ව්‍යවහාරික විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ උපාධි පාඨමාලාවල මාධ්‍යය ඉංග්‍රීසි මාධ්‍යය ලෙස සලකනු ලැබේ.
මූලික විද්‍යා විෂයයන් වන රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ගණිතය යන විෂයයන් පළමු වර්ෂයේ දී පමණක්, සිංහල පැහැදිලි කිරීම සහිතව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලැබේ. එම විෂයයන් දෙවන වර්ෂයේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ද, අනෙකුත් විෂයයන් පළමු වර්ෂයේ සිටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද හැදෑරිය යුතුය.
සියලුම සිසුන් අනිවාර්ය ඉංග්‍රීසි විෂය සඳහා සාමාර්ථයක් ලබා ගැනීම, උපාධිය ලබා ගැනීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයක් වන්නේය.
ආහාර විද්‍යාව හා තාක්ෂණය, ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය සහ බහු අවයවික විද්‍යාව සහ කාර්මික කළමනාකරණය යන උපාධි සඳහා සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් වෙනමම ලියාපදිංචි කරනු ලැබේ.
එම ආහාර විද්‍යාව හා තාක්ෂණය, ක්‍රීඩා විද්‍යාව හා කළමනා කරණය සහ බහු අවයවික විද්‍යාව සහ කාර්මික කළමනාකරණය යන විෂය ධාරාවන්ට ලියාපදිංචි වන සිසුන් න්හැර අනෙකුත් සියලුම සිසුන් පහත සඳහන් විෂය සංකලන සහිත පාඨමාලාවක් තෝරාගත යුතුය.
සිසුන්ට ජෛවීය විද්‍යාව, භෞතීය විද්‍යාව යන පාඨමාලාවන්ට අයත් වන මතු දැක්වෙත විෂයයන් ගෙන් සමන්විත විෂය සංකලන හැදෑරීම සඳහා අවස්ථාව සලසා ඇත.
විෂය සංකලන
B01 | රසායන විද්‍යාව, සත්ත්ව විද්‍යාව, භෞතික විද්‍යාව | English Medium |
B02 | රසායන විද්‍යාව, සත්ත්ව විද්‍යාව, ශාක ජෛව තාක්ෂණය/ ශාක ජීව විද්‍යාව/ක්ෂුද්‍ර ජීව විද්‍යාව | English Medium |
B04 | රසායන විද්‍යාව, පාරිසරික කළමනා කරණය හා වන විද්‍යාව, ශාක ජෛව තාක්ෂණය/ශාක ජීව විද්‍යාව/ ක්ෂුද්‍ර ජීව විද්‍යාව | English Medium |
B05 | රසායන විද්‍යාව, සත්ත්ව විද්‍යාව, ජලජ සම්පත් කළමනාකරණය | English Medium |
B07 | රසායන විද්‍යාව, කළමනාකරණ විද්‍යාව, ශාක ජෛව තාක්ෂණය/ශාක ජීව විද්‍යාව/ ක්ෂුද්‍ර ජීව විද්‍යාව | English Medium |
B08 | රසායන විද්‍යාව, කළමනා කරණ විද්‍යාව, සත්ත්ව විද්‍යාව | English Medium |
B09 | රසායන විද්‍යාව, ආහාර විද්‍යාව, ජීව විද්‍යාව | English Medium |
B12 | රසායන විද්‍යාව, ජලජ සම්පත් කළමනාකරණය, කළමනා කරණ විද්‍යාව | English Medium |
B14 | රසායන විද්‍යාව, ප්රවේණි හා අණුක ජීව විද්‍යාව, ජීව විද්‍යාව | English Medium |
B15 | රසායන විද්‍යාව, ජලජ සම්පත් කළමනා කරණය, පාරිසරික කළමනා කරණය හා වන විද්‍යාව | English Medium |
