WordPress WooCommerce Themes

ඉන්දියානු ආණ්ඩුක්‍රමය අර්ධ සන්ධිය යැයි පවසන්නේ ඇයි ?

ඉන්දියානු ආණ්ඩුක්‍රමය අර්ධ සන්ධිය යැයි පවසන්නේ ඇයි ?

මෙම ප්‍රශ්නයෙන්‌ බලාපොරොත්තු වන්නේ ඉන්දියානු ආණ්ඩුක්‍රමය අර්ධ සන්ධිය යැයි කීමට බලපාන හේතු දැක්වීමට අපේක්ෂකයා සතු හැකියාව මැන බැලීමය.

ඉන්දියානු සන්ධීය ක්‍රමය අර්ධ සන්ධීය යැයි ප්‍රකාශ කිරීම එක්‌ අතකින්‌ හාස්‍යජනකය. එය ස්වකීය දේශපාලන සංවිධානය විස්තර කිරීම සඳහා සංගමය යන වචනය තෝරා ගෙන ඇත. අනෙක්‌ අතට එය ඉන්දියානු ආණ්ඩුක්‍රමයේ සන්ධීයභාවය පිළිගැනීමකි.

අපේක්ෂකයා තම පිළිතුර හැඳින්වීමකින්‌ ආරම්භ කළ හැකිය.  කෙසේ වෙතත්‌ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයා ස්වකීය නිගමනය භාවිත කළ යුතු බවට උපදෙස්‌ දෙනු ලැබේ.

 

අන්තර්ගතය

ඉන්දියාව යනු ප්‍රාන්ත රාජ්‍ය සංගමයකි. එයට ප්‍රාන්ත ආණ්ඩු 28 ක්‌, මධ්‍යම ආණ්ඩුවත්‌ හා 8 ක්‌ පමණ වූ සාංගමික භූමි ප්‍රදේශයත්‌ අයත්‌ වේ. ප්‍රාන්ත රාජ්‍ය හා සාංගමික භූමි ප්‍රදේශ අතර වැදගත්‌ වෙනස්කමක්‌ පවතී.

ඉන්දියානු ආණ්ඩුක්‍රම වාවස්ථාවෙන්‌ ප්‍රාන්තවල ස්වායත්තතාව ලබාදේ. එම ස්වායත්තතාව ෆෙඩරල්‌ ස්වායත්තතාවට ම සමානය. එය මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත අතර බලතල වෙන්කර දීමේ දී ලැයිස්තු ක්‍රමය අනුගමනය කරයි. ප්‍රාන්ත සතුව සෘජුව ජනතාව විසින්‌ තෝරාගනු ලබන ව්‍යවස්ථාදායක සභාවක්‌ ඇත.

ආණ්ඩුකාරවරයා මධ්‍යම ආණ්ඩුව නියෝජනය කරනු ලබන නමුත්‌ ප්‍රාන්ත ආණ්ඩුවේ විධායක කාර්යන්‌ සම්බන්ධයෙන්‌ ඔහුගේ බලතල සීමිතය. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංගමය යන පදය යෙදීම නොපැහැදිලි ය. ඉන්දියානු ආණ්ඩුක්‍රමය අර්ධ සන්ධිය යැයි කීමට ඉන්දියාවේ ඉතිහාසය ඈඳී ඇත.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයින්‌ මුහුණදුන්‌ අභියෝගය වූයේ ඉන්දියානු සංගමය පවත්වා ගැනීම හා විවිධත්වයට පහසුකම්‌ සැපයීමයි. ඔවුන්‌ සතු වරණය වූයේ සාමාන්‍ය කාලවලදී ඉන්දියානු ආණ්ඩුක්‍රමයට සන්ධීය ආණ්ඩුවක්‌ ලෙස ක්‍රියාකිරීමත්‌ සුවිශේෂ අර්බුදකාර්‌ අවස්ථාවල දී ඒකීය රාජ්‍යයක්‌ ලෙස කටයුතු කිරීමට ඉඩසැලසීමය.

