WordPress WooCommerce Themes

කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය

  • ව්‍යාපාර පරිපාලනය – විද්‍යාවේදී ගෞරව
  • කළමනාකරණය සහ රාජ්‍ය ප්‍රතිපත්ති – විද්‍යාවේදී ගෞරව
  • වාණිජ වේදී ගෞරව
  • දේපල කළමනා කරණය හා තක්සේරුකරණය – විද්‍යාවේදී ගෞරව
  • ගණකාධිකරණය – විද්‍යාවේදී ගෞරව
  • අලෙවි කළමනා කරණය – විද්‍යාවේදී ගෞරව
  • මානව සම්පත් කළමනාකරණය – විද්‍යාවේදී ගෞරව
  • මුල්‍ය – විද්‍යාවේදී ගෞරව
  • ව්‍යාපාර ආර්ථික විද්‍යාව – ව්‍යාපාර පරිපාලනය – විද්‍යාවේදී ගෞරව
  • මෙහෙයුම් හා තාක්ෂණ කළමනාකරණය – විද්‍යාවේදී ගෞරව
  • ව්‍යාපාර තොරතුරු පද්ධති – විද්‍යාවේදී ගෞරව
  • ව්‍යවසායකත්වය – විද්‍යාවේදී ගෞරව

කළමනා කරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය

ශ්‍රී ලංකාවේ කළමනාකරණ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පුරෝගාමියා වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ පෙරලිකාරී ගමන 1959 දී ආරම්භ විය. ආරම්භයේ සිටම දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශිෂ්ඨත්වයට පත් ආදර්ශවත් විද්‍යාර්ථීන් සහ නායකයින් දහස් ගණනක් පීඨය විසින් බිහි කර ඇත.

දැනට අධ්‍යයනාංශ 12 කින් සමන්විත අංග සම්පුර්ණ කළමනා කරණ පීඨයක් වන කළමනා කරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය කළමනා කරණයට අදාළ සියලු ක්‍ෂේත්‍ර නියෝජනය කරන ආචාර්ය උපාධිධාරීන් 100 කට අධික සංඛ්‍යාවක්,60 කට අධික මහාචාර්යවරුන් සංඛ්‍යාවක් ඇතුළුව අධ්‍යයන සහ අධ්‍යයන සහායක කාර්ය මණ්ඩල සාමාජිකයන් 250 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ. කළමනාකරණ අධ්‍යාපනයේ විශිෂ්ඨතම කේන්ද්‍රස්ථානය ලෙස හැඳින්වෙන මෙම පීඨය, ශ්‍රී ලංකාවේ කළමනා කරණ අධ්‍යාපනය සඳහා වැඩිම ඉල්ලුමක් ඇති පීඨයයි. අභ්‍යන්තර උපාධි අපේක්ෂකයින් 5000 කට වැඩි පිරිසකට සහ පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන් 750 කට අධික සංඛ්‍යාවකට පීඨය මගින් සිය සේවා සැපයේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ විශාලතම කළමනා කරණ පීඨය ලෙසද සැලකෙන්නේ ද මෙම පීඨයයි.

” කළමනා කරණ අධ්‍යාපනය තුළින් ජිවිත සමෘද්ධිමත් කිරීමේ * උපාය මාර්ගික අභිප්‍රායයෙන් මෙහෙයවනු ලබන කළමනා කරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය, සමස්තයක් ලෙස රටේත් ලෝකයේත් සංවර්ධනයට දායක වීමේ හැකියාව සහිත වූත්, ඒ සඳහා අවශ්‍ය දැනුම, කුසලතා, නිවැරදි ආකල්ප වලින් සහ ශ්‍රී ලංකාවේ සමාජ – ආර්ථික හා සංස්කෘතික පරිසරය පිළිබඳ මතා අවබෝධයකින් සන්නද්ධ වුත් උපාධිධාරීන් බිහි කිරීමට කැපවී සිටී.

කළමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය මඟින් පිරිනමනු ලබන උපාධි පාඨමාලා

