පාර්ලිමේන්තු හා ජනාධිපති ආණ්ඩුක්‍රම අතර වෙනස්‌කම් පැහැදිලි කරන්න.
පිළිතුරු පත්‍ර පරීක්ෂකයන්ගේ අවධානයට මෙහි ඇති මූලික අපේක්ෂාව ගැටපදය වන “පැහැදිලි කරන්න” යන්න කෙරෙහි යොමු කරනු ලැබේ. ඉන් අදහස් වන්නේ වෙනස්කම්වලට බලපාන කරුණු ගැන හේතු දැක් වීමට ඇති හැකියාවය.
හැදින්වීම –
අපේක්ෂකයා ස්වකීය පිළිතුර පාර්ලිමේන්තු හා ජනාධිපති ආණ්ඩුක්‍රම ආකෘති ගැන සම්බන්ට හැදින්වීමකින් ආරම්භ කළ හැකිය.
අන්තර්ගතය –
පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය පාර්ලිමේ ක්‍රමයක දී ව්‍යවස්ථාදායකයට භා විධායකයට වෙන් වෙන් වූ පැවැත්මක් නැත.ව්‍යවස්ථාදායකය හා විධායකය උත්පාදනය වන්නේ එකම මැතිවරණයකිනි. ව්‍යවස්ථාදායකයින් අතරින් බහුතරයක විශ්වාසය ලබාගන්නා පක්ෂය හෝ කණ්ඩායම ආණ්ඩුව පිහිටුවයි.
ව්‍යවස්ථාදායකයට ආණ්ඩුවත් ආණ්ඩුවට ච්‍යවස්ථාදායකයන් එකිකෙන පාලනය කළ හැකිය.ආණ්ඩුව චිසින් යෝජිත නිති පැනවීමේ යෙදෙන අතරම, පාර්ලිමේන්තුව කථිකා සභාවක්, එනම් ආණ්ඩුවේ ගුණ දොස් සාකච්ඡා කරන/සොයන සභාවක් වෙයි. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක දී තනි තති මන්ත්‍රීවරයාගේ වැදගත් කම අඩුවෙයි. ආණ්ඩුව විසින් යෝජිත නීති කෙටුම්පන්වලට තනි තති මන්ත්‍රීවරයාගේ යෝජනාවලට වඩා ප්‍රමුඛතාව ලැබේ.
උත්සවකාර රාජ්‍ය නායකයකු හා ආණ්ඩුවේ තථ්‍ය නායකයෙකු සිටී.පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ආකෘතියේ දී සාමුහික වගකීම පිළිබද මූලධර්මය අතිශයින් වැදගත් වෙයි. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී ගුණයෙන් වැඩි වුවත් අඩුවෙන් ස්ථාවරයැයි කියනු ලැබේ.
ජනාධිපති ආණ්ඩුක්‍රම ආකෘතිය-
ව්‍යවස්ථාදායකයට හා විධායකයට ඇත්තේ වෙන් වෙන් වූ පැවැත්මකි.
ජනාධිපතිවරයා හා ව්‍යවස්ථාදායකය තෝරා ගන්නේ වෙනම මැතිවරණවලිනි. ආයතන දෙකේ පැවැත්ම වෙන වෙනම වූ මැතිවරණවලින් තීරණය කෙරෙයි.
ආණ්ඩුකරණයට අදාළ ප්‍රධාන කුළුණු තුන අතර සංවරණ හා තුලන ඇති කරමින් බලතල බෙදීම පිළිබද මූලධර්මය ක්‍රියාවට යොදවයි.
ව්‍යවස්ථාදායකය මූලිකවම නිනි පැනවීමේ සංස්ථාවක් වන අතර තනි තනි නිති සම්පාදකයාගේ වැදගත්කම ඉතා ඉහළ මට්ටමක පවතියි. විධායකය දේශපාලන කාරණා මත ඉවත් කළ නොහැති අතර, කළ හැක්කේ දේශපාලනමය නොවන හේතු නිසාය.
නිගමනය –
අපේක්ෂකයෙකු ආණ්ඩුක්‍රම දෙක අතර පවතින වෙනස්කම් හා ඊට තුඩු දෙන හේතු දක්වමින් පිළිතුර අවසන් කරන්නේ නම් සම්පූර්ණ ලකුණු ප්‍රදානය කළ යුතුය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.