WordPress WooCommerce Themes

ශාක රෝග හට ගැනීම හා ව්‍යාප්තිය කෙරෙහි පාරිසරික සාධකවල බලපෑම

ශාක රෝග හට ගැනීම හා ව්‍යාප්තිය කෙරෙහි පාරිසරික සාධකවල බලපෑම විස්තර කරන්න.

ශාක රෝගයක් යනු,

යම් සාධකයක් නිසා මුළු ශාකයේම හෝ ශාක කොටසක හෝ සාමාන්‍ය තත්ත්වයෙන් සිදුවන අපගමනයකි.

හෝ

ශාකයක පෙර අසාමාන්‍ය වර්ධනයක් හෝ දුකෘත්‍යක් ඇති වීම ශාක රෝගයක් වේ.

  • උෂ්ණත්වය
  • උෂ්ණත්වය වැඩිවිට ආර්ද්‍රතාවය ද වැඩිවන අතර මේ හේතුවෙන් දීලිර බැක්ටීරියා වැනි රෝග හට ගැනීම හා ව්‍යාප්තිය වැඩිය.
  • ආර්ද්‍රතාවය
  • වායූ ගෝලීය ආර්ද්‍රතාවය වැඩි තෙත් පරිසරවල දිලිර හා බැක්ටීරියා රෝග ව්‍යාප්තිය වැඩිය.
  • සුළඟ
  • සුළඟ මගින් දිලිර බැක්ටීරියා ආදියේ බීජාණු ගසාගෙන යාම සිදු වේ. එවිට රෝග ව්‍යාප්තිය වැඩි වේ.
  • වෛරස් රෝග ද සුළඟ ඔස්සේ ව්‍යාප්ත වේ
  • උදා : කෝපි මළකඩ රෝගය සාදන දිලිර බීජාණු වාතය හරහා පැතිරේ.
  • වර්ෂාපතනය
  • වර්ෂාපතනය අධික විට දිලීර බැක්ටීරියා ආදී රෝග කාරකයින්ගේ ව්‍යාප්තිය වැඩිය.
  • උදා : කපු වල බැක්ටීරියා අංග මාරයට හේතු වන බැක්ටීරියාව වැහි බින්දු හරහා පැතිරේ.
  • ආලෝකය
  • ශාක සූර්යාලෝකයට නිරාවරණය වීම හේතුවෙන් රෝගකාරක බැක්ටීරියා, දිලීර, බීජාණු විනාශ වීම නිසා රෝග හට ගැනීම සහ පැතිරීම අඩු වේ.
  • පාංශු තෙතමනය
  • පස නිතර තෙත්ව පවතින, ජල වහනය දුර්වල පස්වල බැක්ටීරියා හා දිලිර රෝග ව්‍යාප්තිය වැඩිය.
  • උදා : දුර්වල ජලවහනය – දියමලං කෑම
  • පාංශු PH අගය
  • පස ආම්ලික හෝ භාෂ්මික වීම රෝග ව්‍යාප්තියට හේතු වේ.
  • උදා : ආම්ලික පසේ ගෝවා බරවා රෝගය භාෂ්මික පසේ අර්තාපල් කබොළු රෝගය
  • පාංශු පෝෂක
  • වගා ක්‍ෂේත්‍ර වලට අක්‍රමවත් ලෙස පෝෂක යෙදීම නිසා සමහර පෝෂක බහුල වීමත් ඇතැම් පෝෂක හිඟ වීමත් නිසා පහසුවෙන් රෝග ග්‍රාහී වේ.
  • උදා : නයිට්‍රජන් අධික පසෙහි වී කොළ පාළු රෝගය දරුණු ලෙස ව්‍යාප්ත වේ.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...