WordPress WooCommerce Themes

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණය වීමට බලපාන ප්‍රධාන නිර්ණායක

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණය වීමට බලපාන ප්‍රධාන නිර්ණායක පිලිබඳ රචනයක්‌ ලියන්න.

මෙම ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කරන ප්‍රධාන සාධක පිළිබඳව ශිෂ්‍යයාගේ දැනුම සහ විස්තර කිරීමේ හැකියාව තක්සේරු කිරීමට උත්සාහ කරයි. එය සංක්ෂිප්ත වශයෙන්‌ රටක විදේශ ප්‍රතිපත්තියේ අභ්‍යන්තර හා බාහිර නිර්ණායක පිළිබඳ යම්‌ න්‍යායික දැනුමක්‌ ද අපේක්ෂා කරයි.

හැඳින්වීම-

රටක විදේශ ප්‍රතිපත්තිය විවිධ අභ්‍යන්තර හා බාහිර සාධක මත තීර්ණය වේ.

ජාතික බලය, භු-දේශපාලන සාධක, සමාජ සංස්කෘතික සාධක, ජාතික ආර්ථික අභිලාෂයන්‌ සහ ගතිකයන්‌,

පාලන තන්ත්‍රයේ දේශපාලන න්‍යාය පත්‍රය, විදේශ ප්‍රතිපත්ති, ප්‍රභූන්ගේ පුද්ගලික සහ මතවාදී තේරීම්‌, මහජන මතය, සහ සමාජ සංස්කෘතික සාධක විදේශ ප්‍රතිපත්තියට බලපාන වැදගත්‌ අභ්‍යන්තර සාධක වේ.

කලාපීය සහ ගෝලීය බල තුලනය, ජාත්‍යන්තර දේශපාලන, ආර්ථික සහ උපාය මාර්ගික පරිසරයේ වෙනස්වීම්‌, ද්විපාර්ශ්වික සහ බහු පාර්ශ්වික සබඳතා සඳහා අදාළ රාජ්‍යයේ අභිරුචිය, රාජ්‍යවල ශක්‍යතා බෙදීගොස්‌ ඇති ආකාරය, යන සාධක රටක විදේශ ප්‍රතිපත්තියේ බාහිර නිර්ණායක ලෙස හඳුනාගත හැකිය.

අන්තර්ගතය-

ජාතික බලය විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය තීරණය කිරීමෙහි ලා ප්‍රමුඛ බලපෑමක්‌ කරයි. රටක්‌ දැවැන්ත යුධ ශක්තියකින්‌, ආර්ථික ශක්තියකින්‌ සහ දේශපාලන ස්ථාවරත්වයෙන්‌ සන්නද්ධ වූ විට, අධිපතිවාදී සහ උද්වේගකර විදේශ සබඳතා පවා දියත්‌ කිරීමට පසුබට නොවනු ඇත. කෙසේ වෙතත්‌, කුඩා රාජ්‍යයක්‌ ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්‌ ගත්‌ කල, එහි ද්විපාර්ශ්වික හෝ බහුපාර්ශ්වික විදේශ ප්‍රතිපත්තිය සකස්‌ කිරීමේදී මෙම සාධකය තීරණාත්මක වී නොමැත.

ශ්‍රී ලංකාව ඉන්දියන්‌ සාගරයේ උපාය මාර්ගික වශයෙන්‌ වැදගත්‌ ස්ථානයක පිහිටි දූපත්‌ රාජ්‍යයකි.

ඉතිහාසය පුරා එහි විදේශ ප්‍රතිපත්තිය සඳහා භූ-දේශපාලනික සාධක තීරණාත්මක විය. මේ නිසාම වර්තමානයේදී ද කලාපීය බලවතුන්ගේ (ඉන්දියාව, චීනය) සහ මහාද්වීපික බලවතුන්ගේ (ඇමරිකා එක්සත්‌ ජනපදය, රුසියාව) අඛණ්ඩ බලපෑම විදේශ ප්‍රතිපත්ති ක්‍රියාවලියේදී කළමනාකරණය කළ යුතු වැදගත්‌ සාධක වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා වෙළඳ අවශ්‍යතා එහි සමකාලීන විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීමේ වඩාත්‌ තීරණාත්මක සාධක බවට පත්ව ඇත. මෑත කාලයේ අනුගමනය කරන ලද ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා යන දෙකම ආර්ථික හා වෙළඳ අභිලාෂයන්‌ චිසින්‌ අධිනිශ්චය කෙරෙනු දක්නට ලැබේ. රට ද්විපාර්ශ්වික (චීනය, ඉන්දියාව සහ වඩාත්‌ මෑතකදී තායිලන්තය සමඟ) සහ බහුපාර්ශ්වික (SAPTA, SAFTA) වෙළඳ ගිවිසුම්‌ කිහිපයක්‌ සඳහා මුල පිරිම්‌ සිදු කර අත්සන්‌ කර හෝ දැනටමත්‌ ස්ථාපිත කර හෝ ඇත. වත්මන්‌ ආර්ථීක අර්බුදය විසින්‌ බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික ණය සපයන්නන්‌ (චීනය, ඉන්දියාව, IMF, ADB) සමඟ කරන අඛණ්ඩව ගනුදෙනු කිරීම්වලට විදේශ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාව ලබාදීමට රාජ්‍යයට බල කෙර්‌ ඇත.