ඉන්දියානු සන්ධියවාදයේ විශේෂ ලක්ෂණ

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෘජුවම එය සන්ධීය යැයි නොකියන නිසා එහි සන්ධීය ලක්ෂණ ව්‍යංගිතව පවති. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, එම ක්‍රමය ෆෙඩරල්‌ නොවේ යැයි පැහැදිලිව ම නොකියන නිසා එහි ෆෙඩරල්‌ ලක්ෂණ දක්නට ලැබෙන්නේ එහි ව්‍යූහය තුළ ය. ඒ අනුව මධ්‍යම ආණ්ඩුවේ හා ප්‍රාන්ත ආණ්ඩුවේ බලතල වෙන්‌ කිරීමට විධිවිධාන සලසයි.

ව්‍යවස්ථාව සතු ඒකීය ලක්ෂණ ද පවති. ප්‍රාන්ත ආණ්ඩු සම්බන්ධ මධ්‍යම ආණ්ඩුවේ බලය එනම්‌ ප්‍රාන්ත ආණ්ඩු විසුරුවා හැරීමට හැකි බලය උදාහරණ වේ. මෙය ඇතැම්‌ විවේචකයින්‌ ඉන්දියානු ක්‍රමය අර්ධ සන්ධීය යැයි හැඳින්වීමට බලපා ඇත. කෙසේ වුවත්‌ මෑත කාලයේ හේතු ගනණාවක්‌ නිසා ඉන්දියානු ආණ්ඩුක්‍රමයේ ෆෙඩරල්‌ ලක්ෂණ වැඩි වී ඇත. ඉන්‌ සමහරක්‌ පහත දැක්වේ.

අ) මධ්‍යාම ආණ්ඩුව හසුරුවනු නොලබන දේශපාලන පක්ෂ විසින්‌ ප්‍රාන්ත ආණ්ඩුවල බලය අත්පත්‌ කරගෙන වැඩි ස්වාධීනත්වයක්‌ වෙනුවෙන්‌ සටන්‌ කිරීම.

ආ) ඉන්දියානු දේශපාලනයේ දී බොහෝ කලාපීය දේශපාලන පක්ෂ ප්‍රාන්ත ආණ්ඩුවල බලයට පත්ච ඇත. ඒවා කලාපීය ස්වායත්තතාවට කැප වූ පක්ෂ වේ.

ඇ) මෑත කාලයේ සිදු වූ වැදගත්‌ සංවර්ධනයක්‌ නම්‌ ප්‍රාන්ත ආණ්ඩුවලට වැඩි ස්චායත්තතාවක්‌ හිමිවන ආකාරයට ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකතනය කිරීමයි. ඒ මඟින්‌ මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්ත ආණ්ඩුවලට ඇඟිලි ගැසීම වළකා ඇත. මධ්‍යම ආණ්ඩුව විසින්‌ කලාපීය පක්ෂ හෝ විපක්ෂයේ දේශපාලන පක්ෂ බලය දරනු ලබන ප්‍රාන්ත ආණ්ඩු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 352 වගන්තිය අනුගමනය කරමින්‌ විසුරුවා හැරීම වළක්වා ඇත.

තවද මධ්‍යම ආණ්ඩුවත්‌ හා ප්‍රාන්ත ආණ්ඩුවත්‌ යන දෙක අතර ඇතිවන ගැටලු චිනිශ්චයේ දී ප්‍රාන්ත ආණ්ඩුවලට හිතකර වන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන අර්ථකතනය කර ඇත. මෙයින්‌ ඉන්දියානු ක්‍රමයේ සන්ධිය ලක්ෂණ ශක්තිමත්‌ වී ඇත.