ගණකාධිකරණය – විද්‍යාවේදී ගෞරව

1991 වර්ෂයේදී හඳුන්වා දුන් ගණකාධිකරණය – විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාවේ ප්‍රධාන පරමාර්ථය වනුයේ, දේශීය මෙන්ම විදේශීය රටවල රාජ්‍ය සහ පෞද්ගලික සංවිධානවල ගිණුම්කරණය, මුල්‍ය කළමනා කරණය සහ ඒ හා සම්බන්ධ ක්‍ෂේත්‍රයන්හි කළමනාකාරීත්ව තනතුරු දැරීමේ හැකියාව ඇති විචක්ෂණ ශීලි සහ ඉහළ තාක්ෂණික දැනුමෙන් යුතු උපාධිධාරීන් බිහි කිරීමයි. මෙම පාඨමාලාව මඟින් උපාධි අපේක්ෂකයින්ට අන්තර් ර්ජාතික ගිණුම් කරණ පරිචයන්, ගිණුම්කරණ තොරතුරු පද්ධති (Account-ing Information Systems), ERP ໖໑໖ (ERP Applications), 5 ໒໕໖ (Computerized Accounting), ගිණුම්කරණය හා මූල්‍ය ආකෘති නිර්මාණය (Accounting and Financial Modeling), කෘතීම බුද්ධිය හා ගිණුම් කරණ දත්තවිශ්ලේෂණය (Artificial Intelligence and Data Analytics in Accounting), විගණනය, බදුකරණය, ආයතනික යහපාලනය, ආයතික තිරසාර බව සහ ගිණුම කරණ පර්යේෂණ කුසලතාවයන් ඇතුළුව ගිණුම්කරණය හා සම්බන්ධ ප්‍රධාන සහ උපකාරක ක්‍ෂේත්‍රයන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීම සිදුකරයි. තව ද මෙම පාඨමාලාව මඟින්නායකත්ව, පෞරුෂත්ව, සන්නිවේදන ආදී කුසලතා වැඩි දියුණු කිරීමට විශේෂ අවධානයක් යොමු කරයි. උපාධි පාඨමාලාවේ අනිවාර්ය අංගයක් වන ගිණුම් කරණය හා මූල්‍ය පිළිබඳ වසර දෙකක ප්‍රායෝගික පුහුණු වැඩසටහන තුළින් පුළුල් ප්‍රායෝගික පළපුරුද්දක් ලබා ගැනීමට උපාධි අපේක්ෂකයන්ට හැකි වන අතර එමගින් ඔවුන්ට දේශීය සහ විදේශීය රැකියා අවස්ථා බහුලව උදා වේ. තව ද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික සහ ජාත්‍යන්තර වෘත්තීය ගණකාධිකරණ ආයතන මගින් පවත්වනු ලබන විභාග වලදී ගණකාධිකරණය – විද්‍යාවේදී ගෞරව උපාධිය සඳහා නිදහස් කිරීම් රාශියක් (Exemptions) ලබාදෙනු ලැබේ.

ව්‍යාපාර පරිපාලනය – විද්‍යාවේදී ගෞරව

පුරා 60 වසරකට අධික අධ්‍යයන ඉතිහාසයක් ඇති, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනා කරණ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ පුරෝගාමී සහ ප්‍රමුඛතම කළමනාකරණ අධ්‍යයන පාඨමාලාවක් ලෙස ව්‍යාපාර පරිපාලනය – විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව ශාස්ත්‍රාලිකයින් අතර පමණක් නොව සිසුන් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර ද ඉහළ ජනප්‍රියතාවයක් සහ පිළිගැනීමක් ඇති පාඨමාලාවකි. මෙම වැඩසටහන සිසුන්ට ව්‍යාපාර කළමනා කරණය පිළිබද දැනුම’ සහ පුළුල් සමාජයීය හා අයතනික ලෝකයේ අපේක්ෂාවන් සහ ගතිකත්වයන් මගින් ඉස්මතු කරන නිපුණතා ලබා දෙන ආකාරයෙන් සැලසුම් කර, යාවත්කාලින කරත ලද පාඨමාලා වලින් සමන්විත වේ. මේ අනුව, මෙම වැඩ සටහන ගතික ව්‍යාපාර පරිසරයේ ආචාරධර්ම සහ සමාජ – ආර්ථික යථාර්ථයන්ට සංවේදී වන දක්ෂ නායකයින් වීම සඳහා සිසුන්ට මග පාදයි. ව්‍යාපාර පරිපාලනය – විද්‍යාවේදී ගෞරව උපාධිය ව්‍යාපාර කළමනා කරණයේ මූලික සහ වරණීය විෂයන්ගෙන් ඒකාබද්ධ වන අතර කළමනා කරණ සීමාවාසික පුහුණුවකින් (සිසුන්ගේ වරණය පරිදි වසරක් දක්වා දීර්ඝ වු), පර්යේෂණ ව්‍යාපෘතියකින් හා නිපුණතා සංවර්ධනයෙන් ද සමන්විත වේ. මෙම උපාධි පාඨමාලාව හදාරනු ලබන උපාධි අපේක්ෂකයින්ට ව්‍යාපාර කළමනා කරණ න්‍යාය සම්බන්ධයෙන් ස්ථාවර පදනමක් මෙන්ම තත් කාලීන ව්‍යාපාර පරිචයන් සම්බන්ධයෙන් අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවන් පවතින නිසා ව්‍යාපාරික ලෝකය තුළ විවිධ රැකියා රැසකට යොමු වීමේ අවස්ථාව හිමි වේ.

