WordPress WooCommerce Themes

ශාස්ත්‍ර පීඨය- පේරාදෙණිය විශ්වවිද්‍යාලය (2025 දත්ත)

ශාස්ත්‍ර පීඨය

ප්‍රථම උපාධි වැඩසටහන : පීඨය එහි සිසුන්ට පුළුල් පදනමක් මත ප්‍රථම උපාධි අධ්‍යාපනය පිරිනමනු ලබයි. පීඨය මගින් පිරිනැමෙන ප්‍රථම උපාධි වැඩසටහත් පහත දැක් වේ.

  • ශාස්ත්‍ර වේදී සාමාන්‍ය උපාධිය
  • ශාස්ත්‍ර වේදී ගෞරව උපාධිය
  • නීති වේදී උපාධිය

උපාධි වැඩ සටහන් පවත්වනු ලබන්නේ සමාසික ක්‍රමය මත පදනම් වූ ඉගැන්වීම් හා අඛණ්ඩ ශිෂ්‍ය ඇගයීම මතය. එක් පාඨමාලාවක් සමාසිකයක් තුළ උගන්වා පරීක්ෂණයට ලක් කෙරේ. සමාසිකයක් අධ්‍යයන වැඩ සති (15) පහළවකින් යුක්ත වන අතර එක් පාඨ මාලාවකට පැය (45) හතලිස් පහක් අයත් වේ.

ශාස්ත්‍ර වේදී සාමාන්‍ය උපාධිය (සමාසික හයක් ඇතුළත්) වර්ෂ තුනක කාල පරිච්ඡේදයකින් සමන්විත වන අතර ශාස්ත්‍ර වේදී ගෞරව උපාධිය සහ සමාජ වෘතුවේදී ගෞරව උපාධියට (සමාසික 08 ක් ඇතුළත්) වර්ෂ හතරක කාල පරිච්ඡේදයක් හිමි වේ.

නීතිවේදී උපාධිය

තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය – විශ්ව විද්‍යාල ප්‍රවේශ අත් පොතෙහි 2.2.8.10 කොටසෙහි සඳහන් කර ඇති පරිදි.

මෙය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය විසින් පිළිගෙන ඇති පාඨමාලා ඒකක ක්‍රමයට අනුව දියුණු කරන ලද නීතිය පිළිබඳ සිව් අවුරුදු ගෞරව උපාධි වැඩසටහනකි. අධ්‍යයන වැඩ සටහනේ ප්‍රථම වසරේදී සිසුන් නීති වේදයේ හා තෝරාගත් සමාජ විද්‍යා පාඨමාලාවල මූලිකාංග පිළිබඳ හදාරනු ඇත. දෙවන, තෙවන හා සිව්වන වසර වලදී ජාත්‍යන්තර නීතිය, පවුල් නීතිය, නීති ක්‍රමය, අපරාධ නීතිය, ගිවිසුම් නීතිය, දේපල නීතිය ඇතුළත් නීති වේදයේ ස්වාධීන ප්‍රදේශයන් ආවරණය කෙරෙනු ඇත. තෙවන වසරේ සිට සිසුන්ට සංස්ථාපිත නීතිය, මානව හිමිකම් හා පරිසර නීතිය, ජාත්‍යන්තර නීතිය, අපරාධ නීතිය හෝ අර්බුද නිරාකරණය පිළිබඳ ගෞරව උපාධියට සූදානම් විය හැක.

භූගෝලීය තොරතුරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෙගෞරව උපාධිය

තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටිය – විශ්ව විද්‍යාල ප්‍රවේශ අත්පොතෙහි 2.2.8.33 කොටසෙහි සඳහන් කර ඇති පරිදි.

