ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කරන ලද මූලික අයිතිවාසිකම් විස්තර කරන්ත.
අරමුණ-
මෙම ප්‍රශ්නයෙන් ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික අයිතිවාසිකම් පිළිබඳ අපේක්ෂකයාගේ දැනුම පරීක්ෂා කිරීමට උත්සාහ කරයි. මේ අනුව, ඔහු/ඇය මූලික අයිතිවාසිකම්, ඒවායේ වැදගත්කම මෙන්ම සීමාවන් හෝ අඩුපාඩු විස්තර කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ සීමාවන් සහ අවාසි විවේචනාත්මකව සාකච්ඡා කරන අපේක්ෂකයින්ට එහි අඩංගු මූලික අයිතිවාසිකම් විස්තර කරන අයට වඩා වැඩි ලකුණු ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ හැකිය.
හැඳින්වීමේදී, අපේක්ෂකයින් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සසඳන විට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව සඳහන් කළ හැකිය
අන්තර්ගතය-
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ 10-16 වගන්තිවල මූලික අයිතිවාසිකම් ඇතුළත් වේ. අපේක්ෂකයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් පහත පරිදි ඉදිරිපත් කළ හැකිය.
සිතීමේ, හෘදය සාක්ෂියේ සහ ආගමේ නිදහසට ඇති අයිතිය (10 වැනි වගන්තිය)
වධ හිංසාවලින් හෝ කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලිවලින් හෝ දඬුවම්වලින් නිදහස් වීම (11 වැනි වගන්තිය).
නීතිය ඉදිරියේ සමානාත්මතාව සහ සමාන ආරක්ෂාව සඳහා ඇති අයිතිය (12 වගන්තිය). එය සමානාත්මතාවට සහ වෙනස් කොට නොසැලකීමට ඇති අයිතිය පිළිගනී. මෙම වගන්තියේ සඳහන් වන්නේ: ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ එවැනි හේතුවක් මත කිසිදු පුරවැසියෙකු වෙනස් කොට සැලකීම නොකළ යුතු බවය.
අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගැනීමෙන් නිදහස සහ නිසි නෛතික ක්‍රියාවලියකට ඇති අයිතිය (13 වගන්තිය).
භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස, රැස්වීම, සමාගම් පැවැත්වීම, ආගමික නිදහස, භාෂාව, රටට නැවත පැමිණිමට ඇති අයිතිය සහ සිය රටේ ඕනෑම ප්‍රදේශයක ජීවත් වීමේ අයිතිය. (14 වැනි වගන්තිය).
10,11, 12(1), 12 (3) සහ 13 වැනි වගන්තිවල අඩංගු අයිතිවාසිකම් සියලුම පුද්ගලයන්ට අදාළ වන අතර 12 (2) සහ 14 වැනි වගන්ති අදාළ වන්නේ පුරවැසියන්ට පමණි. 2001 වන තෙක් පුරවැසි අයිතිවාසිකම් නොතිබූ ජන කොටසකට වෙනස් කොට සැලකූ මෙම වගන්තිය ව්‍යවස්ථා පරිච්ඡේදයේ කැපී පෙනෙන සීමාවකි (ඉන්දියානු සම්භවය සහිත දෙමළ ජනයා සම්බන්ධව).
තවද, 10 සහ 11 වගන්තිවල අඩංගු අයිතිවාසිකම් පරම අයිතිවාසිකම් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එම අයිතිවාසිකම් සීමා කිරීම හෝ කිසිදු සීමාවකට යටත් කිරීම කළ නොහැක.
1972 මූලික අයිතිවාසිකම් සමඟ සසඳන විට, ධනාත්මක ලක්ෂණය වන්නේ නීතිමය පිළියම් සඳහා වූ විධිවිධානය.
රජය විසින් මූලික අයිතිවාසිකම් සහ නිදහස සීමා කළ හැකි හේතු ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තියේ දක්වා ඇත. ප්‍රකාශනයේ නිදහස ක්‍රියාත්මක කිරීම, වාර්ගික හා ආගමික සහජීවනය සඳහා, හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාස කිරීම හෝ උසිගැන්වීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කළ හැකි සීමාවන්ට යටත් චිය යුතු බව වගන්තියේ සඳහන් වේ.
තව දුරටත්, 14 වැනි වගන්තියේ ඇති මූලික නිදහස සීමා කිරීමට රජයට බලය පවරන කාරණා 15 වැනි චගන්තිය ඉදිරිපත් කරයි.(ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ මහජන සෞඛ්‍යය හෝ සදාචාරය ආරක්ෂා කිරීම, 1947 මහජන ආරක්ෂක ආඥාපනත (POPLE) යටතේ ප්‍රකාශයට පත් කර ඇති හදිසි රෙගුලාසි,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වැනි ව්‍යවස්ථාව මඟින් සපයනු ලබන්නේ පවතින සියලුම ලිඛිත නීති සහ ලිඛිත නොවන නීති, මූලික අයිතිවාසිකම් සමඟ යම් අනුකූලතාවක් සහිත වියයුතු බවය.
පහත සඳහන් කාරණා 1978 ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සම්බන්ධව අඩුපාඩු ලෙස දැක්විය හැක.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇති අතර එමගින් යහපාලනය සහතික කෙරෙන බව පිළිගන්නා බව ඇතැම් සිසුන් දැකිය හැකිය.
ත්‍රස්ත විරෝධී පනත සහ මාර්ගගත ආරක්ෂණ පනත වැනි රජයේ මර්දනකාරී නීති හේතුවෙන් මූලික අයිතිවාසිකම්වලට ඇති වත්මන් අභියෝග/තර්ජන පිළිබඳව අපේක්ෂකයින්ට සාකච්ඡා කළ හැකිය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.