WordPress WooCommerce Themes

ඇමෙරිකානු විප්ලවයේ පසුබිම

ඇමෙරිකානු විප්ලවයේ පසුබිම

ආර්ථික සාධක

  • එංගලන්තය ඇමෙරිකාවේ ඉංග්‍රීසි ජනපද සම්බන්ධයෙන් අනුගමනය කළ වාණිජවාදී ප්‍රතිපත්තිය, එහි ප්‍රධාන අරමුණු වූයේ අමෙරිකානු ජනපද තම නිෂ්පාදන සඳහා වෙළදපොළක් ලෙසත්, තම පරිභෝජනයට හා කර්මාන්ත සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නිපදවන ස්ථාන ලෙසත් තබා ගැනීමයි.
  • එංගලන්තයේ මෙම ප්‍රතිපත්තිය නාවික පනත් හා නීති මගින් ක්‍රියාත්මක වීම.
  • එංගලන්තයේ නිපදවන ඇතැම් භාණ්ඩ ජනපදවල නිපදවිම තහනම් කිරීම.
  • නම් කළ භාණ්ඩ ලෙස හැඳින්වූ භාණ්ඩ එංගලන්තයට පමණක් අලෙවි කළ යුතු යයි කියම කිරීම (දුම්කොළ, කපු, සීනි)
  • ජනපදවලින් ලබාගත් අමුද්‍රව්‍ය වලින් එංගලන්තයේදී නිෂ්පදනය කරන ලද භාණ්ඩ එංගලන්තය විසින් නියම කරන ලද මිල ගණන්වලට ජනපදවාසීන්ට අලෙවි කිරීම.
  • ජනපදවල භාණ්ඩ ප්‍රවාහනය, එංගලන්තයට අයත් නැව්වලින් පමණක් කළ යුතු බව නියම කිරීම.

මෙම ආර්ථික ප්‍රතිපත්තියට යටත්විජිතවාසීහූ විරුද්ධ වූහ.

 

දේශපාලන සාධක

  • එංගලන්තයේ පාර්ලිමේන්තුව විසින් ජනපදවලින් බදු අය කරගනු ලැබීම පිළිබඳව ජනපදවාසීන් තුළ පැවති විරෝධය, ක්‍රමයෙන් එංගලන්තයේ පාලනයෙන් දේශපාලන නිදහස ලබාගන්නා ක්‍රියා මාර්ගයක් බවට පරිවර්තනය වීම.
  • සත් අවුරුදු යුද්ධයෙන් (1756- 1763) පසු ඉංග්‍රීසි ජනපදවලට තිබූ ප්‍රංශ තර්ජනය මෙන්ම රතු ඉන්දියානු තර්ජනය ඉවත් වූ නිසා ඉංග්‍රීසි හමුදාවල ආරක්‍ෂාව පෙර පරිදි ජනපදවාසීන්ට අවශ්‍ය නොවීම.
  • එහෙත් ඉංග්‍රීසි පාර්ලිමේන්තුව, ඇමෙරිකාවේ තිබු ජනපදවාසීන්ගේ නියෝජිතයන්ගෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවල අනුමැතියකින් තොරව, ඉංග්‍රීසි හමුදාවල නඩත්තුවට යයි ප්‍රකාශ කරමින් නව බදු පැනවීම, ටවුන්ෂෙන්ඩ් පනත්, විදුරු බද්ද, මුද්දර බද්ද ,තේ බද්ද ආදිය පැනවුවා පමණක් කොට ඒවා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට ද උත්සාහ ගැනීම.
  • ජනපදවාසීන්ගේ උද්ඝෝෂණ හමුවේ ඇතැම් බදු අවලංගු කරන ලද නමුත්, ජනපදවලින් බදු අයකිරීමේ අයිතිය ඉංග්‍රීසි පාර්ලිමේන්තුවට තිබෙන බව ප්‍රකාශ කරමින් තේ බද්ද පමණක් අවලංගු නොකිරිම.
  • එහෙත් ඉංග්‍රීසි පාර්ලිමේන්තුවට ඇති එම අයිතිය ප්‍රතික්ෂේප කළ ජනපදවාසීන් බොස්ටන් වරායේ තිබූ තේ පෙට්ටි තොගයක් මුහුදට විසිකොට (බොස්ටන් තේ සාදය) “නියෝජනයක් නැති නම් බදුත් නැත” යන සටන් පාඨය යටතේ ඇමෙරිකානු නිදහස් සටන 1775 දී ආරම්භ කිරීම.
  • 1775 දී දෙපක්ෂය අතර ගැටුම් ඇතිවීම, 1776 ජුලි 4 දා ජනපදවාසීන් ඇමරිකානු ස්වාධීනතා ප්‍රකාශනය නිකුත් කිරීම. 1783 දී ජනපදවාසීන් එංගලන්ත හමුදා පරාජය කොට, ඇමෙරිකා කිදහස් සටන් ජයගැනීම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...