මෙම විස්තර විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතෙන් උපුටාගැනුණු අතර සියලු හිමිකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු වේ.
කළමනා කරණ හා මූල්‍ය පීඨය
හැඳින්වීම
උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඇතිවන ප්‍රවණතාවන්ට සරිලන පරිදි 2009 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයීය කළමනා කරණ හා මූල්‍ය පීඨය මඟින් ව්‍යාපාර පරිපාලනවේදී උපාධි පාඨමාලාව සඳහා නව විෂය මාලාවක් හඳුන්වා දෙන ලදී. මෙම තව විෂය මාලාවෙහි මූලික අරමුණ වන්නේ ශාස්ත්‍රීය උසස් අධ්‍යාපනය හා කර්මාන්ත ක්‍ෂේත්‍රයෙහි අවශ්‍යතා අතර පවතින පරතරය අවම වන අයුරින්, ශාස්ත්‍රීය හා ප්‍රායෝගික යන දෙඅංශයේම දැනුමෙන් යුත් උපාධිධාරීන් පිරිසක් බිහි කිරීමයි. නව විෂයමාලා ප්‍රතිසංස්කරණයෙන් පහත සඳහන් අරමුණු සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.
ව්‍යාපාර පරිපාලනවේදී උපාධි පාඨමාලාව (BBA)
මෙය සිව් අවුරුදු, පුර්ණ කාලීන – ගෞරව පාඨමාලාවකි. ගිණුම්කරණය, ව්‍යාපාර ආර්ථික විද්‍යාව, මූල්‍ය කරණය, ආගන්තුක සත්කාර හා විවේක කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, අලෙවිකරණය සහ ජාත්‍යන්තර ව්‍යාපාර යන විෂය ධාරාවත් සඳහා ද කළමනා කරණ පීඨය මගින් උපාධි පිරිනමනු ලැබේ. මෙම උපාධි පාඨමාලාවෙහි විෂය මාලාව අදියර I (BBA Level I) සහ අදියර II (BBA Level II) වශයෙන් කොටස් දෙකකින් යුක්ත වන අතර, එම සැම අදියරක්ම පිළිවෙලින් සෙමෙස්තර හතරකට (04) අයත් වේ. ඒ අනුව සම්පූර්ණ උපාධි පාඨමාලාව සෙමෙස්තර අටකින් (08) සමන්විත වේ. BBA අදියර II හි දී, (එනම් V, VI, VII, VIII සෙමෙස්තර වලදී ) විද්‍යාර්ථීන් තෝරා ගන්නා විශේෂ විෂය ධාරාව කුමක් වුව ද BBA අදියර I (එනම් I, II, III හා IV සෙමෙස්තර) සෑම විද්‍යාර්ථියෙකුම පොදුවේ හැදෑරිය යුතු වේ.
ඒ අනුව(විද්‍යාර්ථීන්ට) පහත සඳහන් උපාධි පාඨමාලා හැදෑරිය හැකිය.
මෙම උපාධි පාඨමාලා පිළිබඳ කෙටි හැඳින්වීමක් පහත දැක්වේ.
ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව (BBA Honours)
කළමනා කරණය සහ සංවිධාන හා සම්බන්ධ විවිධ පර්යාවලෝකනයන් පිළිබඳ අත්‍යවශ්‍ය දැනුම, කුසලතාව සහ පුහුණු ව ලබා දීමේ අරමුණින් මෙම උපාධි පාඨමාලාව සැලසුම් කර තිබේ. කළමනාකරණය හා සංවිධානය පිළිබඳ ප්‍රමාණවත් න්‍යායාත්මක අවබෝධයක් සපයන අතරම, කළමනා කරණය සහ ආයතනික ක්‍රියාකාරකම් ආශ්‍රිත තත් කාලීන ගැටළු විශ්ලේෂනය කිරීමේ හැකියාව විද්‍යාර්ථීන්ට ලබාදීම මෙම පාඨමාලාවේ මූලික පරමාර්ථය වේ.
ගිණුම්කරණය – ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව (BBA Honours in Accounting)
මෙම පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය සුදුසුකම් සපුරාලන විද්‍යාර්ථීන් සඳහා ගිණුම් කරණය පිළිබඳ මූලික අවබෝධයකින් යුතුව ආයතනික ක්‍රියාකාරකම් විශ්ලේෂණය කිරීම, අදාළ තොරතුරු වාර්තා කිරීම, ආයතනික පරිපාලන ක්‍රමවේද සැලසුම කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම යනාදිය පිළිබඳ විධිමත් පුහුණුවක් ලබාදීමට අපේක්ෂා කෙරේ.
