WordPress WooCommerce Themes

තාක්ෂණ පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

තාක්ෂණ පීඨය

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය, අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ (අ.පො. ස. උ. පෙළ) සඳහා තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දීමෙන් පසු 2016 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අංග සම්පූර්ණ තාක්ෂණ පීඨය වේ. මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය, තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනය, පර්යේෂණ සහ තවෝත්පාදනය යන ක්ෂේත්‍ර අතින් ඉදිරියෙන්ම සිටී. ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ දක්ෂතා ප්‍රවර්ධනය කර, අනාගත සංවර්ධන විෂය ක්ෂේත්‍ර වල තාක්ෂණයේ උපයෝගීතාවය ග්‍රහණය කර ගැනීමටත්, නිපුණතා ඇතුළත් සමාජයේ අවශ්‍යතා සපුරාලන දැනුම ලබා දෙමින් ආර්ථිකය තිරසාර ලෙස මෙහෙය වීමටත් හැකි පරිපූර්ණ තාක්ෂණවේදීන් දැයට දායාද කිරීමට පීඨය පුර්ණ වශයෙන් කැපවී සිටී.

ඉංජිනේරු සහ ව්‍යවහාරික විද්‍යාවන් පදනම් කර ගනිමින් සංගෘහිත තාක්ෂණවේදී උපාධි තුනක් දැනට තාක්ෂණ පීඨය පිරිනමනු ලබන අතර මෙම උපාධි පාඨමාලාත්‍රිත්වය අවම වශයෙන් ශාස්ත්‍රීය අගය 120 ක් සහිත සිව් අවුරුදු ගෞරව උපාධි වේ. ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන ඉගැන්වීමේ මාධ්‍යය වන අතර උපාධි පාඨමාලා සඳහා ඇතුළත් වූ සිසුන් ඔවුන්ගේ අභිමත පරිදි විශේෂ වේදී අධ්‍යයන ධාරාවක් කේන්ද්‍ර කර ගනිමින්ද ඔවුන්ගේ නිශ්චිත අවශ්‍යතා ගවේෂණය කරමින්ද විෂය කේන්ද්‍රිය තාක්ෂණය මත පදනම්ව සාර්ථකව අධ්‍යයන කටයුතු සම්පූර්ණ කල යුතු වෙයි.

එක් එක් උපාධි පාඨාලාවන් සහ අදාළ විෂය ක්‍ෂේත්‍ර පහත පරිදි වේ.

ජෛව නාක්ෂණ වේදී ගෞරව (BBST) උපාධිය

  • කෘෂිකාර්මික හා පාරිසරික තාක්ෂණ වේදය
  • ආහාර සැකසුම් තාක්ෂණ වේදය
  • කාර්මික ජෛව පද්ධති තාක්ෂණ වේදය

ඉංජිනේරු තාක්ෂණවේදී (BET) ගෞරව උපාධිය

  • මෝටර් රථ තාක්ෂණ වේදය
  • ඉදිකිරීම් සහ ගොඩනැගිලි සේවා තාක්ෂණ වේදය
  • බලශක්ති සහ පාරිසරික තාක්ෂණ වේදය
  • භූතාක්ෂණවේදය
  • මෙකාට්‍රොනික තාක්ෂණය
  • බහු අවයවික සැකසුම් තාක්ෂණවේදය

 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදී (BICT) ගෞරව උපාධිය

  • බහුමාධ්‍ය තාක්ෂණ වේදය
  • ජාල කරන තාක්ෂණවේදය
  • මෘදුකාංග තාක්ෂණ වේදය

සියලුම විෂයමාලා සඳහා අධ්‍යයන න්‍යාය, තාක්ෂණික හා කාර්මික දැනුම සහිත සයමාසික වෘත්තීය පාදක සීමාවාසික පුහුණුවක් සහ වසරක පර්යේෂණ සහ සැලසුම් ව්‍යාපෘතියක් අන්තර් ගත වන අතර, ඒ තුලින් සිසුන්ට අධ්‍යයන හා වෘත්තීයමය විශිෂ්ටත්වය සඳහා මඟ පෙන්වයි. පීඨය වර්තමාන සහ නවීන මෙවලම හා තාක්ෂණයෙන්, අති නවීන පර්යේෂණ උපකරණ, අංග සම්පූර්ණ රසායනාගාර සහ වැඩ මුළු පහසුකම් වලින් සමන්විත වෙයි. එසේම තාක්ෂණ වේදී උපාධිධාරීන්ට අවශ්‍ය ප්‍රායෝගික අත් දැකීම් ලබාදී මටත්, විශ්ලේෂණාත්මකව ගැටළු විසඳීමටත්, ව්‍යවසායක කුසලතා සහ දේශීය හා ගෝලීය වශයෙන් වර්තමාන සහ අතාගත වත්තීය ක්ෂේත්‍ර වල පුළුල් අවකාශයන් සඳහා ඔවුන් සූදානම් කිරීමටත් අවශ්‍ය සියලු පහසුකම් වලින් මෙම පීඨය පරිපූර්ණ වේ.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...