මෙම විස්තර විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතෙන් උපුටාගැනුණු අතර සියලු හිමිකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු වේ.
වෛද්‍ය පීඨය
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් වෛද්‍ය විද්‍යාවේදී හා ශල්‍ය විද්‍යාවේදී උපාධිය (MBBS) සහ විද්‍යාවේදී භෞතවිකිත්සක ගෞරව උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්රදානය කරනු ලැබේ. ඉහත කී උපාධි හැරුණු විට පීඨය විසින් ඩිප්ලෝමා, ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි පාඨමාලා ද පවත්වනු ලැබේ. පිඨය දෙපාර්තමේන්තු දනනවයකින් හා 160 කට වැඩි ස්ථිර අධ්‍යයන කාර්යය මණ්ඩලයකින් සමන්විත වේ. දෙපාර්තමේන්තු වලට අමතරව, අත්ත්‍ය හා දුරස්ථ ඉගෙනුම මධ්‍යස්ථානය, නිපුණතා විද්‍යාගාරය/සමාකරණ මධ්‍යස්ථානය, ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, තොරතුරු තාක්ෂණ ඒකකය සහ භාෂා ඒකකය ඇතුළු ශිෂ්‍යය ඉගැන්වීම් වලට අදාළ ඒකක කිහිපයකින්ද සමන්විත වේ. පීඨයේ ප්‍රධාන ශික්ෂණ රෝහල් වන්නේ කොළඹ රෝහල් සමූහයයි. එයට ශ්‍රී ලංකා ජාතික රෝහල, ද සොයිසා මාතෘ රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල සහ රිව්වේ ආර්යා ළමා රෝහල ඇතුළත් වේ. කොළඹ රෝහල් සමූහයේ විශ්ව විද්‍යාල ඉගැන්වීම් ඒකක සහ දෙපාර්තමේන්තු විසින් පශ්චාත් උපාධි පුහුණුව ලබා දෙනු ලැබේ. පර්යේෂණ සඳහා විශේෂිත වූ එනම් මානව ජාන විද්‍යාත්මක ඒකකය, දියවැඩියා පර්යේෂණ ඒකකය, පරපෝෂිත රෝග පර්යේෂණ ඒකකය, සෞඛ්‍යය පද්ධති පර්යේෂණ ඒකකය, නිවර්තන වෛද්‍ය පර්යේෂණ ඒකකය, සර්ප විෂ විද්‍යා ඒකකය, සත්ව ඒකකය, ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය සහ සෞඛ්‍යය සංවර්ධන හා පර්යේෂණ ඒකකය යනාදී ඒකක කිහිපයක් පීඨය තුල පිහිටුවා ඇත. වෘත්තීය සෞඛ්‍ය සහ වෛද්‍ය අධ්‍යාපනය යන අංශවල ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගීතා මධ්‍යස්ථාන දෙකක් මෙම පීඨය විසින් පවත්වනු ලැබේ.
වෛද්‍ය විද්‍යාවේදී හා ශල්‍ය විද්‍යාවේදී උපාධිය
උපාධිය පූර්ණ කාලීන පාඨමාලාවක් ලෙස පිරිනමන අතර අධ්‍යයන කාලය අවුරුදු (05) කි. විෂය මාලාව මූලික විද්‍යා ධාරාව, ව්‍යවහාරික විද්‍යා ධාරාව, ප්‍රජා ධාරාව, වෘත්තීයභාවය පිළිබඳ ධාරාව සහ සායනික විද්‍යා ධාරාව යන විෂය ධාරාවත් පහකට සංවිධානය කර ඇත. 1995 වන තෙක් MBBS පාඨමාලාව සාම්ප්‍රදායික ලෙස පැවැත්වු අතර 2 වන MBBS, 3 වන MBBS විභාග වලින් පසු අවසන් MBBS විභාගයෙන් අවසන් විය. සායනික ඉගැන්වීම් බොහෝ දුරට තෘතීයික සත්කාර රෝහල් වන කොළඹ රෝහල් සමූහය තුළ සිදු විය. මෙම