මෙම විස්තර විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතෙන් උපුටාගැනුණු අතර සියලු හිමිකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු වේ.
කළමනා කරණ පීඨය
කළමනා කරණ පීඨය විසින් එහි අධ්‍යයනාංශ පහ ඔස්සේ ගෞරව උපාධි කෙරෙහි උපස්ථම්භක වන පරිදි පහත දැක්වෙන අධ්‍යයන පාඨමාලා පිරිනමනු ලබයි. මෙම සියලු උපාධි පාඨමාලා සමාසික හ පාඨමාලා ඒකක ක්‍රමය පදනම් කොට ගෙන පිරිතමනු ලබතඅතර එක් සමාසිකයක් සති පහළොවකින් සමන්විත වේ. ඒ ඒ උපාධි පාඨමාලාව අර්ඝ (credits) 120 ක අගයකින් යුක්ත වන අතර පාඨමාලා කාල සීමාව සමාසික අටක් හෙවත් සිව් වසරකින් සමන්විත වේ.
ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධිය
ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිරිතමනු ලබන මෙම සිව් අවුරුදු උපාධි පාඨමාලාව සඳහා වාණිජ විෂය ධාරාවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් සපුරා ඇති සිසුන් ඇතුළත් කරගනු ලැබේ. ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි පාඨමාලාව හැදෑරීම පිණිස ඇතුළත් කරගනු ලබන සිසුන් හට එක් අවුරුදු පොදු පාඨමාලාවක් හැදෑරිය යුතු වන අතර ඉන් පසුව තවත් අවුරුදු තුනක් පනත සඳහන් විශේෂිකරණ ක්‍ෂේත්‍ර අතුරින් එකක් සිය අභිමතය සහ පොදු පාඨමාලාවේ කාර්ය සාධනය මත පදනම්ව තෝරාගෙන හැඳ, රිය යුතු වේ.
වාණිජවේදී ගෞරව උපාධිය
මෙම ඒකාබද්ධ උපාධි පාඨමාලාව ශාස්ත්‍ර පීඨයේ අනුග්‍රාහකත්වයෙන් පිරිනමනු ලැබේ. ශාස්ත්‍ර පීඨයට ඇතුළත් කරගනු ලබන සිසුන් හට වාණිජ වේදී (ගෞරව) උපාධි පාඨමාලාව හැදෑරීම පිණිස අයදුම් කළ හැකි වන අතර පළමු වසර තුළ ඔවුන් විසින් හදාරනු ලබන කළමනා කරණ විෂයයන් සඳහා ලබාගන්නා සාමාර්ථ පදනම් කොට ගෙන සුදුසුකම් ලබන සිසුන් මෙම පාඨමාලාව සඳහා තෝරා ගනු ලැබේ. සිසුන්ගේ අභිමතය පරිදි මෙම උපාධි පාඨමාලාව සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන එක් මාධ්‍යයකින් හැදෑරිය හැකි වේ. (වාණිජ වේදී ගෞරව උපාධි පාඨමාලාව හැදෑරීමට අපේක්ෂා කරන සිසුන් පළමුව ශාස්ත්‍ර පීඨයට ඇතුළත් විය යුතුය).
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.