ව්‍යාපාර ආර්ථික විද්‍යාව – ව්‍යාපාර පරිපාලනය – විද්‍යාවේදී ගෞරව

ආර්ථික විද්‍යාව සහ කළමනා කරණ විෂයයන්හි සුසංයෝගිත විෂය මාලාවක් සඳහා වූ දැඩි අවශ්‍යතාව හඳුනා ගනිමින්, 2002 වර්ෂයේදී මෙම උපාධි පාඨමාලාව ආරම්භ කරන ලදී. මෙහි අරමුණ වනුයේ, ව්‍යාපාරයන් කළමනාකරණය කිරීමේදී, ආර්ථීක විද්‍යා න්‍යායන් සහ එහි ප්‍රායෝගික භාවිතය පිළිබඳ දැනුමෙන් සිසුන් සුපෝෂණය කිරීම මෙන්ම විශ්ලේෂණ, විචාරාත්මක, නායකත්ව, කණ්ඩායම් වැඩ සහ සන්නිවේදන කුසලතාවයන්ගෙන් ඔවුන් සත්ත්තද්ධ කිරීමයි. බැංකුකරණය, සංවර්ධන අධ්‍යයනය, සහ ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර යන විශේෂතා ක්‍ෂේත්‍ර තුනක් පිරිනැමීමෙන් මෙම උපාධි පාඨමාලාව හදාරන සිසුන්ට වැඩි නම්‍යශිලි බවක් ලබා දේ. මෙම උපාධි පාඨමාලාව කළමනා කරණ ආර්ථික විද්‍යාව, ව්‍යාපෘති කළමනා කරණය, ආර්ථිකමිථිය, මූල්‍ය ආර්ථික විද්‍යාව, ජාත්‍යන්තර වෙළද සහ ගෙවීම, මුදල් ආර්ථික විද්‍යාව, උසස් ආර්ථික විද්‍යාව, ගණිතමය ආර්ථික විද්‍යාව සහ සංවර්ධන ආර්ථික විද්‍යාව වැනි ඉහළ ඉල්ලුමක් ඇති විෂයයන්ගෙන් සමන්විත වේ. තව ද, මෙම උපාධි පාඨමාලාව අනිවාර්ය සීමාවාසික පුහුණුවක්, ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ ස්වාධීන අධ්‍යයනයක් සහ මෘදු කුසලතා සහ සන්නිවේදන කුසලතා සංවර්ධන වැඩ සටහන්ගෙන් සමන්විත වේ. උපාධි පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට බැංකු, ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම්, ව්‍යාපාර කළමනාකරණය, පර්යේෂණ, මූල්‍ය, රක්ෂණ, වෙළදාම සහ ජාත්‍යන්තර ව්‍යාපාර වැනි ක්‍ෂේත්‍රයන්හි විශිෂ්ඨ වෘත්තීය අවස්ථාවන්ට පිවිසීමට ඇති හැකියාව සන්තික කෙරේ. එසේම, අපගේ වත්මන් උපාධිධාරී දේශීය මෙන්ම ජාත්‍යන්තර පෞද්ගලික සඟරාජ්‍යය අංශයේ ආයතනවල සේවයේ නිරත වේ.

වාණිජවේදී ගෞරව

මෙම උපාධි පාඨමාලාව 1973 වර්ෂයේ සිට පුරා දශක පහකට වැඩි කාලයක් පවත්වා ගෙන එන්නකි. මේ උපාධි පාඨමාලාවෙනි අරමුණ වනුයේ දැඩි තරඟකාරීත්වයෙන් යුත් ගෝලීය සහ දේශීය ආර්ථික පරිසරය හමුවේ නවීන ව්‍යාපාර සංවිධානයන්හි අභියෝග වලට මුහුණදීම සඳහා දැනුම, කුසලතා හා ආකල්ප වලින් සත්තද්ධ උපාධිධාරීන් බිහි කිරීමයි. වාණිජ වේදී උපාධිධාරියෙකු තමන් අධ්‍යයන කරනු ලබන ක්‍ෂේත්‍රයේ පුළුල් සංකල්පමය සහන්‍යායාත්මක දැනුම සම්භාරයකින් මෙන්ම අන්තර්ජාතික දැක්මකින් හෙබි ප්‍රවීණයෙකු විය යුතුය. එසේම, වාණිජවේදී උපාධිධරයෙකු සතුව න්‍යායන් හා ඒවාට පාදක වූ උපකල්පන ඇගයීමට හා භාවිත කිරීමට, ගැටළු හඳුනා ගැනීමට, ඒවා විසදීම සඳහා සුදුසු ක්‍රියාවලින් සංවර්ධනය කිරීමට සහ උපාය මාර්ගික තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි යෙදීමට ඇති හැකියාව ඇතුළුව විවේචනාත්මක, සංකල්පීය සහ පරාවර්තක චින්තනය සහ විමර්ෂනය කිරීමේ හැකියාව තිබිය යුතුය. සිව් වසරකින් යුත් මෙම උපාධි පාඨමාලාවෙහි අවසන් අධ්‍යයන වර්ෂයේදී සම්පුර්ණ කිරීමට නියමිත පර්යේෂණ නිබන්ධනය (Research dissertation) සහ සය මසක ප්‍රායෝගික පුහුණු වැඩ සටහන(Internship) තුළින් දැනුම සහ ප්‍රායෝගික තිරාවරණය සඳහා අවස්ථාව උදාකර තිබේ. වාණිජවේදී ගෞරව උපාධි පාඨමාලාව ආර්ථික විද්‍යාව, ගණකාධිකරණය, කළමනා කරණය, අන්තර්ජාතික වෙළදාම හා මූල්‍ය, තීරණ විද්‍යාව, තොරතුරු තාක්ෂණ, බැංකුකරණය, රක්ෂණ සහ වාණිජ නීති යනාදිය ඇතුළත් කළමනා කරණ ක්‍ෂේත්‍රයේ ප්‍රධාන විෂයයන්ගෙන්මනා සංකලනයකින් යුක්ත වේ. එසේම, විෂය මාලාව වාණිජ ක්‍ෂේත්‍රයේ හර විෂයයන්ගෙන් හා පුළුල් පරාසයකින් යුත් වූ වරණය මත තෝරා ගතහැකි වෛකල්පිත විෂය ක්‍ෂේත්‍ර වලින් ව්‍යුහගත කර තිබේ. මෙම විෂය මාලාවේ සාකල්‍ය ප්‍රවේශය (Ho-listic approach) තිසා උපාධිධාරීන්ට දේශීය හා විදේශීය ආයතනවල කළමනා කරණ සහ විධායක තනතුරු ලබා ගැනීමට හැකියාව උදා වේ. සංකීර්ණ, තරඟකාරී සහ ගතික ගෝලීය ව්‍යාපාරික පරිසරයන් තුළ සාර්ථක වීමට දැඩි අධිෂ්ඨානයක් ඇති අපේක්ෂකයන් සඳහා මෙම උපාධි පාඨමාලාව යෝග්‍ය වේ.

