ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය අර්ථකථනය කරන්න.
ප්‍රශ්නය ඉලක්ක කර ඇත්තේ අපේක්ෂකයා ප්‍රජාතන්තවාදී ආණ්ඩුකරණය යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි කිරීමට ඇති හැකියාව පරික්ෂා කිරීමය. චචනාර්ථයෙන් ගත හොත් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවක් හෝ යම් සංවිධානයක් වැනි දෑ පාලනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග හා ක්‍රියා කරන ආකාරයයි.
දේශපාලන සංකල්පයක් වශයෙන් ඉන් අදහස් කරන්නේ ආණ්ඩුවේ කාර්ය ඵලය හා ආණ්ඩුව විසින් පොදු සේවා බෙදා හැරීමය.
එය පුළුල් හා වැදගත් සංකල්පයක් බවට පත්ව ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ආවරණය කිරීමක් දක්වා දිගු වී ඇත. ඒ පොදු ජනතාවට, සිවිල් සමාජයට හා සෙසු අයට ආණ්ඩුවේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට වැඩි වැඩියෙන් සහභාගි වීමට ඉඩ ලබා දීම තුළිනි.
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය පිලිබඳ සංකල්පය පහළ සිට ඉහළට ගමන් කරන (ආරෝහන) තින්දු ගැනීම හා, අවශ්‍යතා අනුව සිදු කෙරෙන සංවර්ධනය, අවධාරණය කරයි. එය ආණ්ඩුව සමාජයට වග කියන හා වග චන දෙයක් බවට පරිවර්තනය කිරීමේ දේශපාලන මූලෝපායයක් වශයෙන් ද සැලකේ.
අපේක්ෂකයින්ට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය යනු කුමක් දැයි අර්ථ දක්වා ඒ විසින් පෙනී සිටින්නේ කුමකට දැයි කිව හැකි නම් සම්පූර්ණ ලකුණු ප්‍රදානය කළ යුතුය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.