ආණ්ඩුකරණ ව්‍යූහයක් තුළ ආණ්ඩුවේ කාර්යයන් කවරේදැයි විස්තර කරන්න.
අභිමතාර්ථ :
මෙම ප්‍රශ්නයෙන් අපේක්‍ෂා කරන්නේ විභාග අපේක්‍ෂකයා සතු
(අ ) ආණ්ඩුවේ ස්වභාවය සහ කාර්යයන් පිළිබඳ දැනුම සහ
(ආ) ආණ්ඩුකරණයේ සමස්ත ආකෘතිය තුළ ආණ්ඩුවේ කාර්යභාරය අවබෝධ කර ගැනීම පිළිබඳව ඇගයීම යි.
මෙහිදී අපේක්‍ෂා කරනුයේ විස්තරාත්මක පිළිතුරකි. එහෙත් විශ්ලේෂණීය හෝ සංකල්පීය කරුණු කළ හැකිය. සහිත පිළිතුරු සඳහා අතිරේක ලකුණු කිහිපයක් ප්‍රදානය කළ හැකිය.
පිළිතුරේ අන්තර්ගත විය යුතු විෂය කරුණු
හැඳින්වීම :
ආණ්ඩුව යනු රාජ්‍යයක ප්‍රමුඛ දේශපාලන ආයතනයයි. එසේම එසේම එය රාජ්‍යය සහ පුරවැසියන් අතර පවතින ප්‍රධාන ආයතනිකමය සබඳතාවය ද වෙයි. එම හේතුවෙන්, එය සතුව, සමස්ත ආණ්ඩුකරණ රාමුව තුළ, පළල් පරිමාවක විහිදෙන කාර්යයන් පවතී.
තොරතුරු, විෂය කරුණු සහ සාකච්ඡාව
II එසේම ආණ්ඩුවේ කාර්යයන් අභ්‍යන්තර සහ බාහිර වශයෙන් ද වර්ගීකරණය කළ හැකිය.
බාහිර කාර්යයන් :
(අ) ජාතික ආරක්‍ෂාව සහතික කිරීම (භෞමික අඛණ්ඩතාව, ජාතියේ දේශපාලන නිදහස ආරක්‍ෂා කිරීම සහ රාජ්‍යයේ භෞතික පැවැත්ම සහතික කිරීම)
(ආ) ජාතික ආර්ථික සංවර්ධනය (ජාතියේ සුභ සාධනය, ජාතික අධිෂ්ඨානය (national will) ආරක්‍ෂා කිරීම, ජාතික දේශපාලන දෘෂ්ටිවාදයන් ආරක්ෂා කිරීම)
අභ්‍යන්තර කාර්යයන් :
නීතිය හා සාමය, සමාජ සුබ සාධනය, සමාජ කළමනාකරණය, පාරිසරික කළමනාකරණය, අධ්‍යාපනික හා සංස්කෘතික කාර්යයන්. අපේක්‍ෂකයන් විසින් අදාළ උදාහරණ ද ලබාදීම අපේක්‍ෂා කෙරේ.
නිගමනය :
පුළුල් කාර්ය පරිමාවක් සමඟ නූතන ආණ්ඩුවේ කාර්යයන් බෙහෙවින් සංකීර්ණ වී තිබේ. කාර්මික ධනවාදයේ ව්‍යාප්තිය, නාගරිකරණ, සමාජයේ ආර්ථික ක්‍රියාවලින් ව්‍යාප්ත වීම, රාජ්‍යයන් අතර සම්බන්ධතා කිට්ටු වීම, රාජ්‍යයන් අතර සහයෝගය මෙන්ම ගැටුම් යනාදිය නිසා ආණ්ඩුවේ අභ්‍යන්තර මෙන්ම බාහිර කාර්යයන් ද විශාල ලෙස පුළුල් වී තිබේ. එබැවින් එම කාර්යයන් කිරීම සඳහා පුද්ගලික අංශයේ ද, සිවිල් සමාජයේ ද සහයෝගය ලබා ගැනීමට ආණ්ඩුවලට සිදු වී තිබේ.
පළල් වපසරියක විහිදෙන කාර්යයන් සතුවීම නිසා නූතන ආණ්ඩුව ඉතා සංකීර්ණ එකක් බවට පත්ව ඇත. එම නිසා සමහර ආණ්ඩු පෞද්ගලික අංශය සහ සිවිල් සමාජය සමඟ ගොඩනගාගත් සහසම්බන්ධතා සහිතව ක්‍රියාත්මක වෙයි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.