WordPress WooCommerce Themes

තාක්ෂණ පීඨය-කොළඹ විශ්වවිද්‍යාලය

මෙම විස්තර විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතෙන් උපුටාගැනුණු අතර සියලු හිමිකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු වේ.

තාක්ෂණ පීඨය

සිවු අවුරුදු ගෞරව උපාධි පාඨමාලා තුනක් සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත සුදුසුකම සපුරනු ලබන සිසු තාක්ෂණ පීඨය සඳහා තෝරා ගනු ලැබේ. පහත සඳහන් උපාධි පාඨමාලා ශාස්ත‍්‍රිය පැය 120 කින් සමන්විතය.

  1. මෙවලම් හා ස්වයංක්‍රීය ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය
  2. පාරිසරික ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය
  3. කෘෂිකර්ම ජෛව පද්ධති තාක්ෂණ වේදී ගෞරව උපාධිය

මෙම බහු විධ උපාධි වැඩ සටහන්හි විෂය නිර්දේශ සකස්ව ඇත්තේ සෛද්ධාන්තික හා ප්‍රායෝගික දැනුම් අනුසාරයෙන් අදාළ ක්‍ෂේත්‍රයන්හී නවීන තාක්ෂණය භාවිතා කිරීම සහ නව නිර්මාණ කරණයට මංපෙත් විවර කරමින්ය. මෙම වැඩසටහන් හරහා වෘත්තීය නිපුණතාවයකින් යුත්තිරසාර ආර්ථික සංවර්ධනයකට හා පොදුජන සුභ සිද්ධිය උදෙසා සෘජු දායකත්වයක් සපයන හා පරිසර හිතකාමී තාක්ෂණ උපාධිධාරීන් නිර්මාණය කිරීම අරමුණයි.

උපාධි පාඨමාලා මතු සඳහන් පුළුල් විෂය පථ වලින් සමන්විතය.

  • මුලික විද්‍යා හා ගණිත විෂයයන්, මූලික තාක්ෂණ විෂයයත්, මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා කළමනාකරණය හා
  • ගණකාධිකරණය සහ සෞඛ්‍යය
  • තාක්ෂණ විෂයයන් පිළිබඳ අදාළ දැනුම හා කුසලතා ලබා දීම සඳහා වූ තාක්ෂණික විෂයයන්,

මීට අමතරව, සෑම ශිෂ්‍යයෙකුම,

  • නිශ්චිත කාල වකවානුවක් සඳහා වූ කර්මාන්ත පුහුණුව හා වාර්තාව

හෝ

  • උපාධි වැඩසටහන සඳහා අදාළ පර්යේෂණ ව්‍යාපෘතිය හා නිබන්ධනය ඉදිරිපත් කළ යුතුය.

මීට අමතරව පිඨයට ඇතුලු වන සියලුම සිසුනට ඔවුන්ගේ තාක්ෂණික කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පරිගණක, ඉලෙක්ට්‍රොනික හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණුව විද්‍යාගාර හා යාන්ත්‍රික වැඩපල හරහා ලබා දෙනු ඇත.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...