මෙම විස්තර විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතෙන් උපුටාගැනුණු අතර සියලු හිමිකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු වේ.
විද්‍යා පීඨය
විද්‍යා පීඨය ” මොඩියුල ” පාඨමාලා ඒකක ක්‍රමයක් පවතී. සිසුන් ඔවුන්ගේ වෘත්තීය ඉලක්ක අනුව සුදුසු අනිවාර්ය (compulsory), වෛකල්පිත (elective) හා වැඩිදියුණු කිරීමේ (enhancement) පාඨමාලා සංයෝජකයක් හදාරනු ඇත. සෑම විෂය ධාරා හතරටම අයත් විද්‍යාවේදී (BSc) උපාධි, පීඨය මඟි මඟින් මඟින් ලබා දෙයි. උදා – ජීව විද්‍යා, භෞතික විද්‍යා, කාර්මාන්ත සංඛ්‍යානය හා ගණිතමය මුල්‍යය, ජීව රසායන විද්‍යාව හා අණුක ජීව විද්‍යාව.
විද්‍යා පීඨයට ඇතුළත් වන සියලුම සිසුන්ට ඔවුන්ගේ විද්‍යා දැනුම වැඩිදියුණු කරගැනීම සඳහා සැලසුම් කළ පරිගණක විද්‍යා පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලැබෙනු ඇත. මෙම පාඨමාලා ලබා දෙනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසලය (UCSC). භෞතික විද්‍යා විෂය ධාරා සඳහා සිසුන් තෝරා ගැනීමේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දැනට බලපවත්වන ඇතුළත් වීමේ ක්‍රියාපටිපාටිය පදනම වනු ඇත.
ජීව විද්‍යාව මෙන්ම ඡීව රසායන විද්‍යාව හා අණුක ජීව විද්‍යාව හදාරන සිසුන් සඳහා ඇත්තේ එක් සංකලනයක් (One combination) පමණි. තව දුරටත් ජෛවරසායනය පළමු දෙවසර තුළදී වෙනම විෂයක් ලෙස ලබා නොදෙයි.
පීඨයට ඇතුළත් වන සියලුම සිසුන් ඔවුන් තෝරාගත් විෂය සංකලනයන්ට අදාළ අනිවාර්ය පාඨමාලා (compulsory courses) හැදෑරිය යුතුය. ඊට අමතරව, මෙම විෂය ගණනාවක් අතුරෙන් වෛකල්පිත පාඨමාලා (elective courses) තෝරාගත හැකිය. සාමාන්‍ය උපාධි සඳහා ඇතුළත් වන සිසුන්ට තෙවන වසරේ දී සුදුසු පාඨමාලා ගණනාවක් ලබා දෙන අතර කර්මාන්ත සීමාවාසික පුහුණුවක් (industrial internship) ද ඇතුළත් වේ.
පළමු දෙවසර තුළදී විශිෂ්ටත්වයක් දක්වන සිසුන්ට පීඨය මගින් ලබා දෙන මූලික, අන්තර් විෂයික, ව්‍යවහාරික හා කර්මාන්තනැඹුරුවකින් යුත් ගෞරව උපාධි වලින් එකක් සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ. සියලුම ගෞරව උපාධි සඳහා පර්යේෂණ සංරචකයක් අඩංගු වේ. කර්මාන්ත සඳහා නැඹුරු උපාධි පාඨමාලා සඳහා ද කාර්මික කාර්මික පුහුණු සංරචකයක් තිබේ.
එක් එක් ධාරාව යටතේ ඇති ගෞරව උපාධි පහත දැක් වේ.
භෞතීය විද්‍යාව – රසායන විද්‍යාව, පරිගණක රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, පරිගණක භෞතික විද්‍යාව, ඉංජිනේරු භෞභෞතික විද්‍යාව, ගණිතය, පරිගණක ගණිතය, ව්‍යවහාරික ගණිතය, සංඛ්‍යානය, දත්ත විද්‍යාව, න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව, තොරතුරු තාක්ෂණය සහ කළමනාකරණය, ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණය, ව්‍යවහාර සංඛ්‍යාතය, මූල්‍ය හා රක්ෂණය, විද්‍යාව නා කළමනා කරණය, න්‍යෂ්ටික තාක්ෂණය.
ජීව විද්‍යාව – රසායන විද්‍යාව, පරිගණක රසායන විද්‍යාව, ජීව රසායන විද්‍යාව හා අණුක ජීවවිද්‍යාව, ඖෂධ විද්‍යාව, පාරිසරික විද්‍යාව, සත්ත්ව විද්‍යාව, ප්‍රතිශක්ත වේදය සහ සමෝධානික පණුක ජීව විද්‍යාව, ශාක විද්‍යාව, ජෛව තොරතුරු තාක්ෂණය, ශාක ජෛව තාක්ෂණය, න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව, තොරතුරු තාක්ෂණය සහ කළමනාකරණය, ව්‍යාපාරය හා පරිසරය, විද්‍යාව හා කළමනා කරණය, උද්‍යාත විද්‍යාව හා තිරසාර භූමි නිර්මාණය, න්‍යෂ්ටික තාක්ෂණය.
(පරිගණක රසායන විද්‍යාව, පරිගණක භෞතික විද්‍යාව, ජෛව තොරතුරු තාක්ෂණය, සංඛ්‍යානය සමඟ පරිගණක විද්‍යාව යන උපාධි කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පාසල (UCSC) සමඟ එක්ව ලබාදෙන අතර, ඖෂධ විද්‍යා උපාධිය වෛද්‍ය පීඨයේ ඖෂධ වේද අංශය සමග එක්ව ලබා දෙන බව සලකන්න).
කර්මාන්ත සංඛ්‍යානය සහ ගණිතමය මූල්‍යය – කර්මාන්ත සංඛ්‍යානය, ගණිතමය මුල්‍ය, තොරතුරු තාක්ෂණය සහ කළමනා කරණය, ව්‍යවහාර සංඛ්‍යාතය, මුල්‍ය හා රක්ෂණය, ගණිතය.
ජීව රසායන විද්‍යාව හා අණුක ජීව විද්‍යාව – ජීව රසායන විද්‍යාව හා අණුක ජීවවිද්‍යාව, රසායන විද්‍යාව (සීමිත අවස්ථාවන්), තොරතුරු තාක්ෂණය සහ කළමනාකරණය, අණුක ජීවවිද්‍යාව හා ජෛව තාක්ෂණය. මීට අමතරව ඉඩකඩ අනුව මේ සිසුන්ට ජිව විද්‍යා ධාරාවේ සිසුන් සඳහා ලබා දෙන ගෞරව උපාධිය සඳහා ඇතුළත් වීමේ අවසරය ලැබේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.