B16 | සත්ත්ව විද්‍යාව, ජලජ සම්පත් කළමනාකරණය, කළමනා කරණ විද්‍යාව | English Medium |
B17 | රසායන විද්‍යාව, පාරිසරික කළමනා කරණය හා වන විද්‍යාව ඉලෙක්ට්‍රොනික හා කාවැද්දුම් පද්ධති. | English Medium |
භෞතීය විද්‍යා
කේත අංකය | විෂයයන් | මාධ්‍යය |
P01 | ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව | English Medium |
P02 | ගණිතය, රසායන විද්‍යාව, සංඛ්‍යාත විද්‍යාව | English Medium |
P03 | ගණිතය, භෞතික විද්‍යාව, සංඛ්‍යාන විද්‍යාව | English Medium |
P04 | ගණිතය, රසායන විද්‍යාව, කළමනාකරණ විද්‍යාව | English Medium |
P05 | ගණිතය, භෞතික විද්‍යාව, කළමනා කරණ විද්‍යාව | English Medium |
P06 | ගණිතය, පරිගණක විද්‍යාව, සංඛ්‍යාන විද්‍යාව | English Medium |
P07 | ගණිතය, පරිගණක විද්‍යාව, භෞතික විද්‍යාව | English Medium |
P08 | ගණිතය, සංඛ්‍යාන විද්‍යාව, ආර්ථික විද්‍යාව | English Medium |
P12 | ගණිතය, ව්‍යවහාරික ගණිතය, පරිණක විද්‍යාව
|
English Medium |
P13 | ගණිතය, භෞතික විද්‍යාව, ඉලෙක්ට්‍රොනික හා කාවැද්දුම පද්ධති | English Medium |
P14 | ගණිතය, ව්‍යවහාරික ගණිතය, කළමනා කරණ විද්‍යාව | English Medium |
පොදු විෂය සංකලන
(ජෛවීය විද්‍යා හා හොභෞතික විද්‍යා විෂයයන් සඳහා)
C01 | රසායන විද්‍යාව, පාරිසරික කළමනා කරණය හා වන විද්‍යාව, කළමනා කරණ විද්‍යාව | English Medium |
C02 | රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, බහු අවයවික විද්‍යාව හා තාක්ෂණය | English Medium |
විද්‍යාවේදී උපාධි පාඨමාලාව (BSc Degerr Programme (Credits 90 – SLQF Level 5)
මෙම තුන් අවුරුදු උපාධි පාඨමාලාව සැලසුම් කොට ඇත්තේ, විවිධ ක්ෂේත්‍ර වල තීරණ ගැනීමේ සහ නායකත්වය සඳහා උපාධිධාරීන් පුහුණු කිරීම අරමුණු කරගෙනය. මෙම උපාධි පාඨමාලා වලදී සියලුම සිසුන් පළමු වසර දෙක තුළදී ඔවුන් තෝරාගත් විෂයයවලට අදාළ මූලික ඒකක (Course Units) හැදෑරීම අත්‍ය වශ්‍ය වේ. ජාතික විද්‍යා හා තාක්ෂණ අවශ්‍යතා සහ රැකියා අවශ්‍යතා සඳහා උචිතවිවිධ විෂයන් තෙවන වසරේදී හදුන්වා දී ඇත.
විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලා,ව (120 ණය – SLQF Level 6)
BSc Honours in Specializing Field උදා :BSc Honours in Chemistry
තෝරාගත් විෂයකට අදාළව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, පරයේෂකයන් සන වෘත්තීය වේදින් වීමට අපේක්ෂා කරන සිසුන් සඳහා, සිව් වසරක ගෞරව උපාධි පාඨමාලා ඉදිරිපත් කර ඇත. මෙහිදී පළමු වසර දෙක තුළ දී ඉහළ කුසලතා දක්වන සිසුන් පහත සඳහන් විෂයයන්ට අදාළ ගෞරව උපාධි පාඨමාලා සඳහා තෝරාගනු ලැබේ.