 දේපළ කළමනා කරණය හා තක්සේරුකරණය – විද්‍යාවේදී ගෞරව

වර්ෂ 1972 දී ආරම්භ වූ මෙම උපාධි පාඨමාලාව දේපළ කළමනාකරණය සහ තක්සේරු කරණයට සම්බන්ධ විවිධ ක්ෂේත්‍රයන්හි දැනුම මෙන්ම මනා පුහුණුවක් ද ලබා දෙන ශ්‍රී ලංකාවේ පුරෝගාමී සහ එකම උපාධි පාඨමාලාව වේ. මෙම පාඨමාලාවෙහි දී පුළුල් පරාසයක විෂය යටතේ සිදු කරනු ලබන දේශන, ප්‍රායෝගික අභ්‍යාස සහ ව්‍යාපෘති මගිත්තක් සේ රුකරණය, දේපළ කළමනාකරණය, නාගරික හා ප්‍රාදේශීය සැලසුම්කරණය, නාගරික ඉඩම් පිළිබඳ ආර්ථික විද්‍යාව, දේපළ අලෙවිකරණය හා දේපළ මුල්‍ය ධනය යන අංශ ආවරණය වන අතර ස්වාධීන පර්යේෂණ වාර්තා පිළියෙළ කිරීම හා අදාළ ආනයන්හි විෂයානුබද්ධ පුහුණුවක් ද සිදු කරනු ලබයි. එමඟින් උපාධිධරයන්ගේ සංකීර්ණ දත්ත කළමනාකරණය සහ විශ්ලේෂණය කිරීම, ගැටලු විසදීම, ඵලදායී සන්නිවේදනය, කණ්ඩායම් වැඩ, නායකත්වය, තාක්ෂණය භාවිතය, න්‍යාය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම, සබඳතා ගොඩනඟා ගැනීම, නව ව්‍යාපාර උත්පාදනය කිරීම සහ ගනුදෙනුකරුවන්, අනෙකුත් වෘත්තිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාව සමඟ කටයුතු කිරීම සම්බන්ධ දැනුම, කුසලතා සහ ආකල්පයන් වැඩි දියුණු කිරීම මගින් ඔවුන්ගේ වෘත්තීය ඉලක්කයත් සාක්ෂාත් කර ගැනීම සඳහා මඟ පෙන්වීම සිදු කරනු ලබයි.

මෙම උපාධි පාඨමාලාව ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනය (IVSL), වරලත් මිනින්දෝරුවරුන්ගේ රාජකීය ආයතනය එක්සත් රාජධානිය (RICS UK) විසින් පිළිගත් උපාධි පාඨමාලාවක් වන අතර නියමිත වෘත්තීය නිපුණතා සම්පුර්ණ කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක සපුරා ඇති උපාධිධාරීන් එම වෘත්තීය ආයතනයන්හි වරලත් තක්සේරුකරුවන් සහ වරලත් දේපළ කළමනාකරුවන් ලෙස සාමාජිකත්වය ලබා ගැනීමට සුදුසුකම් ලබයි. පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ උපාධිධාරීන් හට ඉහළ ඉල්ලුමක් පවතින අතර ඔවුන්ට දේශීය මෙන්ම ජාත්‍යන්තර සහ රාජ්‍ය අංශයේ ආයතනවල ද තක්සේරු කරණය, දේපළ සංවර්ධන සහ කළමනා කරණ ක්ෂේත්‍ර වල මෙන්ම කළමනා කරණ සහ පරිපාලන තනතුරුවල වෘත්තීන් හැදෑරීමෙ හැකියාව පවතී. එමෙන්ම, මෙම පාඨමාලාව දේපළ අධ්‍යයනය හා තක්සේරු කරණය විෂය ක්ෂේත්‍රයෙහි දේශීය හා විදේශීය පශ්චාත් (Postgraduate) උපාධි සුදුසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන සුදුසුකම් ද සපුරාලනු ලබයි. පාඨමාලාවේ ප්‍රවේශ සුදුසුකම් වලට අමතරව ගණිතය විෂයන් සඳහා වැඩි නැඹුරුවක් ඇති එමෙන්ම පුළුල් ක්ෂේත්‍රයන්ට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් ඉගෙනීමට කැමැත්තක් දක්වන සිසුන් සඳහා මෙම පාඨමාලාව ඉතා යෝග්‍ය වේ.

