WordPress WooCommerce Themes

පුරාණ රෝමවරුන්ගේ කාර්ය සංසිද්ධිය

පහත දැක්වෙන ක්ෂේත්‍රවල පුරාණ රෝමවරුන්ගේ කාර්ය සංසිද්ධිය සැකෙවින් පරීක්ෂා කරන්න.
(i) ආණ්ඩුක්‍රම
(ii) නීතිය

ආණ්ඩුක්‍රම-

පුරාණ රෝමවරුන් අතර පිළිවෙලින් ආණ්ඩුක්‍රම තුනක් ක්‍රියාත්මක විය.

  • රාජාණ්ඩුව
  • සමුහාණ්ඩුව
  • අධිරාජජ්‍යය

රාජාණ්ඩුව

  • පීතෘමූල සමාජයක් පැවති පුරාණ රෝමවරුන් අතර මුල් අවස්ථාවේදී පැවතියේ රජ කෙනෙකු මුල් කරගත් රාජාණ්ඩු ක්‍රමයකි. මෙම ආණ්ඩු ක්‍රමය ක්‍රි.පූ.753 පමණ සිට ක්‍රි.පූ.510 දක්වා ක්‍රියාත්මක විය.
  • රජුට විශාල බලතල ප්‍රමාණයක් හිමිව තිබූ නමුත් එම බලතල සම්ප්‍රදාය මගින් සීමා කිරීමක් ද දක්නට ලැබීම. (රජුට පහළින් පැවති වැඩිහිටි සභාව හෙවත් සෙනෙට් සභාව මගින්)
  • රජුගේ බලතල හා කාර්යයන් ප්‍රධාන පූජකයා, ප්‍රධාන විනිශ්චයකාරයා හා හමුදා නායකයා වීය. සියලු නිලධාරින් රජු විසින් පත් කිරිම. එසේ වුවත් වැදගත් කරුණු සම්බන්ධ තීරණ ගැනීමේදී සෙනට් සභාව විමසිය යුතු වීම.
  • රජ කෙනෙකුගේ පත්වීම ජනතාව විසින් අනුමත කළ යුතුව තිබු නමුත්, ඔහු බලයෙන් පහ කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොතිබිණි.
  • රජු හා සෙනෙට් සභාවට අමතරව මහජන සභාවක් පැවතිණි. යුධ සේවයට සුදුසු සියලු පුරුෂයන් එහි සාමාජිකත්වය දැරිය.
  • මෙකල දේශපාලන අයිතිවාසිකම් පැට්‍රිෂියන්වරුන් හෙවත් ඉඩම් හිමි ප්‍රභූ පැළැන්තියට පමණක් හිමිව තිබූ අතර ඔවුන් විසින් අවසන් රෝම රජු වූ එට්‍රස්කන් වර්ගයට අයත් ටාර්ක්වින් පළවාහරිනු ලැබ සමුහාණ්ඩුවක් පිහිටුවීම.

සමුහාණ්ඩුව (ක්‍රි.පූ. 510-27)-

  • කලින් රජුට හිමිව තිබූ සිවිල් හා මිලිටරි බලය, ප්‍රභූ ඡන්දයෙන් වාර්ෂිකව තෝරාපත්කරගත් කොන්සල්වරුන් නම් නිලධාරීන් දෙදෙනෙකුට පවරනු ලැබීම.
  • එක් කොන්සල්වරයෙකුගේ තීරණයකට එරෙහි වීමේ බලය අනෙක් කොන්සල්වරයා වෙත තිබීම. (එක් අයෙකු ඒකාධිපතියෙකු වීම වැළැක්වීමට ගත් පියවරකි)
  • විධායක කටයුතුවලදී මොවුන්ට සහාය වීමට වාර්ෂිකව තෝරාපත්කරගත් මහේස්ත්‍රාත්වරුන් හා පරිපාලකයන් සිටීම.‍
  • සෙන්චූරියේට් සභාව (මන්ත්‍රණ සභාව) වාර්ෂිකව කොන්සල්වරුන්, මහේස්ත්‍රාත්වරුන් පරිපාලකයන් පත් කිරීමේ හා නීති පැනවීමේ බලය පැවතීම.
  • මෙම සභාව වැඩි ජනතා සහභාගීත්වයක් තිබූ නමුත් ඡන්ද ක්‍රමය හේතුකොටගෙන එය පැට්‍රිෂියන්වරුන් විසින් මෙහෙයවනු ලැබීය.
  • සෙනෙට් සභාව – ආණ්ඩුක්‍රමයේ බලවත්ම ආයතනයයි. මුලුමනින්ම පැට්‍රිෂියන්වරුන්ගෙන් සමන්විත වූ මෙහි සාමාජිකයන් යාවජීව ලෙස පත් කරන ලද්දේ කොන්සල්වරුන් විසිනි. මූල්‍ය කටයුතු හා විදේශ ප්‍රතිපත්ති මෙහෙයවීම, සෙන්චූරියේට් සභාවේ තීරණ ක්‍රියාත්මක කෙරුණේ බල අනුමැතියෙන් පමණක් විය.
  • ප්ලිබියන්වරුන් හෙවත් සාමාන්‍ය ජනයා දිගු කලක් තිස්සේ පැට්‍රිෂියන්වරුන්ට එරෙහිව ගෙනගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ප්ලිබියන්වරුන්ගේ සභාවක් ද ආණ්ඩුවට ඇතුළත් කරනු ලැබිණි.
  • මෙම පාලනය පැවති සමයේ රෝම බලය විශාල ප්‍රදේශයක ව්‍යාප්ත විය. එතරම් විශාල රාජ්‍යයක් පාලනය කිරීමට අපොහොසත් වීම නිසා සමුහාණ්ඩු පාලනය බිඳවැටිම.

