නාගරික හා ජලජ ජෛව සම්පත් පීඨය
නාගරික හා ජලජ ජෛව සම්පත් පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට එකතු වූ නවතම පීඨයයි. රටට අත්‍යාවශ්‍ය නීල හරිත ජෛව ආර්ථිකයක් සඳහා විශේෂ අවධානයක් යොමු කරමින්, දැනට තිබෙන සහ අනාගතයේදී ඇතිවිය හැකි අභියෝගයන්ට මුහුණ දිය හැකි තරම් ශක්තිමත්, වෘත්තීය සුදුසුකම් ලත් උපාධිධාරී සහ පශ්චාත් උපාධි ශ්‍රම බලකායක් බිහි කිරීමේ අරමුණින් මෙම පීඨය පිහිටුවන ලදී.
මෙම පීඨය මඟින් පහත සඳහන් පරිදි පුර්ණ කාලීන උපාධි අධ්‍යයන පාඨමාලා (විද්‍යාවේදී හා විද්‍යාවේදී ගෞරව) හතරක් පවත්වනු ලබයි.
ජීව විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් වූ සිසුන් හට මෙම උපාධි පාඨමාලා සඳහා අයදුම් කළ හැකි අතර සියලුම පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබයි.
නාගරික හා ජලජජෛව සම්පත් පීඨය මගින් පවත්වනු ලබන විද්‍යාවේදී උපාධි පාඨමාලාව සමාසික හයක (six semesters) කාලයකින් යුක්ත වන අතර විද්‍යාවේදී ගෞරව උපාධි අධ්‍යයන පාඨමාලාව සමාසික අටක (eight semesters) කාලයකින් යුක්ත වෙයි. එක් සමාසිකයක් සති 15 කි. සෑම උපාධි අධ්‍යයන පාඨමාලාවක් තුළදීම සිසුන් හට ජෛව සම්පත් ආශ්රිත ක්ෂේත්‍ර හා වත්තීය පුහුණුවක් (industial training) ලබාගැනීමට සහ විෂය සමගාමි ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා (field visits) සඳහා සහභාගි වීමට අවස්ථා ලැබේ. මීට අමතරව ගෞරව උපාධි සිසුන්හට ජෛව සම්පත් ආශ්රිත විෂය ක්ෂේත්රයකින් පර්යේෂණ ව්‍යාපෘතියක් සිදු කිරීමට ද අවස්ථාව ලැබේ.
ජලජ ජෛව සම්පත් විද්‍යාවේදී උපාධි අධ්‍යයන පාඨමාලා (BSc in Aquatic Bioresources) (Bachelors: 90 credits/SLQF level 5, Honours: 120 credits/SLQF level 6)
මෙහි ප්‍රධාන විෂය ක්ෂේත්‍ර ලෙස සාගර ජලජීවී වගාව (Mariculture), මුහුදු පැළෑටි වගාව (Seaweed Production), ජල ජීවී රෝග පාලනය (Aquatic Animal Health), ජලජ ජෛව සම්පත් සඳහා ජෛව තාක්ෂණ (Biotechnology for Aquatic Bioresources), සුහුරු ජලජීවී වගාව (Smart Aquaculture), විසිතුරු මත්ස්‍ය වගාව හා අභිජනනය (Ornamental Fish Culture and Breeding), මත්ස්‍ය ආහාර තාක්ෂණය (Fish Feed Technology) ඇතුළුව තවත් විෂය ක්ෂේත්‍ර ආවරණය වේ.
නාගරික ජෛව සම්පත් විද්‍යාවේදී උපාධි අධ්‍යයන පාඨමාලා (BSc in Urban Bioresources) (Bachelors: 90 credits/SLQF level 5, Honours: 120 credits/SLQF level 6)
මෙහි ප්‍රධාන විෂය ක්ෂේත්‍ර ලෙස හරිත ගොඩනැගිලි හා තිරසාර නාගරික සංවර්ධන (Green Buildings and Sustainable Urban Development), නාගරික ජෛව සම්පත් සඳහා ජෛව තාක්ෂණය (Biotechnology in Urban Bioresources), කොම්පෝස්ට් නිෂ්පාදනය හා කළමනාකරණය (Urban Composting, Soil and Fertilizer Management), බොන්සායි වගාව (Bonsai and Bottle Gardening), සුහුරු ගොවිපලකරණය (Smart Farming), පරිසරය සහ ජෛව ශක්තිය (Environment and Bioenergy), නාගරික සත්ත්ව නිෂ්පාදනය (Urban Livestock Production) ඇතුළුව තවත් විෂය ක්ෂේත්‍ර ආවරණය වේ.
මෙයට අමතරව පීඨයේ සියලුම සිසුන් හට සිය උපාධි අධ්‍යයන පාඨමාලා සාර්ථකව හැදෑරීමට අවශ්‍ය මූලික දැනුම් සපයමින් විශ්ලේෂණ උපකරණ (Analytical Instruments), තොරතුරු තාක්ෂණය (Information Technology), ව්‍යවසායකත්ව හා ව්‍යාපාර සංවර්ධනය (Entrepreneurship and Business Development), මෘදු කුසලතා සංවර්ධනය (Soft Skills Development), සහ මුලික ගණිතය (Basic Mathematics) වැනි විෂයයන් ද විෂය මාලාවට ඇතුළත් කර ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.