මුල්‍ය – විද්‍යාවේදී ගෞරව

2001 වර්ෂයේදී හඳුන්වා දුන් මූල්‍ය – විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව, බැංකුකරණය, ආයෝජනයන්,වත්කම් කළමනා කරණය, මූල්‍ය පර්යේෂණ සහ සාංගමික මූල්‍ය යන ක්ෂේත්‍රයන්හි වෘත්තීය වේදීන්ට අත්‍යවශ්‍ය මූල්‍ය, සංඛ්‍යාත්මක සහ විශ්ලේෂණාත්මක කුසලතාවයන් පූර්ණ ලෙස උපාධිධාරීන්ට ලබා දේ. මෙම උපාධිය තුළ සාංගමික මූල්‍ය, ආයෝජනයත්, මූල්‍ය වෙළඳ පොළ සහ ආයතන, තාක්ෂණික මූල්‍ය යන ප්‍රධාන ක්ෂේත්‍රයන් අධ්‍යයනය කෙරේ. අඛණ්ඩ ඉගෙනීම ප්‍රවර්ධනය කරන උපාධියක් ලෙස මෙය ආචාර ධර්ම, තිරසාර සම්මතයන් සහ නියාමනයන්ට අනුව තීරණ ගැනීම කෙරෙහි අවධානයක් යොමු කරයි. විද්‍යාවේදී මූල්‍ය ගෞරව උපාධිය තුළ ස්වාධීන පර්යේෂණ අධ්‍යයනයක් අවශ්‍ය වන අතර මූල්‍ය ක්ෂේත්‍රයන්හි මාස තුනකට නොඅඩු ආයතනික පුහුණුවක් ලබාදේ. මෙම උපාධි පාඨමාලාව වරලත් මූල්‍ය විශ්ලේෂකයන් (CFA) සමඟ අනුබද්ධව කටයුතු කරන අතර ඔවුන් විසින් වෘත්තීය අධ්‍යනයන් සඳහා වාර්ෂිකව ශිෂ්‍යත්වයන්ද ප්‍රධානය කරනු ලබයි. එමෙන්ම, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය, CIMA සහ ACCA යන වෘත්තීය ආයතන විසින් ඔවුන්ගේ වෘත්තිය සුදුසුකම සඳහා නිදහස් කිරීම ද පිරිනමා ඇත.

 මානව සම්පත් කළමනා කරණය – විද්‍යාවේදී ගෞරව

මානව සම්පත් කළමනාකරණ උපාධිය හඳුන්වා දෙන ලද්දේ 1994 වර්ෂයේ වන අතර එහි අරමුණ වනුයේ මානව සංවර්ධනය, ආයතන සංවර්ධනය හා ස්වයං සංවර්ධනය සඳහා අදාළ, වැදගත් සහ අද්විතීය දායකත්වයක් ලබා දීමට අවශ්‍ය ගුණාංග සතු මානව සමපත් කළමනා කරණ උපාධිධරයන් උත්පාදනය කිරීමයි. මෙම පාඨමාලාව, මානව සම්පත් කළමනා කරණ විෂය පරිපථයද ඇතුළත්ව පොදු කළමනා කරණය, මානව සබඳතා, තොරතුරු තාක්ෂණය, සන්නිවේදනය, පුද්ගල කළමනාකරණය සහ පුද්ගල ගුණත්ව වර්ධනය යන පුළුල් පැති කඩයන් හතක් සම්බන්ධයෙන් නිවැරදි දැනුම, කුසලතා හා ආකල්ප සපයයි. මෙයින් දිගුකාලීන ඉගෙනිම හා ස්වයං සංවර්ධනය සඳහා වූ මාතසික හා කායික සුදානමත් ආශාවත් ඇති කර ගනිමින් උපාධිධරයෝ කාර්යක්ෂම හා සඵලදායි මානව සම්පත් කළමනා කරණ වෘත්තිකයන් වීමට අවශ්‍ය විභවතාව වර්ධනය කර ගනිති. උපාධි පාඨමාලාව සිව් වසරක කාල සීමාවක් වන අතර එයට අනිවාර්ය වසරක මානව සම්පත් කළමනා කරණ සීමාවාසික පුහුණුවක් සමඟ ස්වාධීන පර්යේෂණ අධ්‍යයනයක් ඇතුළත් වේ. ශිෂ්‍යාට මානව සම්පත් කළමනා කරණ සංසිද්ධියකට අනුව ක්‍රමානුකූල සහ/ හෝ විද්‍යාත්මක විමර්ශනයක නියැලෙතඅතරතුර ආයතනයක විවිධ මානව සම්පත් කළමනා කරණ පැතිකඩයන්හි ප්‍රායෝගික නිරාවරණයක් ලබා ගැනීමට මෙයින් හැකියාව ලබා දේ. මේ තුළිත් සදාචාර සංවර්ධනය, සදාචාරාත්මක සහ සමාජ කාර්ය සාධනය, ස්වභාවික පරිසරය වැඩි දියුණු කිරීම හා ස්වයං කළමනා කරණය පිළිබඳ ශිෂ්‍යයින්ට දැනුවත් කරනු ලබයි. මෙම පාඨමාලාව නිර්මාණය කොට ඇත්තේ විධායකයින්, කළමනාකරුවන්, උපදේශකයින්, නායකයින්, පරිපාලකයින්, පුහුණුකරුවන්, ගුරුවරුන්, ශාස්ත්‍රාලිකයින් වශයෙන් කටයුතු කිරීමට දක්ෂ උපාධිධරයන් සංවර්ධනය කිරීමටය. මෙම පාඨමාලාව යෝග්‍ය වනුයේ සැබෑ මානව සම්පත් කළමනා කරණ උත්ප්‍රේරකයන් වීමට අවශ්‍ය හැකියාව සහ අභිප්‍රේරණය සතු පුද්ගලයන්ට සහ ආයතන දියුණුව සහ තිරසාර භාවය උදෙසා තනි හා සාමූහික වශයෙන් උපරිම දායකත්වය ලබා දෙන යෝග්‍ය සහ තෘප්තිමත් ශ්‍රම බලකායක් සැපයීමට මුලික වන වෘත්තිකයන් සඳහාය.

