WordPress WooCommerce Themes

බෝග වල පසු අස්වනු හානිවලට හේතුවන පූර්ව අස්වනු සාධක

බෝග වල පසු අස්වනු හානිවලට හේතුවන පූර්ව අස්වනු සාධක විස්තර කරන්න.

පසු අස්වනු හානිය යනු අස්වනු නෙලීමේ සිට පරිභෝජනය කිරීම දක්වා අස්වැන්නේ ප්‍රමාණයට හා ගුණාත්මයට සිදුවන හානි වේ.

  • ජල සම්පාදනය

අධික ලෙස ජලය යෙදීමෙන් බෝග අස්වැන්නේ ස්වාද පැතිකඩ වෙනස් වේ.ඝන ද්‍රව්‍ය ප්‍රමාණය වෙනස් වේ.සමහර බෝග වල ජල ප්‍රමාණය වැඩි වීමෙන් ක්ෂුද්‍ර ජීවි හානි වැඩි වේ.ජලය සපයන වේගය හා ප්‍රමාණය වැඩිවන විට ඵල හා පත්‍ර වලට සිදුවන පසු අස්වනු හානිවැඩිය.ලවණ සහිත වාරි ජලසම්පාදනයෙන් ඵල වල පසු අස්වනු හානි වැඩි වේ.ජල සම්පාදනය අඩු වීම අල බෝගවල පසු අස්වනු හානි වැඩි කරයි.

  • පොහොර යෙදීම

නිසි කලට නියමිත පොහොර නොයෙදීමෙන් පෝෂක ඌණතා ඇති වී පසු අස්වනු හානිවැඩි වේ.

උදා : ගස්ලබු – බොරෝන් තක්කාලි – කැල්සියම් ඌණ වීමෙන් වෙළඳපොළ වටිනාකම අඩු වේ.

නයිට්‍රජන් පොහොර වැඩිපුර යෙදීමෙන් ශාක මාංසල වී පසු අස්වනු හානි වැඩි වේ.

  • පළිබෝධ හා රෝග

ශාකවලට රෝග ඇති වීමෙන් ඒවායේ වර්ධනය දුර්වල වී පසු අස්වනු හානි වැඩි වේ.

අස්වැන්නේ රසය, සංයුතිය හා ජීව කාලය අඩු වී පසු අස්වනු හානිය වැඩි වේ.

  • උෂ්ණත්වය : ඵලවල වර්ණක කණිකා වර්ධනයට

උදා : දොඩම්වල දීප්තිමත් කහපාට ඇති වන්නේ 16° -21° C අතර උෂ්ණත්වයක් ශාකවලට ලැබීමෙනි. මෙම පරාශය නොලැබීමෙන් කොළ වර්ණය ඇති වී වෙළඳ වටිනාකම අඩුවේ.

  • ආලෝකය

අස්වැන්නේ සංයුතියට බලපායි. අඹ, අන්නාසි අධික සෙවන සහිත පරිසරයක වැඩෙන්නට සැලැස්සූ විට අම්ල ප්‍රමාණය වැඩි වේ. වෙළඳ පොලේ දී ප්‍රතික්‍ෂේප වි පසු අස්වනු හානිය වැඩි වේ.

  • RH

සාපේක්ෂව අර්ද්‍රතාවය වැඩිවිටදී අස්වනුවලට රෝග ඇති වේ. පසු අස්වනු හානි වැඩිවේ.

අඹ – ඇන්ත්‍රැස්නෝස්

  • වර්ෂාව

අධික වර්ෂාව ඇති විට දී අස්වැන්නේ ගුණාත්මය අඩු වී පසු අස්වනු හානි වැඩිවේ

  • රෝපණ ද්‍රව්‍ය

ඉහළ ගුණාත්මයෙන් යුතු රෝපණ ද්‍රව්‍ය ක්‍ෂේත්‍රයේ සිටුවීමෙන් දිරිමත් ශාක වර්ධනයක් ඇති වීමෙන් පසු අස්වනු හානි අවම වේ.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...