ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ ප්‍රධාන ලක්ෂණ විස්තර කරන්න.
හැදින්වීම-
මේ ප්‍රශ්නයේ ඇති “විස්තර කරන්න” යන්නෙන් අදහස් කරන්නේ ප්‍රජාතන්තවාදී ආණ්ඩුකරණයේ මූලික ලක්ෂණ ගැන ඇති අවබෝධය පරිෂාකර බැලීම හා ඒවා විස්තර කිරීමය.
අපේකෂකයාට ආණ්ඩුකරණය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර ඇති සම්බන්ධතාව ගැන කෙටි හැඳින්වීමකින් ස්වකීය පිලිතුර ආරම්භ කළ හැකිය.පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන් හැදින්වීමක් දැඩිව අපේක්ෂා නොකිරීම ගැටළුවක් නොවනු ඇත. ආණ්ඩුකරණය හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ කරන අදහසක් ඇති දැයි සොයා බැලීමට වඩාත් අවධානය යොමු කරන්න.
අන්තර්ගතය-
නීතිය හා සාමය පවත්වා ගන්නා අතර සකලවිධ පුරවැසියන්ගේ පොදු යහපතට සේවය කිරීම සදහා සමාජය පරිපාලනය කිරීම හෙවත් කළමනාකරණය ආණ්ඩුකරණයෙන් අදහස් කෙරේ. ආණ්ඩු කිරීමේ මේ ක්‍රියාවලියට පහත දැක්වෙන කාර්යයන් අඩංගු කළ හැකිවේ.
නීති සෑදීම- සමාජීය යහපත, ගැටුම් කළමනාකරණය, නීතිය හා සාමය පවත්වා ගැනීම, සමාජයේ දේශපාලන හා ආර්ථීක දිශානතියට අවශ්‍ය නීති සම්පාදනය.
ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම-මේ කෘත්‍යය හරහා සමාජයේ ආර්ථික හා සමාජ ප්‍රගතිය, එහි සාමාජිකයින්ගේ සුභසාධනය හා සමාජ හා ආර්ථික වෙනස්කම් සිදු කරනු ලැබේ.
ප්‍රතිපත්ති සම්පාදනයට හා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන සංස්ථාමය ව්‍යුහය වන රාජ්‍ය පරිපාලනය කළමනාකරණය.
පුරවැසියන්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතතාව සැපයිය හැකි හා සමාජ සාමුහිකත්වය හා සුසංගතතාව ඇතිකරනු පිණස නීතිය හා සාමය පවත්වා ගෙන යාම
සමාජ කණ්ඩායම් අතර මෙන්ම කණ්ඩායම් තුළත් කණ්ඩායම්, හා රාජ්‍ය අතරත් ගැටුම් කළමනාකරණය කරගනිමින් අන්තර් රාජ්‍ය සම්බන්ධතා සැකසීම හා කළමනාකරණය
මේවා දේශපාලනයේ ඉතා ප්‍රයෝගික පැතිකඩ වෙයි. ඒබැවින් දේශපාලන විද්‍යාව හදාරන්නන් ඒවාට
විශේෂ අවධානයක් යොදයි. ආණ්ඩුවේ ප්‍රායෝගික පැතිකඩ ඉහත ආකාරයට ක්‍රියාත්මක වන සන්දර්භයක්
තුළ, ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනයෙහි බලපෑම හමුවේ ආණ්ඩුකරණය තුළට පහත සඳහන් ක්ෂේත ඇතුලත්
වී තිබේ.
9, සීමිත ධුරකාලය
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.