WordPress WooCommerce Themes

දෙවන පරාක්‍රමබාහු රජතුමා

දෙවන පරාක්‍රමබාහු රජතුමා

  • දෙවන පරාක්‍රමබාහු රජු (1236-1270) දඹදෙණිය රාජධානිය කරගත් පළමුවන පාලකයා වූ තුන්වන විජයබාහු රජුගේ පුත්‍රයාය.
  • මේ රජුගේ රාජ්‍ය සමය දේශපාලන, ආර්ථික, ආගමික හා සංස්කෘතික වශයෙන් කැපී පෙනෙන අවධියක් විය.

 දේශපාලන

  • අභ්‍යන්තර හා විදේශ ආක්‍රමණ ජයගනිමින් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගීම.
  • වන්නි පාලකයින් අවනත කරගැනීම.
  • කාලිංග මාඝ පළවා හැරීම.
  • චන්ද්‍රභානුගේ ආක්‍රමණ පරාජය කිරීම.
  • පාණ්ඩ්‍ය ආක්‍රමණ මැඩලීම (මේ පිළිබඳ මූලාශ්‍රගත තොරතුරු අපහැදිලිය).

ආර්ථික

  • විදේශ වෙළෙඳාම (දෙවුන්දර පුවරු ලිපිය).
  • පොල්, කොස්, කපු වගාවන් සිදු කරවීම.
  • ආගමික හා සංස්කෘතික
  • දඹදෙණියේ දළදා මැදුරක් ඉදිකරවීම.
  • දළදා වහන්සේ බෙලිගල සිට දඹදෙණියට වැඩමකරවීම හා දළදා පූජා පැවැත්වීම
  • උපසම්පදා කර්මයට අනුග්‍රහ දැක්වීම හා කඨින පූජෝත්සව පැවැත්වීම.
  • ශාසන සංශෝධනය හා දඹදෙණි කතිකාවත ප්‍රකාශයට පත් කරවීම.
  • අනුරාධපුර හා පොළොන්නරු නගර ප්‍රතිසංස්කරණය කිරීම.
  • දිවයිනේ විවිධ ස්ථානවල වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම.
  • භික්ෂු අධ්‍යාපනයට අනුග්‍රහ දැක්වීම.
  • පිරිවෙන් ඉදිකරවීම (නන්දන පිරිවෙන, පළාබත්ගල, බෙලිගල භුවනෙකබාහු පිරිවෙන්).
  • දෙවිනුවර උපුල්වන් දේවාලය ප්‍රතිසංස්කරණය කිරීම හා වාර්ෂික ඇසළ පෙරහැර පවත්වන්නට නියම කිරීම.
  • ශ්‍රී පාදස්ථානයට යන මාර්ගය පිළිසකර කරවීම.
  • රජතුමා උගත් පඬිවරයෙක්වීම හා ග්‍රන්ථකරණයේ යෙදීම (කව්සිළුමිණ, විසුද්ධිමග්ගසන්නය, වන විනිසසන්නය)
  • රජතුමා ‘කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත’ යන විරුදයෙන් හැඳින්වීම.
  • රජු ග්‍රන්ථකරණයට අනුග්‍රහ දැක්වීම: මෙකල සිංහල, පාලි හා සංස්කෘත යන භාෂාවන්ගෙන් විවිධ ක්‍ෂෙත්‍ර අළලා ගද්‍ය හා පද්‍ය ග්‍රන්ථ රචනාවීම (පූජාවලිය, දෛවඥකාමධෙනු, හත්ථවනගල්ල විහාර වංසය, භෙසජ්ජ මඤ්ජුසා, සද්ධර්ම රත්නාවලිය, යෝගාර්ණවය, සමන්තකූට වණ්ණනා).

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...