‘ශ්‍රී ලංකාවේදී යටත් චිජිත රාජ්‍යය ඇතැම් අනපේක්ෂිත සාධනීය ප්‍රතිපල ඇති කර තිබේ.’ ඔබ එකඟ වන්නේද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න.
මෙම ප්‍රශ්නය මගින් ශ්‍රී ලංකාවේ දී යටත් විජිත රාජ්‍යය, විශේෂයෙන් 1833 – 1947 අතර කාලය තුළ නිර්මාණය කළ අනපේක්ෂිත සාධනීය ප්‍රතිපල තාර්කිකව හඳුනා ගැනීමට සහ විශ්ලේෂණය කිරීමට සිසුන් සතු හැකියාව තක්සේරු කිරීමක් අපේක්ෂා කෙරේ.
හැඳින්වීම-
යටත් විජිත රාජ්‍යය දිවයිනට සේන්දු වන බ්‍රිතාන්‍ය ආයෝජකයින්ට වඩාත් සුවපහසු පරිසරයක් නිර්මාණය කරන අතර තුර, ආසියාවේ බ්‍රිතාන්‍යය අත් කරගනු ලැබූ ප්‍රදේශ සඳහා ආරක්ෂාව සැපයීම වැනි අධිරාජ්‍යවාදී අභිලාෂයන් ආරක්ෂා කිරීම අරමුණු කර ගත්තේය. කෙසේ වෙතත්, එම ප්‍රතිසංස්කරණවල ප්‍රතිපල සපුරා ඔවුන් අපේක්ෂා කළ ඒවා නොවිණි. ඔවුන් සිදු කළ ප්‍රතිසංස්කරණ හේතුවෙන් සාධනීය සහ නිශේධනීය ප්‍රතිපල ගණනාවක් ඇති වූයේය. මෙම පිළිතුර මගින් එබඳු අනපේක්ෂිත සාධනීය ප්‍රතිපල විග්‍රහ කිරීමක් අපේක්ෂා කරයි.
අන්තර්ගතය –
මුදලිවරුන්ගෙන් සැදුම්ලත් සාම්ප්‍රදායික ප්‍රභූ තන්ත්‍රය වෙනුවට දේශීය ධනේශ්වර පන්තියක් බිහිවීම කෙරෙහි මඟ පෑදීම බ්‍රිතාන්‍යයින් සෘජුව අපේක්ෂා නොකළ මුත්, චිජිත පරිපාලන ක්‍රමය විසින් ඇතිකරන ලද සාධනීය ප්‍රතිපලයකි. ඔවුහූ පළමුව, අරක්කු රේන්ද, සුළු ව්‍යාපාර සහ පරිවහන හා කම්කරු සේවා සැපයීම්වලින් ධනය රැස් කර ගත්හ. මේ නව ධනේශ්වර පන්තිය සමාජ සේවා, අධ්‍යාපන සහ සංස්කෘතික හා ආගමික ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන්ද සිය ධනය විය පැහැදම් කළෝය.
රාජකාර් ක්‍රමය අහෝසි කිරීම සෘජුව සහ චක්‍රාකාරව සමාජ පරිවර්තන ගණනාවකට මං සැලසූ බව පැහැදිලි චේ. ඒ අතර, ශ්‍රම යේ නිදහස් සචලතාවක් ඇතිවීම, පුද්ගලවාදය (Individualism) සහ පුද්ගල අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන නෛතික පරිසරය සැකසීම මෙන්ම ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කරනු පිණිස හිතකර වාතාවරණයක් නිර්මාණය වීම වෙසෙසින් වැදගත් වේ. ඒවා සමස්තයක් ලෙස සමාජ සහ සංකෘතික පර්යායයෙහි ප්‍රතිසංස්කරණ සහ පරිවර්තන සඳහා හේතු පාදක විය.
ලංකා සමාජය තුළ සමානත්මතාවාදී (egalitarian), ප්‍රජාතාන්ත්‍රික අභිලාශ සංවර්ධනය චීම සඳහා ඉහත කී සමාජ පරිචර්තනය හේතු පාදක චුයේය. ඒ කෙරෙහි 1833 දී චාර්ල්ස් කැමරන් විසින් සිදුකළ, සිවිල් අයිතිවාසිකම් සඳභා ද පාදක වූ, අධිකරණමය නිදහස සම්බන්ධ වාතාවරණය පැහැදිලි බලපෑමක් කළේය. සිවිල් අයිතිවාසිකම් වර්ධනය විසින් උත්පාදනය කළ විවෘත සමාජය ධනේශ්වර ආර්ථික කටයුතු සහ සමාජ සාමූහිකත්වයන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කළේය.
මේ වර්ධනය වෙමින් පැවති නව ධනේශ්වර පන්තියේ දෙවන සහ තෙවන පරම්පරා ඉංග්‍රීසි උගත්, බටහිරකරණය වූ මධ්‍යම පන්තියක් වූ අතර ඔවුහූ පසුකාලීන ආගමික පුනර්ජීවනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, ජාතික ව්‍යාපාරය සහ වාමාංශික ව්‍යාපාරය යනාදී සමාජ ව්‍යාපාරවල පෙරමුණ ගත්හ. කුමාරි ජයවර්ධන නිරීක්ෂණය කළ පරිඳි මධ්‍යම පාන්තික ප්‍රභූන්ගෙන් බොහොමයක් අධිපති සිංහල කුලවලින් පිටස්තරව පැමිණි අතර එය නියත උඩුකුරු සමාජ සචලතාවකටත් (upward social mobility), සාම්ප්‍රදායික සමාජ ව්‍යුහයේ පරිවර්තනයකටත් හේතු විය. ඉංග්‍රීසි අධ්‍යාපනයේ ව්‍යාප්තිය සහ සමාජ, සංස්කෘතික අවකාශයේ පරිවර්තන විසින් ඉඩම් අයිතිය මත පදනම්ව පැවති වැඩවසම් සමාජ පර්යාය වෙනුවට නව, නූතන සමාජ පර්යායක ආරම්භයක් ආදේශ කරනු ලැබීය.
