දන්ත ශල්‍යවේදී (BDS) උපාධිය
දන්ත ශල්‍යවේදී උපාධි පාඨමාලාව, සෑම අධ්‍යයන වර්ෂයක් සඳහාම සති 10 කින් යුතු වාර තුනකින් සමන්විත අධ්‍යයන වර්ෂ පහක පාඨමාලාවකි. අදියර I අදියර II සහ අදියර III යනුවෙන් බෙදා ඇති මෙම පාඨමාලාවේ ඉගැන්වීම් කටයුතු විෂය පද්ධති පදනම මත ඒකාබද්ධ කර ඇත. අදියර I වෛද්‍ය විද්‍යා පීඨයේ වෛද්‍ය සිසුන් සමඟ එක්ව මිනිස් සිරුරේ සාමාන්‍ය ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය උගන්වන ප්‍රධාන විෂයයන් හතරකින් සමන්විත වේ. අදියර II පරිපූරක වෛද්‍ය විෂයයන්ගෙන් සමන්විත වන අතර, මිනිස් සිරුරට බලපාන විවිධ රෝග සහ ඒ ආශ්රිත අසාමාන්‍ය කායික ව්‍යුහය සහ එක් එක් තත්ත්වය තුළ ක්‍රියාකාරිත්වය ඉගැන්වීම සහ ප්‍රජා දන්තවෛද්‍ය විද්‍යාව සහ දත්ත ප්‍රතිකාර ද්‍රව්‍ය පිළිබඳව ද ඉගැන්වේ. අදියර IIIහි සායනික දන්ත වෛද්‍ය විද්‍යාව උගන්වන අතර I වන කොටස සහ II වන කොටස යන කොටස් දෙකකින් සමන්විත වේ. I වන කොටස යටතේ ශිෂ්‍යයා දන්ත වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන විෂයයන් 8ක් පිළිබඳව ඉගෙන ගත්තා අතර එම ක්ෂේත්රයන්හි කුසලතා වර්ධනය කරගනු ඇත. අවසාන වසර තුළ, ප්‍රතිකාර පටිපාටි සමඟ දන්න රෝග කළමනා කරණය පිළිබඳව සම්පුර්ණ මෙන්ම උසස් දැනුමක් ලබා දෙනු ඇත. මෙම පාඨමාලාව ඉගැන්වීමේ මාධ්‍යය ඉංග්‍රීසි වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.