මෙම විස්තර විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතෙන් උපුටාගැනුණු අතර සියලු හිමිකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු වේ.
කෘෂි විද්‍යා පීඨය
වර්ෂ 1948 දී ස්ථාපිත කරනු ලැබූ කෘෂි විද්‍යා පීඨය අවුරුදු 70 ක ශාස්ත්‍රීය උරුමයක් සහ ඉතා ඉහළ අධ්‍යාපනික අත් දැකීම සහිත කාර්ය මණ්ඩලයකින් සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි විද්‍යා පීඨය වේ. මෙම පීඨයේ ස්ථිර අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 137 ක් සිටින අතර ඉත්75% ක් පමණ ලොව වටා පිහිටි ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල වලින් ආචාර්ය උපාධි ලබාගෙන ඇත. අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් මහාචාර්යවරුන් වීමද මෙම පීඨයේ විශේෂත්වයකි. පීඨය අධ්‍යයන දෙපාර්තමේන්තු අටක් සහ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් පරිසරයක් ඇති කිරීම සඳහා ඉඩ කඩ ඇති, පහසු නවීන පංති කාමර සහ විද්‍යාගාර වලින් සමන්විතය. පීඨය තුළ ගැටලු පදනම් කරගත් ඉගෙනුම් ප්‍රවේශයක් සිසුනට ලබා දීම සඳහා පර්යේෂණ හා ප්‍රායෝගික පුහුණුව අරමුණු කොට ගෙන මහ ඉලුප්පල්ලම උප ඒකකය (MI), පශු සම්පත් ක්ෂේත්‍ර මධ්‍යස්ථානය සහ බෝග පර්යේෂණ මධ්‍යස්ථානය යන යටිතල පහසුකම් ඉදිකර ඇත. අධ්‍යයන වැඩ සටහන් සහ බාහිර සමාජ ක්‍රියාකාරකම් සඳහා සහාය වීමට කෘෂි ව්‍යාපාර මධ්‍යස්ථානයක් (ABC), කෘෂි ජෛව තාක්ෂණ මධ්‍ය ස්ථානයක් (AgBC) සහ කෘෂිකර්ම අධ්‍යයන ඒකකයක් ද (AEU) සහ ප්‍රජා සංවර්ධන ඒකකයක් ද (CDU) පීඨය තුළ ස්ථාපිත කර ඇත.
කෘෂිකර්ම උසස් අධ්‍යාපනයේ පුරෝගාමියා ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය අද්විතීය වන්නේ:
වැඩි විස්තර සඳහා කරුණාකර අප වෙබ් පිටුවට පිවිසෙන්න.
පීඨය ඉතිහාසය පුරාම කෘෂිකාර්මික උසස් අධ්‍යාපනයේ නව නිම් වලලු පුළුල් කිරීම සඳහා නිරන්තරයෙන්ම තම උපාධි පාඨමාලාවත් යාවත්කාලීන කිරීම සිදු කර තිබේ. ඉංග්‍රීසි භාෂාව මඟින් පීඨයේ සියලු අධ්‍යයන කටයුතු සිදු කරන අතර ඉංග්‍රීසි භාෂාව පුහුණු කිරීමේ ඒකකය මඟින් ශිෂ්‍යයන් හට ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩ සටහන් පවත්වනු ලබයි.
දැනට කෘෂි විද්‍යා පීඨය මඟින් සිව් අවුරුදු උපාධි පාඨමාලා 3ක් පිරිනමනු ලබයි.
කෘෂි තාක්ෂණය හා කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය
කෘෂි තාක්ෂණය හා කළමනා කරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය කෘෂි විද්‍යා පීඨය මඟින් ලබා දෙන ප්‍රධානම උපාධි පාඨමාලාවයි. එය සමාසික අටකින් යුක්ත සිව් අවුරුදු උපාධි පාඨමාලාවකි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිරිනැමෙන මෙම උපාධිය සමාසිකයන් 8 කින් හා ඒකක සම්භාර 126 කින් සමන්විතය. අනාගත ලෝකයේ අභියෝග ජය ගැනීම උදෙසා අවශ්‍ය ශාස්ත්‍රිය කුසලතා ඉහළම මට්ටමේ පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය දැනුම හා නිපුණතාවයන් අනුව නිර්මාණය කර ඇති මෙම උපාධි පාඨමාලාව (1) බෝග සහ සත්ත්ව නිෂ්පාදන, (11) කෘෂි නිෂ්පාදන සැකසුමතාක්ෂණය, (iii) ස්වාභාවික සම්පත් තිරසාර කළමනා කරණය, (iv) සමාජ ආර්ථික සංවර්ධනය හා ව්‍යාපාර කළමනා කරණය සහ (v) වෘත්තීය, ආකල්ප හා ආත්ම විශ්වාස වර්ධනය යන පුළුල් තේමා පහක් ඔස්සේ විහිදී ඇත. ත්‍රෛභාෂා ශක්‍යතාවය මගිත්තව රැකියා අවස්ථාවන් ලොව විවර කරන හෙයින් සිංහල සිසුන් සඳහා ද්‍රවිඩ භාෂාව ද, ද්‍රවිඩ සිසුන් සඳහා සිංහල භාෂාව ද පුහුණු කිරීමේ අවස්ථාව ද මෙම පාඨමාලාව තුළ ලබා දේ.
