WordPress WooCommerce Themes

පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලය

පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨය

පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨය ශ්‍රී ලංකාව තුළ පශු වෛද්‍ය විද්‍යාව උපාධිය පිරිනමන එකම ආයතනය වේ. ඉංග්‍රීසි භාෂාවෙන් පිරිනැමෙන මෙම උපාධි පාඨමාලාව අධ්‍යයත වර්ෂ පහකින් (සමාසික දහයකින්) සමත්විත වේ. මුලික පශු විද්‍යා දෙපාර්තමේන්තුව, පශු ව්‍යාධිවේද දෙපාර්තමේන්තුව, පශු මහජන සෞඛ්‍ය හා ඖෂධ වේදී දෙපාර්තමේන්තුව, පශු සායනික විද්‍යා දෙපාර්තමේන්තුව සන ගොවිපල සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යන අධ්‍යයන දෙපාර්තමේන්තු පහක් සහභාගීත්වයෙන් මෙම උපාධි පාඨමාලාව පිරිනැමේ.

2020 වසරේ සිට ක්‍රියාත්මක කරන ලද පස් අවුරුදු නව විෂය මාලාව පාඨමාලා ඒකක ක්‍රමය අනුව සිදු කෙරෙන අතර උපාධිය ලබා ගන්නා අවස්ථාවේදී සිසුන්ට ඔවුන් ලබා ගන්නා ශ්‍රේණියේ සමුච්චිත ලකුණු සාමාන්‍යය ලබා ගැනීමේ හැකියාව ලැබේ. සියලු දේශන සහිත ඉගැන්වීම සිව්වන වසර අවසානය වන විට නිම කෙරෙන අතර පස් වන වසර දේශන රහිත සායනික පුහුණුව සඳහා පමණක් කැප වූ වසරක් වේ. පස් වන වසර තුල සිසුන් පශු වෛද්‍ය ශික්ෂණ රෝහල් දෙකෙහි (සුරතල් වන හා සත්වෝද්‍යාත සතුන් සඳහා වන රෝහල් හා ගොවිපල සත්ත්ව රෝහල) පශු ශික්ෂණ ගොවිපලෙහි හෝ රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයෙන් පරිභාහිර ස්ථාන වල හෝ ස්ථානගත කෙරෙනු ලැබේ.

උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව සියලු උපාධිධාරීන් විසින් සය මාසික සීමාවාසික පුහුණුවක් ලැබිය යුතු අතර ඉන් අතතුරුව පශු වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත හැකි වේ.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...