එම විෂයයත් තම රසායන විද්‍යාව, බහු අවයවික විද්‍යාව, කර්මාන්ත රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ජලජ සම්පත් කළමනාකරණය, පරිගණක විද්‍යාව, පාරිසරික කළමනාකරණය සහ වන විද්‍යාව, ගණිතය, ව්‍යවහාරික ගණිතය, ශාක ජීව විද්‍යාව, ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ශාක ජෛව තාක්ෂණය, සංඛ්‍යාන විද්‍යාව, භෞතික විද්‍යාව සහ සත්ත්ව විද්‍යාව වේ.
ඊට අමතරව ආහාර විද්‍යාව හා තාක්ෂණය, ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය සහ බහු අවයවික විද්‍යාව සහ කාර්මික කළමනාකරණය පාඨමාලාද මේ යටතට ගැනේ.
විස්තාරිත උපාධි පාඨමාලාව (120 Credits- SIOQF Level 6)
BSC Honours in Applied Sciences
මෙම සිව් අවුරුදු ගෞරව උපාධි පාඨමාලාව සැලසුම් කොට ඇත්තේ සිසුන්ට අදාළ කර්මාන්ත සඳහා ඇතුළත් වීම ඉලක්ක කරගෙනයි.
පළමු තුන් වසර තුළදී ඉහළ කුසලතා දක්වන සිසුන්ට හතර වන වසරේදී මෙම ගෞරව උපාධි පාඨමාලාවට ඇතුළත් විය හැක හතර වන වසරේ දෙවන වර්ෂාර්ධය අවසාන වන විට පත්ත විෂයන්ට අදාළව සහ අනිවාර්යය Inplant Training/ Internship නෝ පර්යේෂණ ව්‍යාපෘතියක් සම්පූර්ණ කළ යුතුය.
එම විෂයයන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), බහු අවයවික විද්‍යාව හා තාක්ෂණය (PST), කළමනා කරණ විද්‍යාව, ආර්ථික විද්‍යාව, ජීව විද්‍යාව, ශාක ජීව විද්‍යාව (PBT), ගණිතය, සංඛ්‍යාත විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, පරිගණක විද්‍යාව, පාරිසරික කළමනාකරණය සහ වන විද්‍යාව (EMF), ජලජ සම්පත් කළමනාකරණය සහ සත්ත්ව විද්‍යාව වේ.
විද්‍යාවේදී භෞතික විද්‍යා හා තොරතුරු සන්නිවේදන තාක්ෂණය (PICT) උපාධිය (90 Credits – SLQF Level 5)
භෞතීය විද්‍යා – තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය වර්ගීකරණය යටතේ අ. පො. ස. (උසස් පෙළ) සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව හා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (PICT), හැදෑරු සිසුන්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තුන් අවුරුදු විද්‍යාවේදී භෞතික විද්‍යා හා තොරතුරු සන්නිවේදන තාක්ෂණය උපාධියට ඇතුළත් කෙරේ. මෙම සිසුන්ට පහත සඳහන් විෂය සංකලන එකක් හැදෑරීමට අවස්ථාව හිමි වේ.
මෙම සිසුන් පොදු විෂය ධාරාව යටතේ ගණිතය සහ භෞතික විද්‍යාව හදාරන තෙයින් කුසලතා මත ගණිතය සන භෞතික විද්‍යාව ගෞරව උපාධිය හැදෑරීමට අවස්ථාව හිමි වන්නේය.
භෞතික විද්‍යා හා තොරතුරු සන්නිවේදන තාක්ෂණය
කේන අංකය විෂයයන් මාධ්‍යය
101 ගණිතය, භෞතික විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය English Medium
102 ගණිතය, භෞතික විද්‍යාව, ඉලෙක්ට්‍රොනික හා කා වැද්දුම් පද්ධති English Medium
වැඩි විස්තර පහත දැක්වෙන වෙබ් අඩවියෙන්ද ලබා ගත හැක.
http://science.sjp.ac.lk
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.