විදේශ ප්‍රතිපත්ති ප්‍රභූන්ගේ (Forign policy elites) පුද්ගලික සහ මතවාදී අභිරුචිය මෙන්ම මහජන මතය ද රටක විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය හැඩගැස්වීමට වැදගත්‌ සාධක වේ. නිදහස ලැබීමේ සිට 1956 දක්වා ශ්‍රී ලංකාව වඩාත්‌ සම්බන්ධ වූයේ මහා බ්‍රිතාන්‍යය සමඟ ය. ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන්‌ පසුවත්‌ මහා බ්‍රිතාන්‍යය සමඟ සිය ආරක්ෂක සහ උපායමාර්ගික සබඳතා දිගටම සිදු කළාය. කෙසේ වෙතත්‌, 1956 න්‌ පසු පාලන තන්ත්‍ර වෙනස්වීම්‌ සමඟ එහි විදේශ ප්‍රතිපත්ති ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස්‌ විය. ශ්‍රී ලංකාව 1977 දක්වා නොබැඳි ව්‍යාපාරයේ ප්‍රබල ආධාරකරුවෙකු විය. සමාජවාදී රටවල්‌ (රුසියාව, චීනය සහ කියුබාව) සමඟ එහි ද්විපාර්ශ්වික සබඳතා එම කාලය තුළ ශක්තිමත්‌ විය.

1977 සිට 1987 දක්වා එහි ප්‍රධාන උනන්දුව වූයේ “බටහිරට සමීප වීමයි “. පශ්චාත්‌ නිදහස්‌ ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත්‌ ජනපදය සමඟ එතරම්‌ සමීපව කටයුතු කළේ 1980 දශකයේදීය.

2005 සිට 2015 දක්වා කාලය තුළ චීනය රටට සමීපතම බාහිර බලවතා විය.

මහජන මතය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ මුඛ්‍ය සාධකයක්‌ නොවූවත්‌, විශේෂයෙන්ම බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල විදේශ ප්‍රතිපත්ති ක්‍රියාවලිය තුළ බලගතු භූමිකාවක්‌ ඉටු කරයි.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති ඉතිහාසයේ තායිලන්තය, මියන්මාරය සහ මැදපෙරදිග සමඟ ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආගමික සහ වාර්ගික සාධක වැනි සමාජ-සංස්කෘතික නිර්ණායක මගින්‌ ප්‍රමුඛ කොට තිබේ.

කලාපීය සහ ගෝලීය සන්දර්භය තුළ බල සිතියමේ වෙනස්වීම්‌ ජාතීන්ගේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීමේ අත්‍යවශ්‍ය නිර්ණායක වන්නේය. ඉන්දියානු සාගර කලාපයේ (IOR) උපායමාර්ගික සහ දේශපාලනමය වර්ධනයන්‌ සහ ගෝලීය තලයේ (චීනය ගෝලීය බලවතෙකු ලෙස නැගීමත්‌ සමඟ) බහු- ධ්‍රැව බලතුලනයක සිට ද්වි-ධ්‍රැව බල තුලනයක්‌ දක්වා වන බල සංක්‍රමණය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ වැදගත්‌ බාහිර නිර්ණායක ලෙස සඳහන්‌ කළ හැකිය.

ප්‍රකට ව්‍යුහාත්මක යථාර්ථවාදියෙකු වන කෙනත්‌ චොල්ට්ස්‌ (Kenneth Waltz) ප්‍රකාශ කළ පරිදි, රාජ්‍යවල

ශක්‍යතා බෙදී ගොස්‌ ඇති ආකාරය (Distribution of capabilities) ජාතීන්ගේ විදේශ ප්‍රතිපත්තිවල හැඩය තීරණය කිරීමෙහි ලා නොතිත්‌ බලපෑමක්‌ සිදු කරයි. විශේෂයෙන්ම මහ බලවතුන්‌ සමඟ ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීමේදී ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන්ට “පසුපස එල්ලී යාමට” (BandWagoning) සහ ආරක්ෂාකාරී පිළිවෙතක්‌ අනුගමනය කිරීමට බල කෙරේ.

සාරාංශය-

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය බහුවිධ අභ්‍යන්තර හා  බාහිර නිර්ණායකයන්ගේ පිළිබිඹුවකි. කෙසේ වෙතත්‌, ජාතික හා ජාත්‍යාන්තර පර්යාය තුළ සිදුවන වර්ධනයන්‌ අනුව එම නිර්ණායක ගතික ස්වභාවයක්‌ ගතහැකි බව සහ වෙනස්‌ වීමට යටත්‌ බව සඳහන්‌ කළ හැකිය.

(මෙම ප්‍රශ්නය විවෘත අන්තයක්‌ සහිත වන බැවින්‌ ඓතිහාසිකව සහ සමකාලීනව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය තීරණය කිරීමට බලපෑ වෙනත්‌ කාරණා සඳහන්‌ කොට තිබුණොත්‌, ඇගයීමේදී ඒ පිලිබඳ සැලකිල්ල යොමු කළ යුතුය)

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...