WordPress WooCommerce Themes

ශ්‍රී ලංකාවේ කෘෂි – පාරිසරික කලාප හඳුනා ගැනීමේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ කෘෂි – පාරිසරික කලාප හඳුනා ගැනීමේ වැදගත්කම පැහැදිලි කරන්න.

 

දේශගුණය, භූමි ආකාරය, පස, භූමි ආවරණය මෙන්ම භූමියේ විභවතාව හා බාධක සැලකිල්ලට ගෙන සමාන තත්ත්ව ඇති භූමි ප්‍රදේශ කෘෂි – පාරිසරික කලාපයක් ලෙස දැක්වේ.

  • ඒකාකාරී දේශගුණික තත්ත්ව ඇති ප්‍රදේශ හඳුනාගත හැකි වීම.

එකම පාරිසරික ලක්ෂණ ඇති ප්‍රදේශ ශ්‍රී ලංකාවේ තැනින් තැන පිහිටා ඇත. කෘෂි පාරිසරික කලාප වර්ගී කරණයෙන් මෙම ප්‍රදේශ හඳුනාගත හැකිය.

  • වර්ෂාව ලැබෙන කාලසීමාවන් හඳුනා ගත හැකි වීම හා ඒ අනුව වගා කටයුතු සැලසුම් කළ හැකි වීම.

ඒ ඒ කලාපවලට වර්ෂාව ලැබෙන ක්‍රම හා කාල වකවානු හඳුනාගෙන ඒ අනුව බිම් සැකසීම බෝග සංස්ථාපනය වැනි ක්‍රියා සැලසුම් කිරීම.

  • කලාපයට සුදුසු බෝග නිර්දේශ කළ හැකි වීම.

පස් වර්ගය, දේශගුණය ආදී කරුණු මත ඒ ඒ ප්‍රදේශයට සුදුසු බෝග වගා කළ හැකිය.

  • කෘෂි කාර්මික ව්‍යාපෘති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම පහසු වීම.

වර්ගී කරණය මගින් ඒ ඒ ප්‍රදේශවල පාරිසරික ලක්ෂණ හඳුනාගෙන ඇති බැවින් කෘෂි ව්‍යාපෘති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම පහසු වේ.

  • කෘෂි ඉඩම් කලාපීය කරණයට පහසු වීම.

වර්ගී කරණයෙන් ශ්‍රී ලංකාව තුළ ඇති පාංශු කාණ්ඩ, ඒවායේ ව්‍යාප්තිය, වර්ෂාපතන ප්‍රමාණය හා ව්‍යාප්තිය, ස්වභාවික වෘක්ෂලතා ගහණය ආදිය හඳුනාගෙන ඇති නිසා ඉඩම් කලාපීය කරණය පහසු වේ.

  • ඉඩම් සංවර්ධනය හා ඉඩම් සංරක්ෂණ කටයුතු පහසු වීම.

උච්චත්වය, භූ විෂමතාවය, වර්ෂාපතය හඳුනා ගැනීමෙන් ඉඩම් සංවර්ධන හා සංරක්ෂණ කටයුතු පහසු වේ.

  • කෘෂි ක්‍ෂේත්‍රයේ ආයෝජන වලින් නිසි ඵල ලබා ගැනීම.

ප්‍රදේශ වල පරිසරය පිළිබඳ අවබෝධයෙන් යුතුව කෘෂි කර්මාන්තයේ නියැලීමෙන් අවදානම හා අඩමානය අඩු වී ඵලදායීතාව වැඩි වේ.

  • දේශගුණික විපර්යාස මගින් සිදුවන බලපෑම අවම කිරීම.

ඒ ඒ ප්‍රදේශවල කාලගුණික තත්ත්වය අනුව බෝග වගා කිරීමෙන් අහිතකර දේශගුණික බලපෑම් වළක්වා ගත හැකිය.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...