සම සෞඛ්‍ය විද්‍යා පීඨය
වර්තමානය වන විට ප්‍රථම උපාධි පාඨමාලා පහක් (06) මෙම පීඨයෙන් පිරිනැමේ.
වෛද්‍ය රසායනාගාර විද්‍යාවන් පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය
මෙය පෙර ලියාපදිංචි වීමේ සිව් අවුරුදු ගෞරව උපාධි පාඨමාලාවක් වන අතර එය සැලසුම් කර ඇත්තේ වෛද්‍ය රසායනාගාර විද්‍යාව පිළිබඳ උපාධිධාරීන් බිහි කිරීම සඳහාය. ශාස්ත්‍රීය අගය 120 (120 Credits) කින් සමන්විත වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධි වැඩසටහනේ විෂය නිර්දේශය වෛද්‍ය රසායනාගාර තාක්ෂණයන් සඳහා වෛද්‍ය විද්‍යාත්මක පදනමක් සපයන අතර ඒ තුළින් ගුණාත්මක රසායනාගාර සේවාවක් මහ ජනතාවට සැපයීම සඳහා අවශ්‍ය යාවත්කාලීන හා න්‍යායාත්මක වූ දැනුම හා කුසලතා දියුණු කර ගැනීමට සිසුවා යොමු කරවයි. තවද, මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ අදාළ ජිව වෛද්‍ය ක්‍ෂේත්‍රයන්හි පවතින නව තාක්ෂණික දැනුම ලබා ගැනීමට සිසුන් දිරි ගැන්වීම සඳහා වන අතර ඒ තුළින් සිසුන්ට වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වල ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමට, වැරදි සිදු විය හැකි මූලාශ්‍ර අවබෝධ කර ගැනීමට හා ගැටළු විසදා ගැනීමට හැකියාව ලැබේ.
හෙද විද්‍යාවේදී උපාධිය (ගෞරව)
හෙද විද්‍යාවේදී උපාධිය පෙර ලියාපදිංචි කිරීමේ උපාධි පාඨමාලාවකි. එය සැලසුම් කරන ලද්දේ පවුල් සෞඛ්‍ය, කාත්තා තා ළමා සෞඛ්‍ය හා ප්‍රජා සෞඛ්‍ය වැනි විවිධ අංශවල උසස් තත්ත්වයකින් යුතු ආරක්ෂිත හා ඵලදායි හෙද සේවයක් ලබාදිය හැකි හෙඳ වෘත්තියේ නියැලෙන්නන් පිරිසක් බිහි කිරීම සඳහාය. මෙහි විෂය නිර්දේශය තෙද වෘත්තියේ නියැලීම සඳහා වැදගත් විද්‍යාත්මක හා මානවවාදී පදනමක් ලබා දෙයි. මෙතුළින් රෝග නිවාරණය, රෝග පාලනය, රෝග සුව කිරීම, සෞඛ්‍ය ප්‍රවර්ධනය හා සම්බන්ධ වූ හෙද සත්කාර සේවයක් ලබාදීම සඳහා අවශ්‍ය හැකියාවන්/නිපුණතාවයන් දියුණු කර ගැනීමට සිසුන් යොමු කරවයි.
තව ද මෙම සේවය ප්‍රසව හා නාරිවේදී තෙද සේවය, හදිසි සහ ආපදා හෙද සේවය යනාදී වූ විවිධ අංශ වලින් තම සේවය තවදු රටත් ලබා දේ. තවද, ඔවුන් ස්වාධීන වෘත්තිකයන් වශයෙන් හෙද සේවයේ/ වෘත්තියේ නියැලීමටත් එහි දියුණුව සඳහාත්, සෞඛ්‍ය සේවයේ අනෙකුත් ක්‍ෂේත්‍ර වලට එයින් ලැබෙන ක්‍රමික දායකත්වයේ කොටස්කරුවන් වීමටත් අවැසි විශ්වාසය ලබාගනී.
