මෙම විස්තර විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතෙන් උපුටාගැනුණු අතර සියලු හිමිකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු වේ.
වෛද්‍ය පීඨය
උපාධි අපේක්ෂක වැඩ සටහන
වෛද්‍ය විද්‍යාවේදී හා ශල්‍ය විද්‍යාවේදී උපාධිය (MBBS), මෙම පීඨයෙන් පිරිනැමේ.
මෙම පාඨමාලාවේ කාල පරිච්ජේදය වසර (05) පතක් පුරා පැතිරුණ වාර 14 කි. 2005 වසරේ සිට ” වසර 2004 න් එනා ” නමින් හැඳින් වෙත. සමාසිකයක් මොඩියුල පනක් මත පදනම් වූ විෂය නිර්දේශ සංශෝධනයක් පීඨය ආරම්භ කළේය. ” වසර 2004 ත් එහා’ නම් වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විෂය නිර්දේශයට නූතන ලෝකයේ අවශ්‍යතා හා ඉල්ලුම තහවුරු කරමින් “2003 වෛද්‍ය අධ්‍යාපනයේ ලෝක සමුළුවේදී ” යෝජනා කරන ලද වෙනස්කම් ඇතුළත් කරන ලදී. මෙම නව විෂය නිර්දේශය ප්‍රථම වතාවට 2005 වර්ෂයේදී වෛද්‍ය පාසලට ඇතුළත් වූ 2004/2005 ශිෂ්‍ය කණ්ඩායමට හදුන්වා දෙන ලදී. සාම්ප්‍රදායික ඉගැන්වීම ක්‍රමවලට පටහැති වූ මෙම තව විෂය නිර්දේශය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලබන්නේ මුල්කාලීන සායනික අදාලත්වයක්, ස්වයං අධ්‍යයනය, වෘත්තීය සංවර්ධනය හා ප්‍රජා මූලික අධ්‍යයනයක් පිළිබඳවය.
මෙම වැඩසටහන පහත සඳහන් විෂය ධාරාවන් පහකින් යුක්ත වේ.
(පළමු සමාසික8 ක කාලය තුළ)
SBM – වෛද්‍ය විද්‍යාවේ විද්‍යාත්මක පදනම – සායනික, රසායනාගාර කළමනා කරණ කටයුතු ඉටු කිරීමට පාදක වන දැනුම ලබාදේ.
CLM – සායනික රසායනාගාර කළමනා කරණය – සායනික, රසායනාගාර හා රෝගී කළකමනා කරණ කුසලතා ලබාදේ.
CLR – සන්නිවේදනය, ඉගෙනීම හා පර්යේෂණ සන්නිවේදන කුසලතා වර්ධනය, ඉංග්‍රීසි භාෂා හැකියාව, වෙබ් පදනම් කරගත් ඉගෙනුම හා පර්යේෂණ කුසලතා දියුණු කිරීම.
DIS – සමාජයීය වෛද්‍යවරයා – ජනගහන ගැටළු හා විවේචනාත්මක සෞඛ්‍ය ගැටළු හා සම්බන්ධ සමාජකර්තව්‍ය පිළිබඳව වෛද්‍යවරුන් සවි බල ගැන්වීම.
HCT – ආරෝග්‍ය ශාලා ප්‍රජාව පදනම් කරගත් පුහුණුව.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.