අලෙවි කළමනා කරණය – විද්‍යාවේදී ගෞරව

අලෙවි කළමනා කරණය- විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව 1994 දී ආරම්භ කරන ලද්දේ පර්යේෂණවල දායකත්වය අගය කරමින් ප්‍රායෝගික පුහුණුව ද ඇතුළත්ව, අලෙවිකරණය සහ ඒ ආශ්‍රිත විෂයයන් පිළිබඳ ගැඹුරු, සුසංයෝගී සහ පුළුල් දැනුමක් ලබා දෙමින් දේශීය හා ගෝලීය ආයත්තික අංශයේ අපේක්ෂාවත් තෘප්තිමත් කිරීමේ අරමුණෙනි. මෙම පාඨමාලාව අනිවාර්ය සහ තෝරාගත හැකි විෂයයන් සහිතව මනා සංයෝජනයකින් යුක්තව සැලසුම් කර ඇත. අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ විශේෂිත වූ වෘත්තීය දිශාන්තියන්ට යොමු කිරීම උදෙසා අවශ්‍ය කරන දැනුම, කුසලතා, ආකල්ප වටිනාකම් සහ වෘත්තීය භාවය ඇතුළු විවිධ ඉගෙනුම් අංශ වලින් මෙම පාඨමාලාව සමන්විත වේ. ආයතන සහ සමස්තයක් වශයෙන් සමාජයට වටිනාකමක් ලබා දීම සඳහා තව්‍ය, නිර්මාණ ශීලී සහ ක්‍රියාශීලී උපාධිධරයන් නිර්මාණය කිරීමට අවශ්‍ය නවීන පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ ඉගෙනුම් පරිසරයක් තුළ ඉහළ සුදුසුකම ලත් අධ්‍ය යන කාර්ය මණ්ඩලයක් විසින් මෙම උපාධි පාඨමාලාව මෙහෙයවනු ලබයි.

කළමනාකරණය සහ රාජ්‍ය ප්‍රතිපත්ති – විද්‍යාවේදී ගෞරව

මෙම උපාධි පාඨමාලාව තුළින් දේශීය හා ගෝලීය වශයෙන් රාජ්‍ය, පෞද්ගලික හා රාජ්‍ය නොවන සංවිධානවල කළමනාකරුවන් සහ පරිපාලකයින් ලෙස විශිෂ්ඨව කටයුතු කිරීමට හැකිවන පරිදි අදාළ ත්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම, කුසලතා සහ ආකල්ප සහිතගතික උපාධිධාරීන් බිහිකිරීම අරමුණු කරගෙන ඇත. අන්තර් විෂයයීය හා බහු විධ විෂයයීය විෂයන්ගෙන් සම මිශ්‍රණය වූ සිව් අවුරුදු උපාධි පාඨමාලාවකි. උපාධි පාඨමාලාව තුළ සිසුන්ගේ ස්වාධීන තාර්කික චින්තනය සංවර්ධනය කිරීම සඳහා පර්යේෂණ අංගයක් නිර්මාණය කර ඇති අතර අවශ්‍ය කළමනා කරණ කුසලතා සිසුන්ට ලබාදීම සඳහා ප්‍රායෝගික පුහුණු ඒකකය (සීමාවාසික පුහුණුව) ලබාදෙනු ලැබේ. පළමු හා දෙවන වසර වලදී උපාධි පාඨමාලාවේ ඉගැන්වීමේ මාධ්‍යය ද්වීභාෂා (සිංහල සහ ඉංග්‍රීසි) වන අතර තෙවන හා සිව්වන වසර වලදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් වේ. උපාධි පාඨමාලාව සැලසුම් කර ඇත්තේ සමාජයේ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා විවිධ අංශ හා විවිධ භූමිකාවන් හා වගකීම් සහිතව කටයුතු කිරීමට අපේක්ෂා කරන සිසුන් සඳහා වේ.