අසමමිතික බලහවුල්කාරීත්වය ඉන්දියානු ෆෙඩරල්‌ ක්‍රමයේ තවත්‌ විශේෂ ලක්ෂණකි. ඉන්‌ අදහස්‌ වන්නේ

සන්ධීය ආණ්ඩුක්‍රමයේ සෑම කොටස්කරුවකුටම සමාන මට්ටමක බලතල හිමි නොවන බවයි. විශේෂ හේතු නිසා සමහර ප්‍රාන්තවලට විශේෂ බලතල ලැබී ඇත. උදාහරණ ලෙස පංජාබ්‌, ගෝවර්‌, ඇසෑම්‌, මිසොලාමී, මනිපූර්‌ සහ සිකීම්‌ යන ප්‍රාන්තවලට වැඩි බලතල ලැබී තිබේ. ඊට හේතු වී ඇත්තේ ජනවාර්ගික ජාතිකවාදී ව්‍යාපාර හා වෙන්වී යෑම සඳහා පැවති වාර්ගික වියවුල්කාරී තත්වයන්‌ ය.

විරෝධතා මධ්‍යයේ වුවත්‌ ඉන්දියාවට සංපේක්ෂ වශයෙන්‌ සාමකාමී ව නව ප්‍රාන්ත බිහිකිරීමට හැකියාව ලැබී ඇත. 2004 දී චත්තිස්ගා හා උත්තරකාන්ද්‌ යන ප්‍රාන්ත බිහිකළේ ය. 2014 දී පවත්නා ආන්ද්‍රා ප්‍රදේශ්‌ ප්‍රාන්තයෙන්‌ තෙලංගානා ප්‍රාන්තය බිහිකළේ ය. එමඟින්‌ පැහැදිලි වන්නේ පවත්නා ප්‍රාන්තවල දේශසීමා වෙනස්‌ කරමින්‌ වැඩි ප්‍රචන්ඩත්වයකින්‌ තොරව නව ප්‍රාන්ත බිහිකිරීමට ඉන්දියානු සන්ධීය ක්‍රමය සතු නම්‍ය භාවයයි.

අපට තවදුරටත්‌ නිරීක්ෂණය කළ හැකි ලක්ෂණයක්‌ වන්නේ ප්‍රාන්ත ආණ්ඩු මුලින්‌ සිතුවාට වඩා ප්‍රාදේශීය ස්වායත්තතාවක්‌ සතු කරගනිමින්‌ විකාශනය වීමයි. ඉන්දියානු ආණ්ඩුක්‍රමයේ සන්ධීය ලක්ෂණ ස්ථාවරවීමට බලපා තිබෙන කරුණක්‌ වන්නේ ඉන්දියානු ආණ්ඩුක්‍රමයෙන්‌ හා ව්‍යවස්ථාවෙන්‌ විවිධත්වය හා බහුත්වාදය නිරූපණය විය යුතු යැයි පොදු ජනතාව විසින්‌ පිළිගැනීමයි. ජාත්‍යන්තර අත්දැකීමක්‌ වන්නේ සන්ධිය ක්‍රමය තුළ ශක්තිමත්‌ මධ්‍යම ආණ්ඩු බිහිවීමයි.

ඉන්දියානු අර්ධ සන්ධීය ක්‍රමයට ඓතිහාසිකව බලපෑ හේතුවක්‌ වන්නේ නිදහස ලබාගන්නා අවස්ථාවේ දී ඉන්දියාව හා පාකිස්ථානය ලෙස භෞමික වශයෙන්‌ කැඩීයාමයි. එබැවින්‌ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්‌ අවධාරනයක්‌ ඉන්දියානු ක්‍රමය තබා ඇත. තවද ඉන්දියානු සන්ධීය ක්‍රමය බ්‍රිතාන්‍ය යටත්‌ විජිත පාලකයින්‌ විසින්‌ බිහිකරනු ලැබූ මධ්‍යගත පරිපාලන ක්‍රමය අඛන්ඩව පවත්වාගෙන යයි.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...