උපාධි වැඩසටහන පිළිබඳ කෙටි විස්තරයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන මෙම සිව් අවුරුදු ගෞරව උපාධි වැඩසටහන පවත්වනු ලබන්නේ සමාසික ක්‍රමයට අනුවය. මෙම වැඩසටහනෙහි ඉලක්කය වනුයේ ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදන කටයුතු වලට අවශ්‍ය අවකාශීය විශ්ලේෂණ කටයුතු වලට ආධාර කළ හැකි ආකාරයේ උපාධිධාරීන් කොටසක් බිහි කිරීමය. දැනට පවතින භූගෝල විද්‍යා ගෞගෞරව උපාධිය සඳහා ඇති පාඨමාලා කිහිපයක්, ශාස්ත්‍ර පීඨය මගින් ඉදිරිපත් කරන මූලික පාඨමාලා සහ භූගෝලීය තොරතුරු විද්‍යාව සඳහාම සකස් කළ නව පාඨමාලා කිහිපයකින් මෙම වැඩසටහන සමන්විත වේ. මෙහි ඇති බොහොමයක්ම පාඨමාලා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නිපුණතා වැඩි දියුණු වන ආකාරයට පන්ති සහ විද්‍යාගාර හා ක්‍ෂේත්‍ර පදනම් කරගත් ඇගයීම් වලින් සමන්විත වේ. නිපුණතා සහ වෘත්තීය හැකියාවන් වර්ධනය සඳහා අවසාන වසරේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් උපාධි නිබන්ධනයක් කිරීම හා සීමාවාසික පුහුණුවක් ලබා ගැනීම අපේක්ෂා කෙරේ.

සමාජ වෘතවේදී ගෞරව උපාධිය

තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටිය – විශ්ව විද්‍යාල ප්‍රවේශ අත්පොතෙහි 2.2.1.2 කොටසෙහි සඳහන් කර ඇති පරිදි

උපාධි වැඩසටහන පිළිබඳ කෙටි විස්තරයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පිරිනමන සමාජ වෘත වේදී උපාධිය වසර හතරක දී සම්පූර්ණ කළ යුතු ගෞරව උපාධියක් වේ. පුද්ගල හා සමාජ ප්‍රශ්ණ නිරාකරණය කිරීම සඳහා පුද්ගලයා, පවුල, කුඩා කණ්ඩායම් සහ ප්‍රජාව වැනි සමාජ ඒකකයන් සමඟ විවිධ ආයතනික සංදර්භයන් තුළ වෘත්තීමය ලෙස ක්‍රියා කරමින් දායක විය හැකි නිපුණතාවයකින් හා ශාක්‍යතාවයකින් යුක්ත වෘත්තිකයින් පුහුණු කිරීම මෙම පාඨමාලාවේ කේන්ද්‍රගත අරමුණ වේ. එය සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, ආර්ථික විද්‍යාව, ප්‍රජා සෞඛ්‍ය, ප්‍රජා වෛද්‍ය වැනි පාඨමාලාවන්ගෙන් දායකව විෂයන් ද සහිතව බහු පාඨමාලා ආකෘතියකින් ඉදිරිපත් කෙරේ. ප්‍රායෝගික ක්‍ෂේත්‍ර පුහුණුව මෙම විෂයේ අනිවාර්ය අංගයක් වන අතර, සිසුන් තෙවන හා සිව්වන වසර වල දෙවන සමාසිකය පුරා කෙරෙන පූර්ණ කාලීන ක්‍ෂේත්‍ර පුහුණුවක් කෘතහස්ත වෘත්තිකයෙකුගේ අධීක්ෂණය යටතේ රාජ්‍ය, පුද්ගලික හෝ රාජ්‍ය නොවන ආයතනයකදී ලබා ගනු ඇත. මේ අනුව සමස්ත පාඨමාලාව මඟින් සමාජ වෘත වේදි විෂය ආවරණය කරනු ලබන ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූල වන ආකාරයේ වෘත්තීමය සේවාවක් ජාතික මෙන්ම ජාත්‍යන්තර සමාජ තලයන්හිදී සැපයීම සඳහා සිසුන් පුහුණු කර සුදානම් කිරීමක් කරනු ලබයි.

 

භූගෝල විද්‍යා පිළිබඳ ශාස්ත්‍ර වේදී ගෞරව උපාධිය දෙවන වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පවත්වනු ලැබේ.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...