මෙම උපාධි පාඨමාලාව විද්‍යා හා තාක්ෂණ ලෝකය මෙන්ම කළමනා කරණ ලෝකය ජය ගැනීම සඳහා සිසුනට අවශ්‍ය ප්‍රායෝගික (විද්‍යාගාර හා ක්ෂේත්‍ර) මෙන්ම සිද්ධාන්තමය දැනුම සංරචකයන් මනා සංකලනයකින් යුක්ත පාඨමාලාවකි. උපාධි පාඨමාලාවේ විෂයමාලාව (අ) මූලික පාඨමාලාව සහ (ආ) විශේෂඥතා පාඨමාලාව යන සංරචක දෙකකින් සමන්විතය. මූලික පාඨමාලාවේදී සිසුන් හට පීඨයේ දෙපාර්තමේන්තු අට විසිත්ම ඉදිරිපත් කර ඇති විෂයන් හැදැරීමට අවස්ථාව හිමි වේ. මෙම මූලික පාඨමාලාව මඟින් බහු නිපුණ සහ බහු කුසලතා වලින් පරිපුර්ණ උපාධිධාරියෙකු බිහි කිරීමට ස්ථිර අඩිතාලමක් දැමීම සිදු කෙරේ. විශේෂඥතා පාඨමාලාව තුළදී උපාධි අපේක්ෂකයන් හට දෙපාර්තමේන්තු අටකින් පිරිනමන විශේෂ මොඩියුලයන් දොළහක් ඔහුගේ හෝ ඇයගේ ස්ව කැමැත්තමත තෝරා ගත හැකි වේ. මෙය අ. පො. ස. (උසස් පෙළ) ජීව විද්‍යාව හැදැරූ සිසු සිසුවියන්ට ඔවුන්ගේ උසස් පෙළ තුළිත් අහිමි වූ විෂයයන් හැදෑරීමට හිමිවන ඉතා දුර්ලභ අවස්ථාවක් වන අතර එහිදී විවිධ වූ විෂය පථයන් ඔස්සේ ඔහුට හෝ ඇයට අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවස්ථාව හිමි වේ. අධ්‍යයන කාර්ය මණ්ඩලයේ මනා අධීක්ෂණය යටතේ අවසන් සමාසිකය තුළදී සෑම උපාධිධරයෙක්ම පර්යේෂණ ව්‍යාපෘතියක් සිදු කර නිබන්ධනයක් ඉදිරිපත් කළ යුතුය. මෙවැනි විවිධත්වයෙන් යුතු උපාධි පාඨමාලාවක් උසස් අධ්‍යාපන අවස්ථා තුළ පැවතීම හේතුවෙන් උපාධි සම්පූර්ණ කරන ලද උපාධිධාරීන් කාර්ය ශූරත්වයෙන් හා වෘත්තීය සුදුසුකම් වලින් අග තැන්පත් වන අතර දේශීය හා විදේශීය වශයෙන් ඔවුන් කීර්තියක් අත් කරගෙන ඇත. කෘෂි තාක්ෂණ හා කළමනා කරණ උපාධියට හිමිකම් කියන උපාධිධාරින්ගේ අනාගතය දීප්තිමත් හා අපේක්ෂා සහිත එකක් වන්නේය. ඉහත සඳහන් පරිදි පාඨමාලාවේ පුළුල් බව හා බහු ක්ෂේත්‍රමය ස්වභාවය කවර ආකාරයක හෝ වෘත්තීය ක්ෂේත්රයක විශිෂ්ටත්වයකින් යුතුව කටයුතු කළ හැකි සුදුසුකම් සහිතඋපාධිධාරීන් බිහි කරනු ලබන අතර ඔවුන්ට විවිධ විෂය ධාරා ඔස්සේ විශිෂ්ට දැනුමක් ලබා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් සඳහා ඉඩ සළසා දී ඇත. මෙම උපාධි පාඨමාලාවට 2019/2020 උපාධි පාඨමාලා සමාලෝචනය යටතේ උපාධි පාඨමාලාවකට ලැබිය හැකි ඉහළම ” A ” ශ්‍රේණිය ලැබී ඇත.
ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය
ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සමාසික අටකින් යුක්ත සිව් අවුරුදු උපාධි පාඨමාලාවකි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිරිනැමෙන මෙම උපාධිය මගින් විද්‍යාත්මක කෘෂි සැකසුම සංකල්ප, ආහාරයේ භෞතික, රසායනික සහ සංවේදක ඇගයීම, ආහාරයේ ගුණාත්මක භාවය හා සුරක්ෂිතතාවය තහවුරු කිරීම, ආහාර වල ජෛව රසායනික සහ කෘෂ්යමය ස්වභාවය පිළිබඳ විමසීම, ආහාර වල පෝෂණ කාර්යය, මානව පෝෂණය හා මානව යහපැවැත්ම සඳහා දායකත්වය, වෘත්තීය ආකල්ප සහ විශ්වාසනීයත්වය වර්ධනය කිරීම, පුද්ගල කළමනා කරණ හැකියාව හා නායකත්ව පුහුණුව ඇති උපාධිධාරීන් බිහි කිරීම සිදු කෙරේ. ඉහත සඳහන් දැනුම, හැකියාව සහ ආකල්ප, අධ්‍යයන සම්භාර අගයයන් 126 කින් යුක්ත වූ අද්විතීය සිද්ධාන්ත දැනුම හා ප්‍රායෝගික පුහුණුව සුදුසුකම් ලත් ආචාර්ය මණ්ඩලයක් මඟින් සපයනු ලැබේ. සිද්ධාන්ත දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබා දීමේදී ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යයන ක්‍රමවේදය භාවිතය නිසා ආත්ම විශ්වාසය ගොඩ නැගීමත්, නවීන තාක්ෂණික විද්‍යාගාර භාවිතයට හුරු කිරීමෙන්තාක්ෂණික නිපුණතා දියුණු කිරීමත්, ආහාර ආශ්රිත කර්මාන්ත වලට නිරාවරණය වීම මඟින් එම පරිසරයන්ට සහ පරිපාලන තත්ත්වයනට හැඩ ගැසුනු අය බිහි වීමත් සිදු වේ. අධ්‍යයන කාර්ය මණ්ඩලයේ මනා අධීක්ෂණය යටතේ අවසන් සමාසිකය තුළදී සෑම උපාධිධරයෙක්ම පර්යේෂණ ව්‍යාපත්තියක් සිදු කර නිබන්ධනයක් ඉදිරිපත් කළ යුතුය. මෙම උපාධි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීමත් සමඟ උපාධිධරයන් දේශීය සහ විදේශීය ආහාර සහ ආහාර ආශ්රිත කර්මාන්ත සහ ව්‍යවසායක අංශයන් කෙරෙහි අර්ථාන්විත දායකත්වයක් දක්වනවාට කිසිදු සැකයක් නැත.
සත්ත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය
සත්ත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධි පාඨමාලාව සමාසික අටක් පුරා විහිදෙන අතර එය සත්ව නිෂ්පාදනය සහ කළමනාකරණයට අමතරව මුලික කෘෂිතාක්ෂණික දැනුම, නිෂ්පාදන පිරිසැකසුම, ආර්ථික විද්‍යාව සහ කෘෂි ව්‍යාප්තිය යන විෂයයන්ගෙන් සමන්විත වේ. පළමු සමාසික දෙක තුළ සියලුම සිසුන් සඳහා අනිවාර්යය පාඨමාලාවන් ඇතුළත් වේ. ඉතිරි සමාසික භය අනිවාර්ය පාඨමාලා සමඟ වෛකල්පිත පාඨමාලා ඇතුළත් වේ. මේ සමඟ සිසුනට ස්වයං අධ්‍යයන අවස්ථා බොහොමයක් ලබා දෙයි. අවසාන සමාසිකය සත්ත්ව පාලනය, මත්ස්‍ය විද්‍යාව හා අනෙකුත් අදාළ අංශ වලට අදාළව පරිපුර්ණ පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා වෙන් කරනු ලැබේ. මේ අතරතුර සිසුන්ට සත්ත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව ආශ්රිත කර්මාන්ත හා සම්බන්ධ වී අත්ත්දැකීම සහ යාබද වැඩ පරිසර වලට හුරුවීමට අවස්ථා ලබා දේ. උපාධි පාඨමාලාව අවසන් කළ පසු, සත්ත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව සහ නොයෙකුත් අංශ පිළිබඳව සිද්ධාන්තමය දැනුම, ප්‍රායෝගික කුසලතාවය සහ වැඩදායක ආකල්ප වලින් සමන්විත උපාධිධරයෙකු බිහිවන නිසා ඔවුන්ට අධ්‍යයන, පර්යේෂණ, පරිපාලන, සැලසුම් කරණය, සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ ව්‍යවසායකත්වයන් යන ක්ෂේත්‍ර වල රැකියා ලබා ගැනීමේ අවස්ථාවන් උදාවේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.