ව්‍යාපාර තොරතුරු පද්ධති – විද්‍යාවේදී ගෞරව

කළමනා කරණ හා තොරතුරු තාක්ෂණ යන දෙඅංශයෙන්ම ඉහළ දැනුමක් ඇති තාක්ෂණිකව ශක්තිමත් අනාගත උපාධිධාරියෙකු බිහි කිරීමේ අරමුණින් වර්ෂ 2001 දී ව්‍යාපාර තොරතුරු පද්ධති – විද්‍යාවේදී ගෞරව උපාධි වැඩසටහන හඳුන්වා දෙන ලදි. කළමණා කරන අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණයේ විශේෂිත නිරාවරණයෙන් ඒකාබද්ධ කරන මෙවැනි ආකාරයේ ප්‍රමුඛතම සහ එකම උපාධිය වන බැවින් මෙම උපාධි පාඨමාලාව අද්විතීය වේ. මෙම උපාධි පාඨමාලාව දැනුම, කුසලතා, ආකල්ප, සාරධර්ම, වෘත්තීය භාවය සහ ‘ මනස – සැකසුම හා ආදර්ශනය පාදක කරගත් ඉගෙනුම් ප්‍රතිඵල ආවරණය වන අත්‍යාවශ්‍ය මෘදු කුසලතා සහ ඩිජිටල් ලෙස සක්‍රීය සේවා පරිසරය තුළ කටයුතු කිරීමට අවශ්‍ය කුසලතා ආවරණය වන පරිදි ඒකාබද්ධ කළ අනිවාර්ය හා තෝරාගත් විෂයයන්ගෙන් සමන්විත වේ. ඒ සඳහා අවශ්‍ය න්‍යායාත්මක දැනුම මෙන්ම කළමනා කරණය, තොරතුරු පද්ධති සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම්ද මේ හරහා සිසුන්ට ලබා දේ. මෙය ගෝලීය ආර්ථිකයේ පාරිභෝගික යථාර්ථයන් වෙත සිසුන් නිරාවරණය කරමින් මාස හයක කාලයක් දක්වා විහිදෙන සීමාවාසික පුහුණුවට අතිරේකව තොරතුරු පද්ධති සංවර්ධන පර්යේෂණ ව්‍යාපෘතියක් හෝ තොරතුරු පද්ධති ආශ්‍රිත පර්යේෂණ අධ්‍යයනයක්ද ඇතුළත් සිව් අවුරුදු උපාධි පාඨමාලාවකි. උපාධිය සම්පුර්ණ කිරීමෙන් පසුව එම උපාධිධාරීන්ට දේශීය හා විදේශීය, රාජ්‍ය හෝ පෞද්ගලික යන දෙඅංශයේම කළමනා කරණ සහ විධායක ශ්‍රේණි හි තනතුරු ලබා ගැනීමේ හැකියාව පවතී. තව ද, මෙම උපාධිධාරීන්ට මෘදුකාංග සංවර්ධන කර්මාන්තයේ නව ව්‍යාපාරික මාර්ගයන් ආරම්භ කරමින් ව්‍යවසායකත්ව හැකියාවන් තුළ ක්‍රියාත්මක වීමට ද හැකියාව හිමි වේ. තොරතුරු පද්ධති සහ තොරතුරු තාක්ෂණය කෙරෙහි උනන්දු වක් දක්වන ගතික, නිර්මාණාත්මක සහ විවිධාකාර ව්‍යාපාරික වෘත්තිකයන්, නායකයන් සහ වෙනස් කිරීමේ නියෝජිතයන් වීමට දැඩි උද්යෝගයක් දක්වන පාර්ශවයන් හට මෙම උපාධි පාඨමාලාව ඉතා යෝග්‍ය වේ.

මෙහෙයුම් සා තාක්ෂණ කළමනා කරණය – විද්‍යාවේදී ගෞරව

කළමනා කරණ ක්ෂේත්‍රයට පළමුවෙන්ම වර්ෂ 2008 දී හඳුන්වා දෙනු ලැබූ මෙම මෙහෙයුම හා තාක්ෂණ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය වර්තමාන ව්‍යාපාර ක්ෂේත්‍රයට ඉතා යෝග්‍ය වන සහ වඩාත් ඉල්ලුමක් පවතින පුරෝගාමී උපාධි පාඨමාලාවකි. මෙහෙයුම් කළමතා කරුවන්, තත්ත්ව කළමනාකරුවන්, සැපයුම් දාම කළමනා කරුවන්, ව්‍යාපාර විශ්ලේෂකයන්, සහ ව්‍යාපාරික උපදේශකයන් ඇතුළු විවිධ වෘත්තීන් සඳහා සුදුසු උපාධිධාරීන් බිහි කිරීම උදෙසා මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත.

පුළුල් පරාසයක විෂයයන් ආවරණය කරමින් සකස් කර ඇති මෙම පාඨමාලාව, මෙහෙයුම් කළමනා කරණය, සැපයුම් දාම කළමනා කරණය, සේවා කළමනා කරණය, තත්ත්ව කළමනාකරණය, තාක්ෂණ කළමනාකරණය, මෙහෙයුම් පද්ධති සැලසුම කළමනා කරණය, ව්‍යාපාර විශ්ලේෂණ සහ සංකාර්ය පර්යේෂණ යන ප්‍රධාන විෂයයන්ගෙන් සමන්විත වේ. මීට අමතරව, උපාධි වැඩ සටහත ගිණුම්කරණය, මුල්‍ය, මානව සම්පත් කළමනාකරණය, අලෙවිකරණය සහ ආර්ථික විද්‍යාව වැනි කළමනා කරණයට අදාළ අනෙකුත් විෂයයන් ද ආවරණය කරයි. උපාධි වැඩසටහන යටතේ පෞරුෂ හා නිපුණතා සංවර්ධන විෂයයන් ගණතාවක් ද පිරිනමනු ලැබේ. උපාධිධාරීන් රැකියා ලෝකයට සූදානම් කිරීම සඳහා ඔවුන්ගේ අවසාන වසරේ අධ්‍යයන කාලය තුළ සීමාවාසික පුහුණුවක් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.

