WordPress WooCommerce Themes

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය පිලිබඳ රචනයක්‌ ලියන්න

මෙම රචනය ශ්‍රී ලංකාවේ පක්ෂ ක්‍රමය පිළිබඳව අපේක්ෂකයාගේ දැනුම, ඇගයීම්‌ කුසලතා සහ ආකල්ප පරීක්ෂා කිරීමට ඉඩ සලසයි.

හැදින්වීම.-

අපේක්ෂකයාට දේශපාලන පක්ෂ සහ දේශපාලන පක්ෂ ක්‍රම පිළිබඳ හැඳින්වීමකින්‌ පිළිතුර ආරම්භ කළ හැකිය.

දේශපාලන පක්ෂ යනු රටක්‌ පාලනය කිරීම පෙරදැරිව, බලය අල්ලා ගැනීමට සහ දේශපාලන බලය ක්‍රියාත්මක කිරීමට සංවිධානය වූ පුද්ගල කණ්ඩායමකි. දේශපාලන පක්ෂවල විශේෂ ලක්ෂණය වන්නේ පක්ෂයේ සාමාජිකයන්‌ විසින්‌ අදහස්‌ හා අවශ්‍යතා බෙදා හදා ගැනීම සහ ආණ්ඩු බලය අල්ලා ගැනීම අරමුණු කර ගැනීමයි. පක්ෂ සහ නූතන ප්‍රජාතන්ත්‍රවාදය අතර සමීප සම්බන්ධයක්‌ පවතී. පක්ෂ ක්‍රමයක්‌ (party system) නිර්චචනය කර ඇත්තේ ආධාරක පදනම (support base), එනම්‌ ආණ්ඩු බලය අල්ලා ගැනීමට සහ ආණ්ඩු පිහිටුවීමට හැකි පක්ෂ ගණන පාදක කර ගනිමිනි. ඒ අනුව, තනි පක්ෂ ක්‍රමය, ද්වි-පක්ෂ ක්‍රමය, බහු පක්ෂ ක්‍රමය, ආධිපත්‍ය පක්ෂ ක්‍රම සහ සභාග පක්ෂ ක්‍රමය වැනි විවිධ පක්ෂ ක්‍රම ප්‍රභේද නිර්මාණය වී තිබේ’

අන්තර්ගතය-

ශ්‍රී ලංකාවේ පක්ෂ ක්‍රමය සම්බන්ධයෙන්‌ අධ්‍යයනිකයින්‌ විසින්‌ විවිධාකාරයෙන්‌ විස්තර කරනු ලැබ ඇත.එනම්‌;

  1. ද්විපක්‍ක්ෂ ක්‍රමයක්‌ ලෙස: ආණ්ඩු බලය අල්ලා ගැනීමට බොහෝ විට පක්ෂ දෙකක්‌ තරඟ කරයි
  2. බහු පක්ෂ ක්‍රමය: ආණ්ඩු බලය අල්ලා ගැනීමට තරඟ කරන දේශපාලන පක්ෂ සැලකිය යුතු ප්‍රමාණයක්‌ පවතී.
  3. ද්වි-පක්ෂ සභාග ක්‍රමය. ප්‍රධාන පක්ෂ දෙකක්‌ තිබෙන අතර අනෙකුත්‌ සුළු පක්ෂ දේශපාලන බලය අල්ලාගෙන ආණ්ඩුවට සම්බන්ධ වීමට සඳහා සභාග ගොඩනගන ක්‍රමයක්‌ වේ.

සමහර කතුවරුන්‌ 1947 සිට 1956 දක්වා කාලය එක්සත්‌ ජාතික පක්ෂය ප්‍රමුඛ වශයෙන්‌ බලය අත්කරගත්‌ බැවින්‌, එක්සත්‌ ජාතික පක්ෂයේ ඒක පක්ෂ ආධිපත්‍යයක්‌ ලෙස සංලක්ෂිත කර ඇත. මේ ආධිපත්‍යය ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂයේ ඉස්මතුවීමත්‌ සමඟ වෙනස්‌ වී තිබේ. ශ්‍රී ලංකාවේ කේඬර පක්ෂ කිහිපයක්‌ තිබුණද වර්තමානයේ ඇතැම්‌ ඒවා වේගයෙන්‌ චියැකී යන ආකාරයක්‌ දක්නට තිබේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය ද්වි-පක්ෂ ආධිපත්‍ය සභාග ක්‍රමයක්‌ ලෙස හැඳින්වීම තාර්කික බව බොහෝ කතුවරුන්‌ පෙන්වා දී ඇත.

පක්ෂ ක්‍රමයේ ඉතිහාසය හොඳින්‌ විමසා බැලුවහොත්‌ 1956 මහ මැතිවරණයේ සිට ආණ්ඩු පිහිටුවීම සඳහා සභාග පිහිටුවා ගත්‌ ප්‍රධාන පක්ෂ දෙකක්‌ තිබූ බව හෙළි වනු ඇත.

ආරම්භයේදී එක්සත්‌ ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂය එහි ප්‍රමුඛත්වය ගත්තේය. කෙසේ වෙතත්‌, විවිධ පෞද්ගලික මතාන්තර වටා දේශපාලන පක්ෂ ඛණ්ඩනය වී ඇති අතර ඒවා ආණ්ඩු පිහිටුවීම සඳහා සභාග පිහිටුවීමේ පදනම බවට පත්විය. මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂය වෙනුවට පොදුජන පෙරමුණ ද, එක්සත්‌ ජාතික පක්ෂය වෙනුවට සමගි ජනබල වේගය ද ආණ්ඩු බලය හසුරුවන තත්වයක්‌ දක්නා ලැබේ.

පක්ෂ ක්‍රමයේ අනෙකුත්‌ ප්‍රවණතා අතර වාර්ගික සුළු පක්ෂ, පක්ෂ ඛණ්ඩනය වීම, කේඬර පක්ෂ ක්‍රමයෙන්‌ බහුජන පක්ෂ බවට පත්වීම යනාදිය දැක්විය හැකිය.

ශ්‍රී ලංකා පක්ෂ ක්‍රමයේ තවත්‌ ප්‍රවණතාවක්‌ වන්නේ දේශපාලන පක්ෂවල වාමාංශික – දක්ෂිනාංශික මතවාදී පදනම ක්‍රමක්‍රමයෙන්‌ පිරිහීම සහ ඒ චෙනුවට ලිබරල්‌ ආර්ථික පර්යාය වඩාත්‌ සාධනීයව පවත්වා ගෙන යා හැකි කළමනාකරු වන්නේ කුමන පක්ෂයද යන්න ප්‍රබලව අවධාරණය කෙරේ. රටේ දේශපාලන ජනවිකාසය බහුතර සිංහලයන්‌ මෙන්ම දෙමළ සහ මුස්ලිම්‌ වැනි සුළුතර කණ්ඩායම්‌ අතර නිශ්චිත ජනවාර්ගික විබෙදුම්‌ සඳහා දිරිගැන්වීම්‌ සලසා ඇත.

නිගමනය-

අපේක්ෂකයා පක්ෂ ක්‍රමය මැතිවරණ ක්‍රමය හා සම්බන්ධ කරන්නේ නම්‌ සහ මතවාදී ගැටුම්‌ පිරිහෙන ආකාරය ද විශ්ලේෂණය කර ඇත්නම්‌, සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලබා දිය හැකිය.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...