WordPress WooCommerce Themes

දන්ත වෛද්‍ය විද්‍යා පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

දන්ත ශල්‍යවේදී (BDS) උපාධිය

දන්ත ශල්‍යවේදී උපාධි පාඨමාලාව, සෑම අධ්‍යයන වර්ෂයක් සඳහාම සති 10 කින් යුතු වාර තුනකින් සමන්විත අධ්‍යයන වර්ෂ පහක පාඨමාලාවකි. අදියර I අදියර II සහ අදියර III යනුවෙන් බෙදා ඇති මෙම පාඨමාලාවේ ඉගැන්වීම් කටයුතු විෂය පද්ධති පදනම මත ඒකාබද්ධ කර ඇත. අදියර I වෛද්‍ය විද්‍යා පීඨයේ වෛද්‍ය සිසුන් සමඟ එක්ව මිනිස් සිරුරේ සාමාන්‍ය ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය උගන්වන ප්‍රධාන විෂයයන් හතරකින් සමන්විත වේ. අදියර II පරිපූරක වෛද්‍ය විෂයයන්ගෙන් සමන්විත වන අතර, මිනිස් සිරුරට බලපාන විවිධ රෝග සහ ඒ ආශ්‍රිත අසාමාන්‍ය කායික ව්‍යුහය සහ එක් එක් තත්ත්වය තුළ ක්‍රියාකාරිත්වය ඉගැන්වීම සහ ප්‍රජා දන්තවෛද්‍ය විද්‍යාව සහ දත්ත ප්‍රතිකාර ද්‍රව්‍ය පිළිබඳව ද ඉගැන්වේ. අදියර IIIහි සායනික දන්ත වෛද්‍ය විද්‍යාව උගන්වන අතර I වන කොටස සහ II වන කොටස යන කොටස් දෙකකින් සමන්විත වේ. I වන කොටස යටතේ ශිෂ්‍යයා දන්ත වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන විෂයයන් 8ක් පිළිබඳව ඉගෙන ගත්තා අතර එම ක්‍ෂේත්‍රයන්හි කුසලතා වර්ධනය කරගනු ඇත. අවසාන වසර තුළ, ප්‍රතිකාර පටිපාටි සමඟ දන්න රෝග කළමනා කරණය පිළිබඳව සම්පුර්ණ මෙන්ම උසස් දැනුමක් ලබා දෙනු ඇත. මෙම පාඨමාලාව ඉගැන්වීමේ මාධ්‍යය ඉංග්‍රීසි වේ.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...