ව්‍යාපාර ආර්ථික විද්‍යාව – ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව (BBA Honours in Business Economics)
මෙම පාඨමාලාව හදාරන විද්‍යාර්ථීන් හට ව්‍යාපාර පිළිබඳව ආර්ථික විද්‍යාත්මක දෘෂ්ඨි කෝණයකින් විශ්ලේෂණය කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ. ආර්ථික විද්‍යාව පිළිබඳ සාම්ප්‍රදායික උපාධි පාඨමාලාවලදී මෙන් නොව මෙහිදී කළමනා කරණය හා සම්බන්ධ සියලු හර විෂයයන් ඉගෙනීමට විද්‍යාර්ථීන්ට අවකාශය සැලසේ. විවිධ නිබන්ධන හා ඉගෙනුම ආධාරක මගින් ව්‍යාපාර කළමනාකරණය ආශ්‍රිත තත්වයන් විශ්ලේෂණය කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා විද්‍යාර්ථීන් තූල වර්ධනය කරවීමට අපේක්ෂිතය.
මුල්‍ය – ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව (BBA Honours in Finance)
මුල්‍ය – ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව උපාධිය හදාරන විද්‍යාර්ථයින්ට මූල්‍ය කරණය පිළිබඳව ප්‍රවේශයකින් යුතුව ව්‍යාපාර හා ආයතනික ක්‍රියාකාරකම් විශ්ලේෂණය කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදෙනු ලැබේ. එමෙන්ම මෙම පාඨමාලාව ඔස්සේ පරිපාලන ක්‍රියාවලිය ආශ්‍රිතව කාලීන වශයෙන් පැන්නගින පුළුල් අවස්ථාවන් හඳුනා ගැනීමට හැකිවනු ඇත.
ආගන්තුක සත්කාර සහ විවේක කළමනාකරණය – ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව (BBA Honours in Hospitality and Leisure Management)
නවීන ලෝකයේ අපේක්ෂා සහගත විෂය ක්‍ෂේත්‍රයක් වශයෙන් ආගන්තුක සත්කාර විවේක කළමනාකරණය හඳුනාගතහැකිය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයද මෙම ක්‍ෂේත්‍රයෙන් විශාල දායකත්වයක් අපේක්‍ෂා කරන අතර හෝටල්, සංචාරක කර්මාන්තය හා විවේක කළමනාකරණය ආදියෙහි ප්‍රවර්ධනය සඳහා නව ව්‍යාපෘතීන් ආරම්භ කර තිබේ. එබැවින් මෙම ක්‍ෂේත්‍රයේ නව රැකියා අවස්ථා රාශියක් විවර වී තිබේ. ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා දායක කර ගත හැකි ශාස්ත්‍රීය හැකියාවන්ගෙන් යුත් වෘත්තීමය කළමනා කරුවන් බිහි කිරීම මෙම උපාධි පාඨමාලාවේ අරමුණයි.
මානව සම්පත් කළමනා කරණය – ව්‍යාපාර පරිපාලනවේදී ගෞරම් (BBA Honours in Human Resource Management)
යම් සංවිධානයක හෝ ආයතනයක අත්‍යවශ්‍යම අංගයක් ලෙස මානව සම්පත් කළමනා කරණය හඳුනා ගැනීම මෙම පාඨමාලාවෙන් සිදු කෙරේ. මානව සම්පත් කළමනා කරණය මෙන්ම ඒ හා සම්බන්ධ සෙසු අංශ සමඟ ද සම්බන්ධ වීමට විද්‍යාර්ථීන්ට අවශ්‍ය කුසලතා වර්ධනය කිරීම මෙම පාඨමාලාවෙන් අපේක්ෂා කෙරේ.
ජාත්‍යන්තර ව්‍යාපාර – ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව (BBA Honours in International Business)
අලෙවිකරණය, ගිණුම්කරණය, මානව සම්පත් කළමනා කරණය, ආර්ථික විද්‍යාව හා නීතිය යන අංශයන්හි ගෝලීය ප්‍රවණතා හඳුනාගනිමින් ජාත්‍යන්තර ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ විශේෂ දැනුමක් ලබා ගැනීමට මෙම පාඨමාලාවෙන් අවකාශය සැපයෙනු ඇත. තව ද මේ සම්බන්ධ ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට ද විද්‍යාර්ථීන්ට මෙමගින් අවස්ථාව උදාවනු ඇත. විශේෂයෙන්ම, කළමනා කරණ උපාධිධාරීන් වශයෙන් තම අනන්‍යතාව පවත්වා ගනිමින් ජාත්‍යන්තර ව්‍යාපාර ක්‍රියාවලිය තුල විශේෂඥ දැනුමක් මෙමගින් ලබාගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.
අලෙවිකරණය – ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව (BBA Honours in Marketing)
අලෙවිකරණය හා සම්බන්ධ පුහුණුව මගින් අලෙවිකරණය සඳහා වන අවස්ථා හඳුනාගැනීමට අවශ්‍ය මගපෙන්වීම මෙම පාඨමාලාවෙන් ලබා දෙනු ලැබේ. එමෙන්ම මෙමගින් පාරිභෝගිකයන්ගේ, ආයතනයේ සහ සමාජයේ අභිවෘද්ධිය සඳහා එම දැනුම උපයෝගී කරගැනීමට ද ආයතනය තුළ හා පිට සිටින අදාළ පාර්ශවයන් ඒකාබද්ධ කිරීමටද අවශ්‍ය පුහුණුව විද්‍යාර්ථීන්ට ලබා දීමට අපේක්ෂිතය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.