තව ද උපාධිධාරීන්ට ඔවුන්ගේ විශ්ලේෂණ කුසලතා සහ තොරතුරු තාක්ෂණ කුසලතා වර්ධනය කිරීමට අවස්ථාවක් ඇතිවන අයුරින් මෙම පාඨමාලාව සකස් කර ඇත. තීරණ විද්‍යා අධ්‍යයනාංශය සතු නවීන්තම මෘදුකාංග ඇතුළත් අංග සම්පුර්ණ පරිගණක මධ්‍ය ස්ථානය මෙම කුසලතා වර්ධනය කිරීමට මනාව උපකාරී වේ. අධ්‍යයනාංශය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම ගණනාවක් සමඟ අවබෝධතා ගිවිසුම් තුළින් ව්‍යාපාරික සබඳතා ගොඩනගාගෙන ඇති අතර අධ්‍යයනාංශයේ සම්පත් මධ්‍යස්ථානය මඟින් කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ගේ සහයෝගය ද ඇතිව බොහෝ පර්යේෂණ සිදු කරයි.

ඉගැන්වීමේ ප්‍රවේශය දේශන, ක්ෂේත්‍ර චාරිකා, බාහිර පුහුණු වැඩසටහන් සහ කර්මාන්ත – ශාස්ත්‍රීය සහයෝගීතා වැඩසටහන් වලින් සමන්විත වේ. මෙම විස්තීර්ණ විෂය මාලාව උපාධිධාරීන්ට න්‍යායික දැනුම පිළිබඳ මනා දැනුමක් පමණක් නොව, ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමත්, මෙහෙයුම් සහ තාක්ෂණ කළමනා කරණය යන ගතික ක්ෂේත්‍රයේ සාර්ථකත්වය සඳහා ඔවුන් සුදානම් කිරීමත් සන්තික කරයි.

ව්‍යවසායකත්වය – විද්‍යාවේදී ගෞරව

ව්‍යවසායකත්වය – විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව සෙසු පාඨමාලාවන් අතරින් සුවිශේෂී පාඨමාලාවකි. එය ආර්ථික හා සමාජ තිරසාරත්ව යනා බැඳීගෝලීය උපනිතින් අනුව නිර්මාණය වී ඇත. මෙම පාඨමාලාවෙහි අරමුණ වන්නේ ව්‍යවසායකත්ව යොමුවකින්. නව හා පවතින ව්‍යාපාර ගොඩනංවා පවත්වා ගෙන යා හැකි අනාගත ව්‍යාපාරික ව්‍යවසායකයින් හා ව්‍යවසායක කළමනාකරුවන් බිහි කිරීමයි. මෙම පාඨමාලාව ව්‍යාපාර කළමනා කරණය හා ව්‍යසායකත්වය යන මූලික ක්ෂේත්‍රයන්හි දැනුම කේන්ද්‍ර කොටගෙන නිර්මාණය වී ඇති අතර, ගෝලීය ව්‍යාපාරික ලෝකය ජයගැනීම සඳහා සුදුසු වන උපාධිධරයෙකු බිහි කිරීම සඳහා දැනුම, කුසලතා, ආකල්ප හා මනෝස්වභාවය ඇසුරෙන් සමන්විත දැනුම ප්‍රතිඵලයන් සංයෝජනය කරයි.

තවද මෙම සිව් වාර්ෂික පාඨමාලාව තුළ අනිවාර්ය සීමා වාසික පුහුණුවක් අන්තර්ගත වන අතර, එහිදී තමන්ගේම ව්‍යාපාරයක් ඇරඹීමට කැමති උපාධි අපේක්ෂකයන් හට ඊට අවස්ථාව ලබා දෙන අතර, ව්‍යවසායක කළමනාකරුවකු වීමට කැමැත්ත ඇති උපාධි අපේක්ෂකයන්ට කළමනා කරණ පුහුණුකරුවෙකු ලෙස ආයතනයක සේවය කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇත. එමෙන්ම මෙම පාඨමාලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික පරිචයන් මුසු කරමින් පර්යේෂණයක නිරත වීමට ද අවකාශය ඇත. මෙම පාඨමාලාවේ ඉතා වැදගත් ලක්ෂණය වන්නේ, පාඨමාලාව හදාරන සිසුන් සඳහා ව්‍යවසායකත්ව මනෝ ස්වභාවය හා හැකියාවන් ඔවුන් තුළ ගොඩනංවන අතර එහිදී ආත්ම විශ්වාසය, නිර්මාණ ශීලීත්වය, අවදානම් දැරීම, නොපසුබස්නා උත්සහය, ” කළ හැකිය ” යන සුබවාදී ආකල්පය, දැක්මක් සහිත බව, අවස්ථා උකහා ගැනීම, සමාජ අවබෝධය, බුද්ධිය, පූර්ව ප්‍රතිචාරි බව යන ව්‍යවසායකත්ව ලක්ෂණ ඔවුන් තුළ ජනිත කරවීමට දායක වීමයි. මේ හේතුව නිසාම මෙම පාඨමාලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට සාඩම්බර ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන් ලෙස අන් අය සඳහා රැකියා නිර්මාණය ද කළ හැකිය. මෙම පාඨමාලාව හැදෑරීමට වඩාත් සුදුසු වන්නේ අනාගතයේ තමන්ගේ ව්‍යාපාරයක් කිරීමට කැමති පුද්ගලයින් හා ව්‍යවසායක හැසිරීම තුළිත් වෙතත් ආයතනයක ඵලදායි වෙනස් කමක් කිරීමට කැමැත්තක් දක්වන වෘත්තිමය ව්‍යවසායකත්ව කළමනාකරුවන් ලෙස සේවය කිරීමට අපේක්ෂා කරන පිරිස් වේ.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...