විද්‍යා පීඨය
මෙම පීඨය අධ්‍යනාංශ අටකින් සමන්විත වේ. ඒවා, උද්භිත විද්‍යාව, රසායන විද්‍යාව, භූ විද්‍යාව, ගණිතය, අණුක ජීව විද්‍යානා ජෛව තාක්ෂණය, භෞතික විද්‍යාව, සංඛ්‍යානය හා පරිගණක විද්‍යාව, සත්ත්ව විද්‍යාව යන නම් වලින් හැඳින් වෙන අතර විද්‍යා අධ්‍යාපන ඒකකය හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ඒකක නමින් ඒකක දෙකක් ද වේ. පහත වගුවේ විස්තර වනුයේ පීඨයෙන් පිරිනැමෙන උපාධි වැඩ සටහන්ය.
උපාධි වැඩසටහන | කාලය | විස්තරය |
---|---|---|
විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය | අවුරුදු 03 | ජීව විද්‍යා හා භෞතික විද්‍යා යන විෂය ධාරා දෙකේම වැඩසටහන් පිරිනැමේ. |
ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය උද්භිද විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය භූ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය ගණිතය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය අණුක ජීව විද්‍යාව හා ජෛව තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සංඛ්‍යානය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය පරිගණක විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සත්ත්ව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය | අවුරුදු 04 | සිසුන්ගේ 100 හා 200 මට්ටමේ කාර්යය සාධනය සැලකිල්ලට ගෙන තරඟකාරී පදනම මත තෙවන වසර ආරම්භයේ දී සීමිත සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් කෙරේ. සිසුන් විශේෂ විෂයේ පාඨමාලා ඒකක හා අදාල අධ්‍යනාංශ වලින් නිර්දේශිත පාඨමාලා ඒකක හදාරන අතර අවසන් වසරේදී පර්යේෂණ ව්‍යාපෘතියක් ද කරනු ලබයි |
ව්‍යවහාරික විද්‍යාවන් පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය | අවුරුදු 04 | සිව්වන වසරටද තමන්ගේ අධ්‍යයන පාඨමාලාව පවත්වා ගෙනය. මේ විකල්පය සිසුන්ට ලබාදී ඇත. මෙම අවස්ථාව ලැබෙනුයේ විද්‍යාවේදී සාමාන්‍ය උපාධියේ අවශ්‍යතා සාර්ථකව සපුරා ඇති සිසුන්ටය. සිව්වන වසරේදී ඔවුන් ව්‍යවහාරික හා කාර්මික අංශය හා සම්බන්ධ වූ පාඨමාලා හා සති 16 ක කාර්මික අංශය හා සම්බන්ධව කටයුතු කිරීමක් සහිත කුසලතා සංවර්ධන වැඩ සටහතක් අධ්‍යයනය කළ යුතු වේ. |
සංඛ්‍යානය හා මෙහෙයුම් පර්යේෂණ පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය | අවුරුදු 04 |
පීඨය උපාධි අපේක්ෂකයින්ට සියලු අංගෝපාංග වලින් සමන්විත විද්‍යාගාරයක්, පරිගණක හා පුස්තකාල පහසුකම් සහිත අනි විශිෂ්ඨ අධ්‍යයන පරිසරයක් ලබාදෙයි. පීඨයේ සියළු අධ්‍යයන වැඩ සටහන් අධ්‍යයන වර්ෂයේ සමාසිකයන් දෙකක් තුළ පාඨමාලා ඒකක ක්‍රමය මත 100, 200, 300 නා 400 යන මට්ටම් හතරේදී පවත්වනු ලැබේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් දේශන පැවැත් වේ. නම්‍යශීලී වු උසස් උපාධියක් ලබාදීමේ අටියෙන් සැලසුම් කළ විවිධ විෂයන් සමූහයක් පීඨයෙන් පිරිනැමේ. එනමුදු වෙනත් විෂයන් වලට වඩා විශේෂිතවිෂයන් වලට ප්‍රවේශය ලබා ගැනීම සඳහා විශාල තරඟයක් පවතී.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.