WordPress WooCommerce Themes

හෙද පීඨය-කොළඹ විශ්වවිද්‍යාලය

මෙම විස්තර විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතෙන් උපුටාගැනුණු අතර සියලු හිමිකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු වේ.

හෙද පීඨය

හෙද පීඨය මගින් සාත්තු සේවාව (හෙද ) පිළිබඳව විද්‍යාවේදී උපාධියක් පිරිනමනු ලැබේ. මෙම වැඩ සටහතෙහි අරමුණ වනුයේ සියලු වයස්වල රෝගීන් රැකබලා ගැනීම සඳහා පුළුල් පරාසයක විහිදුණු දැනුම කුසලතා හා ආකල්ප වලින් සමන්විත හා රෝග වළක්වා ගැනීම, සෞඛ්‍ය ප්‍රවර්ධනය හා නැවත ප්‍රතිශ්ඨාපනය හා පුනරුත්ථාපනය සඳහා සහාය විය හැකි උපාධිලාභී හෙදියන් නිර්මාණය කිරීමය. මෙම උපාධිය වසර හතරකින් සමන්විත වන අතර පාඨමාලා ඒකක ක්‍රමයක් මත පදනම් වූ ශාස්ත්‍රීය පැය 127 කිත් සමන්විත පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. සමස්ථ පාඨමාලාවම ඉංග්‍රීසි බසින් පැවැත්වේ. එමෙන්ම මෙම හෙද පාඨමාලාව ජාත්‍යන්තර මට්ටමෙන් ලබා ගත හැකි වෙනත් හෙද වැඩසටහන් නා සම වන ආකාරයට සකස් කර තිබේ. මෙම පාඨමාලාවෙහි විෂය නිර්දේශය සිසුන් හෙද වෘත්තියෙහි නිරත වීමට අවශ්‍ය මුලික විද්‍යානා සමාජ විද්‍යා මුලධර්ම පිළිබඳ ස්ථිර පදනමක් ලබා දෙන එමෙන්ම හෙද සේවාව පිළිබඳ වෘත්තීය හා හර පාඨමාලා වලින් සමන්විත නවතම තාක්ෂණයන් පිළිබිඹු වන ආකාරයට සකස් කර ඇත. මෙම පාඨමාලාව හෙද රැකවරණයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා ඉහළ කුසලතා සපිරි හෙද වෘත්තිකයන් මෙන්ම කැපකරු හෙද අධ්‍යාපනය සහ සෞඛ්‍ය හා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමට හැකි හෙදියන් බිහිකිරීමේ අරමුණින් සැලසුම් කර ඇත. මෙම පාඨමාලාව ප්‍රායෝගික දැනුම ප්‍රවර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් ලබා දෙන අතර ඒ තුළින් සිසුන්හට සැබෑ ජිවිතයේදී මුහුණ පෑමට සිදුවන තත්වයන් විසඳා ගැනීමට අවශ්‍ය නිපුණතා අත්පත් කර ගැනීමට ඉඩ ප්‍රස්තාවක් සැලසේ. මෙම වැඩසටහන හෙද පර්යේෂණ හා සාක්ෂි මත පදනම් වූ පුහුණු වීමේ සංකල්ප මෙන්ම විවේචනාත්මක චින්තනය සහ ගැටලු විසඳා ගැනීමේ හැකියාවන් සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇත. ප්‍රායෝගික පාදක ඉගෙනුම් කොළඹ හා ඒ අවට රෝහල් ගණනාවක මෙන්ම ප්‍රජා කොටස් ආශ්‍රිතව සිදු කෙරේ.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...