යටත් විජිත ප්‍රතිසංස්කරණවල තවත් අනපේක්ෂිත ප්‍රතිපලයක් වූයේ ලංකා සිවිල් සමාජයක නැගීමයි. මේ යටත් විජිත සිවිල් සමාජය ආගමික හා කුල සංගම්, වෘත්තීය සංගම්, කාන්තා සංවිධාන, පුනර්ජීවන ව්‍යාපාර, ජාතික බලමුළු ගැන්වීම්, නන්විද ස්චේච්ඡා සංවිධාන සහ කාලානුරූපව දේශපාලන කණ්ඩායම්වලින් සමන්විත විය. එම සිවිල් සමාජ බලමුළු ගැන්වීම්, විජිත විරෝධී ව්‍යාපාර සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදෙසා වූ අරගලවල පෙරමුණ ගත්හ. යටත් විජිත සමාජ හා සංස්කෘතික වෙනස සමකාලීන ප්‍රතිසංස්කරණවලින් ප්‍රතිලාභ ලැබූ අය සහ නොලැබුණු අය අතර නව ආකාරයක සමාජ ධ්‍රැවීකරණයක් ද නිර්මාණය කළේය. යටත් විජිත ආර්ථිකයට සම්බන්ධ වී හෝ නිලධර තන්ත්‍රයේ කොටසක් වී හෝ ධනය උපයා ගත්තවුන් යටත් විජිත සංස්කෘතිය, සාරධර්ම සහ ජීවන රටා ද වැළඳ ගත්හ. ඔවුහූ යටත් විජිත රාජ්‍යයට පක්ෂපාතී, වරප්‍රසාද ලත්, දේශීය ප්‍රභූ පැලැන්තියක් පිහිටුවා ගත්හ.
ඉන් ප්‍රයෝජනයක් නොලබන ලද්දේ යටත්විජිතවාදය විසින් විවෘත කරන ලද ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් හා ආර්ථික අවස්ථාවලින් බැහැරව සිටි සමාජ පන්ති ය. ඔවුහු ප්‍රාදේශීය, ආගමික, සහ වාර්ගික අනන්‍යතා මත පදනම් වූ සාම්ප්‍රදායික පරමාදර්ශ සහ සාරධර්මවලට අනන්‍යව, තමන්ගේම වූ ”සිව්ල් සමාජයක් පිහිටුවා ගත්හ. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය විවෘත වීම සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය පුළුල් කිරීමට සෘජුවම දායක විය. සර්වජන වැඩිහිටි ඡන්ද බලය හඳුන්වාදීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධනයට දායක විය. අවසානයේ එය දේශපාලන ස්වාධීනත්වයේ අභිලාෂයන් වැලඳ ගැනීමට උත්ප්‍රේරකයක් බවට පත් වූයේය.
ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ දේශපාලන පක්ෂ ක්‍රමයක් වර්ධනය චී නොතිබිණි. යටත් විජිත පරිපාලකයින් පක්ෂ ක්‍රමයක් සංවර්ධනය කිරීම දිරි ගැන්වූයේ නැතත්, සර්වජන ඡන්ද බලය පක්ෂ ක්‍රමයක් ගොඩනැගීමට මග පෑදීය.
නියෝජිත ආන්ඩුකරණය සහ සර්වජන ඡන්ද බලයේ මූලධර්මය ජනතාවගේ දේශපාලන බල ගැන්වීම ඉහල නැංවීය. එය ආන්තික සමාජ සහ වාර්ගික කණ්ඩායම්වලට ඔවුන්ගේ විමුක්තිය පිළිබඳ සවිඥානික වීමට සැලකිය යුතු ලෙස උපකාර විය. නූතන සුබසාධන රාජ්‍යයේ මතුවීම ද 1931 දී හඳුන්වා දුන් යටත් විජිත ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් විය. රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ දේශපාලනඥයන් මහජන සහයෝගය ලබා ගැනීම සඳහා සමාජ සුබසාධන වැඩසටහන් ආරම්භ කිරීමට උත්සුක විය. එහි ප්‍රතිඵලය වූයේ 1931-1947 කාලය තුළ සමාජ අයිතීන් පිලිබඳ ප්‍රබල සවිඥානිකත්වයක් නිර්මාණය වීමයි.
සාරාංශය –
යටත් විජිත අවශ්‍යතා සහ අභිලාශ පූරණය කරනු පිණිස සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ, යටත් විජිත රාජ්‍යවල දේශපාලන, ආර්ථික සහ සමාජ-සංස්කෘතික සංවර්ධනයන් පුළුල් කළ හැකි අනපේක්ෂිත සාධනීය ප්‍රතිඵල ඇති කිරීම වැළැක්විය නොහැකිය. 1948 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව ලබා ගත් දේශපාලන නිදහසේ කුළුගැන්වීම සිදු වූයේ යටත් විජිත රාජ්‍යය විසින් 1833 සිට 1947 දක්වා ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණවල අපේක්ෂිත හා අනපේක්ෂිත ප්‍රතිඵලවල ක්‍රමානුකූල චර්ධනය පාදක කර ගනිමිනි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.