WordPress WooCommerce Themes

හුණ ආක්‍රමණ

හුණ ආක්‍රමණ

  • මධ්‍ය ආසියාවේ සිටි මිලේච්ඡ ගෝත්‍රයක් ලෙස හඳුන්වන හූණයෝ අවස්ථා කීපයකදීම ඉන්දියාව ආක්‍රමණය කළහ.
  • ල්ලාගෙන > ක්‍රි.ව. 5 සියවස මැද භාගයේදී ප්‍රථම වරට හූණයින් ගන්ධාර අල්ලාගෙන නැගෙනහිර දෙසට ව්‍යාප්ත විය.
  • ස්කන්ධ ගුප්ත විසින් මෙම ආක්‍රමණය මැඩපැවැත් විය. (භිතරි ලිපිය)
  • නරසිංහ ගුප්ත රජුගේ කාලයේ හූණ ආක්‍රමණිකයන්ගේ දරුණු ප්‍රහාර වලට ලක් වූ අතර කප්පම් ගෙවු බව ද සඳහන්වේ. (හියුං – සාංගේ වාර්තාව)
  • ක්‍රි. ව. 6 වැනි සියවස ආරම්භයේදී තෝරමාන යටතේ හූණවරු පංජාබය හරහා ඉන්දියාවේ අභ්‍යන්තරයට කඩා වැදිණි.
  • ඔහු නිකුත් කළ කාසි උත්තර ප්‍රදේශ්, රාජපුතානා, පංජාබ් හා කාශ්මීරය යන ප්‍රදේශ වලින් හමුවේ.
  • ක්‍රි. ව. 515 දී තෝරමානගේ පුත් මිහිර කුල සිය අගනුවර ලෙස සියල්කෝට් හෙවත් සාගල තෝරා ගෙන ඇත.
  • දරුණු රජෙකු වූ මොහු අමානුෂික ලෙස ක්‍රියාකළ බව රාජතරංගනිය, හියුං – සාංගේ වාර්තාව, සුංග් – යුන්ගේ වාර්තාවේ සඳහන් වේ.
  • මිහිරකුල එරාන් දක්වා උතුරු ඉන්දියාව ආක්‍රමණය කළ අවස්ථාවේ භානුගුප්ත රජුගේ ප්‍රාහාර වලින් පරාජයට පත් විය.
  • මැන්ඩසෝරයේ යසෝධර්මන් හූණ බල ව්‍යාප්තිය මැඩ පැවැත්වීම නිසා නිසා හූන බලය වයඹ දිග ඉන්දියාවට සීමා විය.
  • කන්‍ය කුබ්ජයේ මෞඛරි වංශික ඊසාන වර්මන්ගේ පුත් සර්ව වර්මන් රජු හුණයින් සමඟ සටන් කොට පරදවා හුණ ආක්‍රමණ වලින් උතුරු ඉන්දියාව බේරා ගෙන ඇත.
  • ගුප්ත අධිරාජ්‍යයේ පරිහානියට හූණ ආක්‍රමණ බෙහෙවින් ම බල පෑවේය.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...