මෙම විස්තර විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතෙන් උපුටාගැනුණු අතර සියලු හිමිකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු වේ.
ඉංජිනේරු පීඨය
ඉංජිනේරු පීඨය මගින් ඉංජිනේරු විද්‍යාවේදී ගෞරව උපාධිය පිරිනැමෙන සිව් වසරක පූර්ණ කාලීන ඉංජිනේරු විද්‍යාවේදී උපාධි (BScEngHons) පාඨමාලාවක් පැවැත් වේ. එක් සමාසිකයකට සති 15 ක කාල පරිච්ඡේදයක් අයත් වන සමාසික ක්‍රමය මත පදනම වූ පාඨමාලා ඒකක ක්‍රමය පීඨය අනුගමනය කරයි. පාඨමාලා වැඩ (රසායනාගාර, සැලසුම් හා ක්‍ෂේත්‍ර වැඩ) හා කාර්මික අංශයේ පුහුණුව ඉංජිනේරු ගෞරව උපාධි පාඨමාලාවට අන්තර්ගත වේ. මෙම උපාධිය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) මඟින්, වොෂිංටන් ගිවිසුම (Washington Accord) යටතේ පිළිගැනීමට ලක්කර ඇත. ඉංජිනේරු විද්‍යාවේදී උපාධි වැඩසටහන සඳහා ඇතුළු වන සියළුම සිසුන් ප්‍රථම වසර තුළදී සාමාන්‍ය ඉංජිනේරු පාඨමාලාව (GPE) හැදෑරිය යුතු වන අතර එය සතුටුදායක අයුරින් සම්පුර්ණ කරනු ලබන සිසුන්ට විශේෂීකරණ ඉංජිනේරු පාඨමාලා (SPE) සඳහා ප්‍රවේශය ලබාගත හැකි වේ. ශිෂ්‍යයා සාමාන්‍ය ඉංජිනේරු පාඨමාලාවේ දැක්වූ කුසලතාවය සහ ඔහුගේ/ ඇයගේ කැමැත්ත මත විශේෂීකරණ ඉංජිනේරු පාඨමාලාවේදී විශේෂීකරණ විෂයධාරා හයෙන් එකක් හදෑරීමට සිසුන්ට නියම වේ. විශේෂිකරණය යටතේ පහත සඳහන් පාඨමාලාවක් හැදෑරිය හැකිය.
i රසායනාගාර හා සැකසුම් ඉංජිනේරු ශිල්පය iv විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ශිල්පය
ii සිවිල් ඉංජිනේරු ශිල්පය v නිෂ්පාදන සහ කාර්මික ඉංජිනේරු ශිල්පය
iii පරිගණක ඉංජිනේරු ශිල්පය vi යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පය
සාමාන්‍ය ඉංජිනේරු පාඨමාලාවට සියළු සිසුන් හැදෑරිය යුතු අනිවාර්යය පාඨමාලා ඒකක අඩංගු වේ. විශේෂි කරණ ඉංජිනේරු පාඨමාලාවේ විෂයන් හර විෂයන්, තාක්ෂණික වෛකල්පිත විෂයන් හා සාමාන්‍ය වෛකල්පිත විෂයන් ලෙස කාණ්ඩ තුනකට වර්ග කෙරේ.
හර විෂයයන් අදාල විශේෂීකරණ විෂය ධාරාවේ සියලු සිසුන්ට අනිවාර්ය වේ. තාක්ෂණික වෛකල්පිත විෂයන් තාක්ෂණික ස්වභාවයක් ගන්නා අතර ඒවායින් තර විෂයත් හෝ අතිරේකව තෝරාගත් අංශයන් වලට සම්බන්ධ විෂයන් පිළිබඳව පුළුල් අවබොධයක් ලබා දේ. සාමාන්‍ය වෛකල්පිත විෂයන් තාක්ෂණික ස්වභාවයක් නොගන්නා අතර ඒවායින් සිසුන්ට වෘත්තිකයෙක් මෙන්ම වගකිව යුතු පුරවැසියෙක් වශයෙන් තමන්ගේ කාර්යයන් පිළිබඳව පුළුල් දැනුමක් ලබා ගැනීමට මඟ සැලසේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධි පාඨමාලාවේ විෂයමාලා සංශෝධනයට ලක් වෙමින් පවතී. සංශෝධිත විෂය මාලාව 2022/2023 බඳවා ගැනීමේ සිට ක්‍රියාත්මක කිරීමට අදහස් කෙරේ. යෝජිත සංශෝධනයේ එක් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ දෙවන සමාසිකයේ සිට උපාධි අපේක්ෂකයින් ඔවුන්ගේ විශේෂි කරණ විෂය ධාරාවන්ට අනුයුක්ත කිරීමයි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.