මෙම විස්තර විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතෙන් උපුටාගැනුණු අතර සියලු හිමිකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු වේ.
ශාස්ත්‍ර පීඨය
ප්‍රථම උපාධි පාඨමාලා
ශාස්ත්‍ර පීඨය පුළුල් පදනමක් සහිතව ප්‍රථම උපාධි පාඨමාලාව සිසුන්ට පිරිනමනු ලබයි.
ව්‍යවහාරික ප්‍රජා විද්‍යාව; බැංකු සහ මුදල්; ව්‍යාපාරික සහ කළමනා කරණ ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි අධ්‍යයනය: න්‍යාය සහ භාවිතය. භූගෝල විද්‍යාව සහ පරිසර කළමනා කරණය, සංස්කෘතිය සහ උරුමය; ගැටුම් නිරාකරණය සහ සාමය, ප්‍රජාතන්ත්‍ර වාදය සහ පාලනය; සිංහල අධ්‍යයනය; ව්‍යවහාරික සමාජ විද්‍යා අධ්‍යයනය; නාගරික සහ ප්‍රජා අධ්‍යයනය, බෞද්ධ අධ්‍යයනය, ඉංග්‍රීසි දෙවන බස ලෙස හැදෑරීම; සන්නිවේදනය සහ නිර්මාණාත්මක කලාව; ව්‍යවහාරික ඉස්ලාමීය අධ්‍යයනය; තොරතුරු තාක්ෂණය සහ සංවර්ධනය; ක්‍රීඩා අධ්‍යයනය.
ශාස්ත්‍ර වේදී ගෞරව උපාධි පාඨමාලාව (සිව් අවුරුදු පාඨමාලාව)
බෞද්ධ අධ්‍යයනය; ප්‍රජා විද්‍යාව, ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි, භූගෝල විද්‍යාව, ඉතිහාසය; ජාත්‍යන්තර සම්බන්ධතා, දේශපාලන විද්‍යාව හා රාජ්‍ය ප්‍රතිපත්තිය, සිංහල: සමාජ විද්‍යාව.
සියලුම උපාධි පාඨමාලාවන්හි ඉගැන්වීම් සහ අඛණ්ඩ ඇගැයීම් සමාසික ක්‍රමය තුළ පැවැත් වේ. සෑම පාඨමාලා ඒකකයක් සඳහාම අදාළ සමාසිකය තුළ ඉගැන්වීම සහ අඛණ්ඩ ඇගැයීම් සිදු කෙරේ. සමාසිකයක් සති 15 ක් වන අතර පාඨමාලා ඒකකයක් ඉගැන්වීම සහ අධ්‍යයන ක්‍රියාවලිය පැය 150 ක් වේ. සාමාන්‍ය උපාධි පාඨමාලාව (විෂය ධාරා) වර්ෂ තුනක් තුළ සිදු වන අතර (සමාසික හයක) විශේෂ උපාධි පාඨමාලා සිව් වසරක (සමාසික අටක) අධ්‍යයන කාලයකට යටත් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.