන අතර විද්‍යාවේදී ගෞරව උපාධි අධ්‍යයන පාඨමාලාව සමාසික අටක (eight semesters) කාලයකින් යුක්ත වෙයි. එක් සමාසිකයක් සති 15 කි. සෑම උපාධි අධ්‍යයන පාඨමාලාවක් තුළදීම සිසුන් හට ජෛව සම්පත් ආශ්‍රිත ක්‍ෂේත්‍ර හා වත්තීය පුහුණුවක් (industial training) ලබාගැනීමට සහ විෂය සමගාමි ක්‍ෂේත්‍ර අධ්‍යයන චාරිකා (field visits) සඳහා සහභාගි වීමට අවස්ථා ලැබේ. මීට අමතරව ගෞරව උපාධි සිසුන්හට ජෛව සම්පත් ආශ්‍රිත විෂය ක්‍ෂේත්‍රයකින් පර්යේෂණ ව්‍යාපෘතියක් සිදු කිරීමට ද අවස්ථාව ලැබේ.

ජලජ ජෛව සම්පත් විද්‍යාවේදී උපාධි අධ්‍යයන පාඨමාලා (BSc in Aquatic Bioresources) (Bachelors: 90 credits/SLQF level 5, Honours: 120 credits/SLQF level 6)

මෙහි ප්‍රධාන විෂය ක්‍ෂේත්‍ර ලෙස සාගර ජලජීවී වගාව (Mariculture), මුහුදු පැළෑටි වගාව (Seaweed Production), ජල ජීවී රෝග පාලනය (Aquatic Animal Health), ජලජ ජෛව සම්පත් සඳහා ජෛව තාක්ෂණ (Biotechnology for Aquatic Bioresources), සුහුරු ජලජීවී වගාව (Smart Aquaculture), විසිතුරු මත්ස්‍ය වගාව හා අභිජනනය (Ornamental Fish Culture and Breeding), මත්ස්‍ය ආහාර තාක්ෂණය (Fish Feed Technology) ඇතුළුව තවත් විෂය ක්‍ෂේත්‍ර ආවරණය වේ.

නාගරික ජෛව සම්පත් විද්‍යාවේදී උපාධි අධ්‍යයන පාඨමාලා (BSc in Urban Bioresources) (Bachelors: 90 credits/SLQF level 5, Honours: 120 credits/SLQF level 6)

මෙහි ප්‍රධාන විෂය ක්‍ෂේත්‍ර ලෙස හරිත ගොඩනැගිලි හා තිරසාර නාගරික සංවර්ධන (Green Buildings and Sustainable Urban Development), නාගරික ජෛව සම්පත් සඳහා ජෛව තාක්ෂණය (Biotechnology in Urban Bioresources), කොම්පෝස්ට් නිෂ්පාදනය හා කළමනාකරණය (Urban Composting, Soil and Fertilizer Management), බොන්සායි වගාව (Bonsai and Bottle Gardening), සුහුරු ගොවිපලකරණය (Smart Farming), පරිසරය සහ ජෛව ශක්තිය (Environment and Bioenergy), නාගරික සත්ත්ව නිෂ්පාදනය (Urban Livestock Production) ඇතුළුව තවත් විෂය ක්‍ෂේත්‍ර ආවරණය වේ.

මෙයට අමතරව පීඨයේ සියලුම සිසුන් හට සිය උපාධි අධ්‍යයන පාඨමාලා සාර්ථකව හැදෑරීමට අවශ්‍ය මූලික දැනුම් සපයමින් විශ්ලේෂණ උපකරණ (Analytical Instruments), තොරතුරු තාක්ෂණය (Information Technology), ව්‍යවසායකත්ව හා ව්‍යාපාර සංවර්ධනය (Entrepreneurship and Business Development), මෘදු කුසලතා සංවර්ධනය (Soft Skills Development), සහ මුලික ගණිතය (Basic Mathematics) වැනි විෂයයන් ද විෂය මාලාවට ඇතුළත් කර ඇත.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...