WordPress WooCommerce Themes

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනයට ආගන්තුක හා ආක්‍රමණශීලි වල්පැළෑටිවල බලපෑම

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනයට ආගන්තුක හා ආක්‍රමණශීලි වල්පැළෑටිවල බලපෑම විස්තර කරන්න.

ආගන්තුක ආක්‍රමණශීලි වල්පැළෑටි යනු වෙනත් රටක පරිසර පද්ධතියක ජන්මය ලබා ඒ හා සමාන පරිසර පද්ධතියක් සහිත රටකට පැමිණ එම පරිසර පද්ධතියට හා ජෛව විවිධත්වයට හානි පමුණුවන ඕනෑම ශාකයකි.

කෘෂි වගා බිම්වල, වගා කටයුතු අපහසු වීම

  • බිම් සැකසීම වැනි ක්‍ෂේත්‍ර කටයුතු වලදී කටු සහිත, ගැඹුරු මුල් පද්ධති සහිත ආගන්තුක ආක්‍රමණශීලී වල් පැළෑටි තිබීමෙන් එම කටයුතු වල කාර්යක්ෂමතාවය අඩු වීම. නිසි කලට බිම් සැකසීම කරගැනීමට නොහැකි වීමෙන් අස්වනු අඩු වීම.

වගාබිම්වල බෝග ශාක වර්ධනයට බලපෑම් ඇති කිරීම

  • ආගන්තුක ආක්‍රමණශීලී ශාක, බෝග ශාක, සමග ඉඩකඩ, පෝෂක, හිරු එළිය, ජලය ලබා ගැනීම සඳහා තරඟ කරිව ක්‍රියා කරන බැවින් බෝග වර්ධනය දුර්වල වී අස්වනු අඩු වේ.

ජෛව විවිධත්වයට බලපෑම

  • ආගන්තුක ආක්‍රමණශීලී ශාක ඒවා පැතිරී ඇති පරිසර පද්ධතියේ’ ජෛව විවිධත්වයට බලපෑම් ඇති කරයි.
  • එවිට දේශීය ප්‍රභේද පරිසරයෙන් තුරන් වී සමතුලිතතාව බිඳ වැටීමෙන් බෝග ශාකවලට රෝග පළිබෝධ හානි වැඩිවී අස්වැන්න අඩුවේ.

පස හායනයට ලක් වීම

  • බොහොමයක් ආගන්තුක ආක්‍රමණශීලි වල් පැළෑටි පසේ පෝෂක බහුලව ප්‍රයෝජ්‍ය කරන බැවින් හා වෙනත් ශාක ප්‍රභේද වර්ධනයට බලපෑම් ඇති කරන නිසා පාංශු හායනය සිදු වී බෝග අස්වනු අඩු කරයි.උදා : Lantana camara (හිඟුරු/ ගඳපාන)

නිෂ්පාදන වියදම වැඩිවීම

  • බොහොමයක් ආගන්තුක ආක්‍රමණශීලී ශාක C4 නිසා වර්ධනය වේගවත් වී පරිසර පද්ධති ආක්‍රමණය වේගවත්ව සිදු කරයි. එම නිසා මර්ධනය අපහසුයි.
  • එවිට ආගන්තුක ආක්‍රමණශීලී ශාක මර්ධනය කිරීමට යන කාලය හා වියදම අධික වේ. මේ නිසා නිෂ්පාදන වියදම ඉහළ යයි.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...