සාම්ප්‍රදායික පාඨමාලාව තුළ පවා, වසර ගණනාවක් තිස්සේ වෙනස්කම් සිදු කරන ලදී. වෛද්‍ය දැනුම හා හැකියාවන්හි දිනෙන් දින පුළුල් වන සීමාවන්ට අනුකූලව, පීඨය ශ්‍රී ලංකාවේ වෛද්‍ය විෂය මාලාවේ වෙනස්කම් වලට නායකත්වය දෙන ලදී. වසර හයක සැලසුම් කිරීමෙන් පසු 1995 දී MBBS විෂය මාලාව වෙනස් කරන ලදී. සංශෝධිත විෂය මාලාවේ ප්‍රධාන අරමුණු වනුයේ ඉගැන්වීමේ දේශන මගින් අන්තර්ගතය සහ ඉගැන්වීමේ ප්‍රමාණය අඩු කිරීම සහ ඒ වෙනුවට ඉගෙනීම වඩාත් ශිෂ්‍ය කේන්ද්‍රීය හා ඒකාබද්ධ කිරීමය. ගැටළු මත පදනම් වූ ඉගෙනීම, කුඩා කණ්ඩායම් සාකච්ඡා, විවාද, අන්තර් විනය ක්‍රියාකාරකම්, ක්ෂේත්‍ර සම්බන්ධතා සහ පවුල් බැඳීම් වැනි ඉගැන්වීමේ ක්‍රම හඳුන්වා දී ඇත. සායනික කුසලතා පිළිබඳ පුහුණුව විශේෂිත සායනික නිපුණතා රසායනාගාරයක් භාවිතයෙන් ඔපමට්ටම් කරනු ලැබේ. ස්වයං ඉගෙන ගන්නෙකු වීමට මෙම ක්‍රම මගින් ශිෂ්‍යයා දිරිමත් කරනු ලැබේ. ශරීර පද්ධතිය පදනම් කරගත් ඉගෙනීම, මානව ශාස්ත්‍රය හා වවෘත්තීය භාවය සහ ප්‍රජාව මත අවධාරණය කිරීම විෂය මාලාවේ අතෙකුත් වැදගත් අංග වේ.
විද්‍යාවේදී භෞත චිකිත්සක ගෞරව උපාධිය
විද්‍යාවේදී භෞතචිකිත්සක ගෞරව උපාධිය යනු සම සෞඛ්‍ය විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිරිනමනු ලබන අවුරුදු 4 ක වෘත්තීය ප්‍රවේශ මට්ටමේ අධ්‍යාපන පාඨමාලාවකි. එමඟින් ඉහළ ප්‍රමිතියක් සහිත භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාදීම හා ආබාධිත රෝගීන් පුනරුත්ථාපනය කිරීම මඟින් ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා සහ ආකල්ප සහිත දක්ෂ භෞතචිකිත්සකවරයෙකු නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ. මෙම පාඨමාලාව මගින් සෞඛ්‍ය ප්‍රවර්ධනය, වැළැක්වීම, නඩත්තු කිරීම, ප්‍රතිකාර මැදිහත් වීම සහ පුනරුත්ථාපනය කිරීම යන සෞඛ්‍යය අංශවල සේවය කිරීම සඳහා උපාධිධාරීන් සන්නද්ධ කිරීමට අපේක්ෂා කරන අතර එමඟින් අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ ශාරීරික හා සමාඡීය යහපැවැත්ම සහතික වනු ඇත.
ප්‍රතිඵල මත පදනම් වු ප්‍රවේශයක් සහිතව උපාධිය සැලසුම් කර ඇති අතර අන්තර්ගතය, ධාරාවන්හි තිරස් සහ සිරස් අනුකලනය වීමෙන් සැකසී ඇත. සායනික ඉගෙනුම පිළිබඳ මුල් හැඳින්වීමක් සමඟ ශිෂ්‍ය කේන්ද්‍රීය බහු විධ ඉගැන්වීම ක්‍රම මෙම පාඨමාලාවට ඇතුළත් වේ. වෘත්තීය භාවය, ආචාර ධර්ම, සන්නිවේදන කුසලතා සහ පර්යේෂණ සඳහා විශේෂ අවධානයක් යොමු කෙරේ. වෙනස් වන දැනුම හා අවශ්‍යතා මත විෂය මාලාව වරින්වර වෙනස් කර සංශෝධනය කරනු ලැබේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.