ඉංජිනේරු විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ඉංජිනේරු පීඨය මගින් ප්රදානය කරනු ලබන ඉංජිනේරු විද්‍යාවේදී ගෞරව උපාධිය වසර හතරක පාඨමාලා කාලයකින් යුක්තය. මෙම උපාධි පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගනු ලබන්නේ, ඉංජිනේරු විද්‍යා කාණ්ඩය යටතේය. මෙම උපාධි වැඩසටහන සති 24 ක කාර්මික පුහුණු වැඩසටහනකින් ද සමන්විත වේ. පොදු විෂය ධාරාව අවසානයේදී එක් එක් සිසුවාගේ කැමැත්ත සහ අධ්‍යයන කුසලතා මත ශිෂ්‍යයින් විෂය ක්ෂේත්‍ර මාලා නතර (4) සඳහා වෙන් වෙන්ව තෝරාගනු ලැබේ. විශේෂිත විෂය මාලා සඳහා නිර්දේශිත ප්‍රධාන විෂය ක්ෂේත්රයන් වන්නේ :
සෑම ප්‍රධාන විෂය ක්ෂේත්රයන් සඳහා වූ විෂය මාලා මනා අධ්‍යනයකින් පසු දේශීය හා අන්තර් ජාතික ඉංජිනේරු අධ්‍යයන ප්‍රමිතින්ට අනුකූලව සහ සිසුන්ට, තමන්ට හැදැරිය හැකි අන්දමේ අධ්‍යයන කටයුතු වලින් සමන්විත වන පරිදි සකසා ඇත.
වැඩි විස්තර සඳහා පීඨ වෙබ් අඩවියට පිවිසෙන්න.
http://eng.sjp.ac.lk
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.