WordPress WooCommerce Themes

චෝළ බලය ව්‍යාප්ත කිරීමෙහි ලා 1 රාජරාජ සහ රාජේන්ද්‍ර චෝළ අනුගමනය කළ ක්‍රියාමාර්ග

චෝළ බලය ව්‍යාප්ත කිරීමෙහි ලා 1 රාජරාජ සහ රාජේන්ද්‍ර චෝළ අනුගමනය කළ ක්‍රියාමාර්ග පරීක්ෂා කරන්න.

1රාජරාජ

  • රාෂ්ට්‍රකූට 3 වන කෘෂ්ණ සමය ක්‍රි. ව 949 කරන ලද තක්කෝලම් සටනින් චෝළ රාජ්‍යය සතු විශාල ප්‍රදේශයක් අහිමි වු අතර නැවත චෝළ ආධිපත්‍යය ගොඩනගන ලද්දේ 1 වන රාජරාජ විසිනි.
  • චෝල ආධිපත්‍යයේ වර්ධනය සදහා 1 වන රාජරාජ අනුගමනය කළ ක්‍රියාමාර්ග
  • චෝළ නාවික බලය වර්ධනය කිරීම.එහිදි එවකට දකුණේ බලවත් වු චේර (කේරළ )නාවික හමුදාව කන්දලූර් (ත්‍රිවෙන්දම් ) හිදි විනාශ කර දමන ලදි.
  • අසල්වැසි රාජ්‍ය විසින් චෝළ ආධිපත්‍යය පිළිගනු ලැබීම.
  • මදුරා නගරය අල්ලාගෙන පාණ්ඩ්‍ය රජු සිරභාරයට ගැනීම.
  • කේරළ හා පාණ්ඩ්‍ය බලය වර්ධනය වීම වැලැක්වීමට උදගායි (කූර්ග් )ආක්‍රමණය කොට යටත් කිරීම.
  • ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශ අල්ලාගෙන, 5 වන මහින්ද රජු සිරභාරයට ගැනීම.
  • සිහසුන පිළිබද අරගලයක් පැවති නැගෙනහිර චාලුක්‍ය අගනුවර (වෙංගි )අල්ලාගෙන තම ආධිපත්‍යය පිළිගත් ශක්තිවර්මන් එහි රජ කරවීම.ශක්තිවර්මන්ගේ සොහොයුරු විමලාදිත්‍යයට තම දියණිය සරණ පාවාදීම.
  • නැගෙනහිර චාලුක්‍යයන්ටද තර්ජනයක් වු කාලිංගය අල්ලාගැනීම.
  • ලක්දිව හා මාලදිවයින් අල්ලාගැනීම.
  • මයිසූරයේ ප්‍රදේශ කීපයක් අල්ලාගැනීම නිසා බටහිර චාලුක්‍යයන් සමග ගැටුණද ඔවුන් ජයගත නොහැකිවීම.

රාජේන්ද්‍ර චෝළ

  • 1රාජේන්ද්‍ර විසින් චෝළ ආධිපත්‍යය තවදුරටත් ව්‍යාප්ත කිරීම.
  • තුංගබද්‍රා නදියෙන් ඔබ්බට හමුදා මෙහෙයවමින් බෙංගාලයේ ගංගා නදිය දක්වා ජයග්‍රාහි ලෙස සටන් මෙහෙය වු නමුත් එම ප්‍රදේශ තම රාජ්‍යයට ඈදා නොගැනීම.
  • ශ්‍රී ලංකාවේ විශාල ප්‍රදේශයක් නතු කරගැනීම .5 වන මිහිදු රජු සිරභාරයට ගැනීම. පොළොන්නරුව මුල් කරගත් චෝළ පාලනයක් ඇතිකිරීම.
  • පාණ්ඩ්‍ය හා කේරළ ප්‍රදේශවල ප්‍රතිරාජ ලෙස තම පුතු පත් කිරීම.
  • ඉන්දියානු සාගරයේ සහ චීනය දක්වා වෙළද කටයුතු පාලනය කිරීමේ අදහසින් ඒ දිශාවට කළ ආක්‍රමණ හා ඒ ප්‍රදේශ සමග පැවැත් වු සබදතා .
  • චීනය සමග සුහද සබදතා
  • බුරුමය, මලය අර්ධද්වීපය හා චීනය සමග වෙළද සම්බන්ධතා
  • අග්නිදිග ආසියාව දෙසට ආක්‍රමණ මෙහෙයවීම. ;නිකොබාර් හා අන්දමන් දූපත් අල්ලාගැනීම.ඊළගට ශ්‍රී විජය රාජ්‍යය (ජාවා, සුමාත්‍රා ,මලය අර්ධද්වීපය )
  • මේ මගින් ඉන්දියන් සාගරයේ හා අග්නිදිග ආසියාකරයේ වෙළදාම පාලනය කිරීමට චෝළයෝ සමත් වූහ.
  • මෙම රජවරුන් දෙදෙනා විසින් අධිරාජ්‍ය වර්ධනය සදහා ඉටුකළ සේවාවන්
  • අධිරාජ්‍ය පාලන තන්ත්‍රය සකස් කිරීම.
  • වාරිමාර්ග දියුණු කිරීම.
  • පළාත් පාලනය නව මගකට යොමු කිරීම.
  • අධිරාජ්‍ය සතු ඉඩම් නැවත මැනීමේ කටයුතු

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...