අධිරාජ්‍ය පාලනය (ක්‍රි.පූ. 27. ක්‍රි.ව. 476)

  • ක්‍රි.පූ.27 දී බලයට පත් ඔක්ටේවියන් හෙවත් ඔගස්ටස් සීසර් රෝමයේ තුළ අධිරාජයා විය.
  • ඔහු රාජාණ්ඩුවක හමුදා පාලනයත් සමූහාණ්ඩුවාදී ආයතනත් එක් කොට පරම ඒකාධිපති පාලනයක් ඇති කළේය.
    සෙනෙට් සභාව – ඇතැම් පළාත් පරිපාලනය කළ හා මූලය බලතල භුක්ති විදි සෙනෙට් සභාව අධිරාජයාට උපදෙස් දෙන ආයතනයක් බවට පත්විය.

නීතිය

  • රෝමරුන් විසින් ලෝකයට ලබා දෙන ලද වැදගත්ම උරුමය රෝම නීතියයි.
  • එම නීතිය ක්‍රි.පූ.450 දී ප්‍රකාශට පත් කරන ලද වගු දොළහ‍ෙන් ආරම්භ වී ක්‍රමයෙන් වර්ධනය වුවකි.
  • පසුකාලීනව වඩාත් පුළුල් මූලධර්ම මත පදනම් වූ මෙම නීතිය, මූලාශ්‍ර ගණනාවකින් මතු විය.
    සිරිත් විරිත් හා සම්ප්‍රදායයන්ගේ වෙනස්වීම්
    ස්ටොයික්වරුන්ගේ ඉගැන්වීම්
    විනිශ්චයකරුවන්ගේ තීරණ
    රෝම මහේස්ත්‍රාත්වරුන්ගේ ආඥා
  • රෝම අධිරාජ්‍යයේ මුල් අවධියේදීම මෙම නීතිය ඉහළ මට්ටමකට වර්ධනය වීමට අධිරාජ්‍ය වැසියන්ගේ ජීවිත හා දේපළ විෂයයෙහි පුළුල් ක්ෂේත්‍රයක එය පැතිරයාමත් රෝම නීතියවේදීන් ඉදිරිපත් කළ විවිධ සංකල්පත් හේතු විය.
  • මෙකි වර්ධනය ප්‍රධාන අංශ තුනක් ඔස්සේ සිදුවිය.
  • 1) සිවිල් නීතිය 2) ජනතාවයේ නීතිය 3) ස්වභාවික නීතිය
  • සිවිල් නීතිය – රෝමයේ හා එහි පුරවැසියන්ගේ නීතියයි. ලිඛිත හා අලිඛිත වශයෙන් කොටස් දෙකකි.
  • ජනතාවගේ නීතිය – ජාතිකත්ව හැසීමකින් තොරව සියලු ජනතාවට අදාළ වූ නීතියයි.
  • ස්වභාවික නීතිය – ස්ටොයික් ඉගැන්වීම් හා දර්ශනය පදනම් කොටගත් නීතියයි.
  • සියලු මිනිසුන් ස්වභාවයෙන්ම සාමාන්‍ය ආණ්ඩු විසින් උල්ලංඝණය කළ නොහැකි යම් යම් මූලික අයිතිවාසිකම්වලට සියලු දෙනාම හිමිකම් කියති ආදී ස්ටොයික් අදහස් මත මෙය පදනම් විය.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...