මෙම විස්තර විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතෙන් උපුටාගැනුණු අතර සියලු හිමිකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු වේ.
හෙද පීඨය
හෙද පීඨය මගින් සාත්තු සේවාව (හෙද ) පිළිබඳව විද්‍යාවේදී උපාධියක් පිරිනමනු ලැබේ. මෙම වැඩ සටහතෙහි අරමුණ වනුයේ සියලු වයස්වල රෝගීන් රැකබලා ගැනීම සඳහා පුළුල් පරාසයක විහිදුණු දැනුම කුසලතා හා ආකල්ප වලින් සමන්විත හා රෝග වළක්වා ගැනීම, සෞඛ්‍ය ප්‍රවර්ධනය හා නැවත ප්රතිශ්ඨාපනය හා පුනරුත්ථාපනය සඳහා සහාය විය හැකි උපාධිලාභී හෙදියන් නිර්මාණය කිරීමය. මෙම උපාධිය වසර හතරකින් සමන්විත වන අතර පාඨමාලා ඒකක ක්‍රමයක් මත පදනම් වූ ශාස්ත්‍රීය පැය 127 කිත් සමන්විත පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. සමස්ථ පාඨමාලාවම ඉංග්‍රීසි බසින් පැවැත්වේ. එමෙන්ම මෙම හෙද පාඨමාලාව ජාත්‍යන්තර මට්ටමෙන් ලබා ගත හැකි වෙනත් හෙද වැඩසටහන් නා සම වන ආකාරයට සකස් කර තිබේ. මෙම පාඨමාලාවෙහි විෂය නිර්දේශය සිසුන් හෙද වෘත්තියෙහි නිරත වීමට අවශ්‍ය මුලික විද්යානා සමාජ විද්‍යා මුලධර්ම පිළිබඳ ස්ථිර පදනමක් ලබා දෙන එමෙන්ම හෙද සේවාව පිළිබඳ වෘත්තීය හා හර පාඨමාලා වලින් සමන්විත නවතම තාක්ෂණයන් පිළිබිඹු වන ආකාරයට සකස් කර ඇත. මෙම පාඨමාලාව හෙද රැකවරණයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා ඉහළ කුසලතා සපිරි හෙද වෘත්තිකයන් මෙන්ම කැපකරු හෙද අධ්‍යාපනය සහ සෞඛ්‍ය හා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමට හැකි හෙදියන් බිහිකිරීමේ අරමුණින් සැලසුම් කර ඇත. මෙම පාඨමාලාව ප්‍රායෝගික දැනුම ප්‍රවර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් ලබා දෙන අතර ඒ තුළින් සිසුන්හට සැබෑ ජිවිතයේදී මුහුණ පෑමට සිදුවන තත්වයන් විසඳා ගැනීමට අවශ්‍ය නිපුණතා අත්පත් කර ගැනීමට ඉඩ ප්‍රස්තාවක් සැලසේ. මෙම වැඩසටහන හෙද පර්යේෂණ හා සාක්ෂි මත පදනම් වූ පුහුණු වීමේ සංකල්ප මෙන්ම විවේචනාත්මක චින්තනය සහ ගැටලු විසඳා ගැනීමේ හැකියාවන් සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇත. ප්‍රායෝගික පාදක ඉගෙනුම් කොළඹ හා ඒ අවට රෝහල් ගණනාවක මෙන්ම ප්‍රජා කොටස් ආශ්‍රිතව සිදු කෙරේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.