මෙම වැඩසට හතේ මුල් අවධියේ සිටම හෙද සේවයට/ වෘත්තියට අනන්‍ය වු න්‍යායාත්මක හා විද්‍යාත්මක පදනමක් මතවූ පුහුණුවීමේ සංකල්පයක් ද හඳුන්වා දෙනු ඇත. මෙහිදී වැඩි අවධානයක් යෙමු කරනු ලබන්නේ උපාධි අපේක්ෂකයන් තුළ විචක්ෂණ ශීලී පරිකල්පන හැකියාව, නිවැරදි හා ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව හා සමාජ නිපුණතාවන් යනාදී හැකියාවන් දියුණු කිරීම මෙන්ම වෘත්තිය සාරධර්ම හා ආචාරශීලී නිපුණතාවයන් දියුණු කිරීම වේ. උපාධි අපේක්ෂකයන් සඳහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව රෝහල් තුළින් හා ප්‍රජා කොටස් අතර සිට ලබන පුහුණුව මත පදනම වූ ඉගෙනුම ක්‍රමයක් අනුගමනය කෙරේ. න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව පදනම් කරගත් සිව් අවුරුදු උපාධි පාඨමාලාවක් තුළිත් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හෙද වෘත්තියධරයකු බිහි කිරීම මෙම උපාධි පාඨමාලාවේ මූලික අරමුණයි.
කායික චිකිත්සාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය (භෞත චිකින්ස)
මෙම වැඩසටහන ද සිව් අවුරුදු විෂය මාලාවකින් සමන්විත පෙර ලියාපදිංචි කිරීමේ උපාධි පාඨමාලාවකි. ශ්‍රී ලංකාවේ හෝ විදෙස් රටවල විවිධ ක්‍ෂේත්‍රයන්හි උසස් තත්ත්වයේ කායික චිකිත්සාවක් හා පුනරුත්ථාපනයක් සැපයීමට හැකි කායික චිකිත්සකයන් පිරිසක් බිහිකරලීම සඳහා මෙම පාඨමාලාව සැළසුම් කර ඇත. සම සෞඛ්‍ය විද්‍යා ක්ෂේත්‍රයට අයත් ශාඛාවන්වල සීඝ්‍රයෙන් වර්ධනය වන නූතන සංකල්ප වලින් හා පුහුණුවකින් මෙම පාඨමාලාව සමන්විත වේ. කායික චිකිත්සාව හා පුනරුත්ථාපනය තීර්ණය කිරීමට, සැළසුම් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට මෙන්ම එහි ප්‍රතිඵල ඇගයීමට මෙම උපාධිධරයන්ට හැකිවනු ඇත. මෙම පාඨමාලාවෙත් මෙම උපාධිධරයන් තුළ ආරක්ෂිත චිකිත්සක පුහුණුවක් සහතික කෙරෙන අතර ඉදිරියේදී කායික චිකිත්සක ක්‍ෂේත්‍රයේ පශ්චාත් උපාධි පුහුණුවක් ලබාගැනීමට ද මෙම උපාධිධරයන්ට හැකියාව ලැබේ.
