වෛද්‍ය විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨය 1993 වර්ෂයේ ස්ථාපිත කරන ලද අතර මෙම පීඨය මඟින් වෛද්‍යවේදී හා ශල්‍ය වේදී උපාධිය සහ විද්‍යාවේදී මානව ජීව විද්‍යා ගෞරව උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිරිනමනු ලැබේ.
පීඨය අධ්‍යයනාංශ 17 කින් සමන්විත අතර 103 කට අධික ස්ථිර අධ්‍යයන කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. මෙම අධ්‍යයනාංශ වලට අමතරව ශිෂ්‍යයින්ගේ අධ්‍යයන කටයුතු සඳහා සහය වන තොරතුරු තාක්ෂණ හා භාෂා ඒකකය සහ ප්‍රායෝගික කුසලතා සඳහා නිර්මාණය කළ ඒකකය ඇතුලු ඒකක කිහිපයක්ද පීඨය තුළ ඇත. පීඨයේ සායනික පුහුණු කටයුතු සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහල, ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල, හෝමාගම මූලික රෝහල සහ අපේක්ෂා රෝහල යොදා ගනු ලැබේ. පශ්චාද් උපාධි සඳහා අවශ්‍ය පුහුණු කිරීම් අදාළ අධ්‍යයනාංශ මඟින් සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඒකක මගින් ලබා දෙනු ලැබේ.
වෛද්‍යවේදී හා ශල්‍යවේදී උපාධිය
වසර 5 කපුර්ණ කාලීන පාඨමාලාවක් වන මෙම උපාධි පාඨමාලාවේ එක් එක් අධ්‍යයන වර්ෂයක් සති 10 බැගින් වන අධ්‍යයන වාර 03 කින් සමන්විත වේ. සම්පූර්ණ පාඨමාලාව කොටස් (Phases) තුනකට බෙදා ඇත. තෙවන අධ්‍යයන වර්ෂයේදී සායනික පුහුණුව ආරම්භ වන අතර අවසන් වසර සම්පූර්ණයෙන්ම රෝහල් ආශ්‍රිතව අධ්‍යයන කටයුතු සිදු කෙරේ.
විද්‍යාවේදී මානව ජිව විද්‍යා ගෞරව උපාධිය
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින විද්‍යා පීඨ වලින් පළමු වසරේ අධ්‍යයන කටයුතු අවසන් කළ සිසුන්ට මෙම පාඨමාලාවට ලියාපදිංචි විය හැක. මෙම පාඨමාලාවට අයදුම් කළ හැක්කේ ප්‍රථම වසරේදී සාමාන්‍ය “B” ශ්‍රේණියක් තෝ ඉහළ ප්‍රතිඵලයක් ලබාගත් සිසුන්ට පමණි. පාඨමාලාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත් වේ. කාය ව්‍යවච්ඡේද, ජීව රසායන, ආහාර හා පෝෂණය, ප්‍රතිශක්ත විද්‍යාව සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාව විෂය ක්ෂේත්‍ර වලින් තෝරා ගත් ක්ෂේත්‍රයක විශේෂ උපාධිය හැදෑරීමට හැකියාව පවතී.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.