ඖෂධවේදය පිළිබඳ ගෞරව උපාධිය
මෙය ද සිව් අවුරුදු විෂය මාලාවකින් සමන්විත, ඖෂධ වේදය පිළිබඳ ගෞරව උපාධිය පිරිනමනු ලබන, පෙර ලියාපදිංචි කිරීමේ පාඨමාලාවකි. ඖෂධ වේදය සෞඛ්‍ය විද්‍යාවේ ශාඛාවකි. එහි සීමාව අමුද්‍රව්‍යවල සිට ඖෂධ නිෂ්පාදනය දක්වාත් එම ඖෂධ පරිහරණය තුළින් රෝගීන් තුළ ඇතිවන ප්‍රතික්‍රියා නිරීක්ෂණය දක්වාත් විහිදේ. ඖෂධ හා සම්බන්ධ පහත සඳහන් අංශ වලට මෙය ඇතුළත් වේ. නිෂ්පාදනය, තත්ත්ව සහතික කිරීම, පරීක්ෂණ හා සංවර්ධන කටයුතු, නියාමන කටයුතු, ආරෝග්‍ය ශාලා හා චිකිත්සන ඔසු වේදය, නීති පැනවීම හා නීති ක්‍රියාමාර්ග ගැනීම, ශාස්ත්‍රීය, බෙදා හැරීම, ප්‍රවර්ධනය, මිලදී ගැනීම, ගබඩා කිරීම, ප්‍රජා සේවාව, තොරතුරු සැපයීම හා නිරීක්ෂණය යනාදියයි. මෙම විෂය නිර්දේශය ඖෂධ වේදයේ නියැලීම සඳහා විද්‍යාත්මක හා සේවය මුල්කරගත් පදනමක් සපයයි. එතුළින් උපාධිධරයන්ට වෘත්තිමය වශයෙන් සුදුසුකම්ලත් ඖෂධ වේදීන් ලෙස ස්වාධීනව නියැලීමට අවශ්‍ය හැකියාවන් දියුණු කර ගැනීමට මඟපෑදෙනු ඇත. තවද, ඔවුන් ස්වාධීන වෘත්තිකයන් වශයෙන් සේවයේ නියැලීමටත් එහි දියුණුව සඳහාත්, සෞඛ්‍ය සත්කාරයේ අනෙකුත් ක්‍ෂේත්‍ර වලට එයින් ලැබෙන ක්‍රමික දායකත්වයේ කොටස්කරුවන් වීමටත් අවශ්‍ය විශ්වාසය ලබාගනී. මෙම වැඩසටහන සැළසුම් කර ඇත්තේ ස්වයං අධ්‍යයනය තුළින් දැනුම හා ප්‍රතිවේදය ලබාගැනීමට හා නව එළඹුම කරා උපාධිධරයන් තවදුරටත් පෙළඹවීම සඳහාය. විශ්ලේෂණාත්මක නිපුණතාවන් උසස් ලෙස දියුණු කළ හා උසස් චිකිත්සක හැකියාවක් සමඟ නායකත්ව විභව්‍යතාවක් ඇති උපාධිධරයන් බිහිකිරීම ද මෙම වැඩ සටහනේ ඉලක්කයකි. උපාධි අපේක්ෂකයත් තුළ විවේචනාත්මක හා කල්පනාකාරී චිත්තනය. ගැටළු විසදීම හා සමාජ නිපුණතාවන් දියුණු කිරීමට මෙන්ම වෘත්තීය, සාරධර්ම හා ආචාරශීලි නිපුණතාවන් දියුණු කිරීම සඳහාත් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.
විකිරණවේදය හා විකිරණ චිකිත්සාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය
මෙම උපාධි පාඨමාලාව ද සිව් අවුරුදු විෂය මාලාවකින් සමන්විත පෙර ලියාපදිංචි කිරීමේ පාඨමාලාවකි. විකිරණ වේදය හා විකිරණ විකිත්සාව මිනිස් ශරීරයේ අභ්‍යන්තර පටක, අවයව, අස්ථි ආදිය දැකීමට හා පිළිකා වැනි රෝග සඳහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සායනික පරිසරයක විකිරණ භාවිතා කරන වෘත්තීන්ය. මෙම ඉල්ලුමක් සහිත තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍ෂේත්‍රයට යහපත් පුද්ගල ගුණධර්ම අවශ්‍ය වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ සංතෘෂ්ටියක් සහිත නම්‍යශීලී වෘත්තියක් හිමි වේ. විකිරණ වේදය හා විකිරණ චිකිත්සාව සායනික පරිසරයක විද්‍යාව හා තාක්ෂණය යෙදීමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ට යෝග්‍ය වෘත්තීන්න්ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.