WordPress WooCommerce Themes

උතුරු ලකේ කන ඉරණ අලි………………….අමුතු සිතියම් පාඩමට එක් වෙන්න.

අපේ අභ්‍යාස පටන් ගන්නේ මෙතනින්.

 

සාමාන්‍යයෙන් සිතියම් අභ්‍යාස පටන් ගන්න ක්‍රමයට වඩා වෙනස් විදිහකට.

උතුරු ලක කියන්නේ ලංකාවේ උතුරු කොටස.

මේ පැත්තේ කැපී පෙනෙන ගංගාව තමයි කනගරායන් ආරුව.

ඉරණමඩුව නමින් ජලාශයකුත් ඒ නමින් ම ප්‍රාග් ඓතිහාසික ස්ථානයකුත් මේ ගංගාව ආසන්නයේ තියනවා.

ඔයාලාට මතක ඇති ඉරණමඩු පස් සැකැස්ම. ඒක ස්ථානයක් නොවුණත් මේ නමත් පස් සැකැස්මේ නමත් අතර සම්බන්ධයක් තියනවා.

එතකොට අලි ප්‍රශ්නයක් තියනවා.

ප්‍රශ්නයක් කරගන්න එපා.

අපි ඉගෙන ගන්න හතරවන ස්ථානය අලිමංකඩ. ඒකත් ප්‍රාග් ඓතිහාසික ස්ථානයක්.

ඒ වගේ ම සපුමල් කුමරා යාපනය ජයගන්න කලින් මහ සටනක් වුණා අලිමංකඩ සමීපයේ දි.

ඒ කාලේ ඒ ස්ථානයට කිව්වේ ජාවක කෝට්ටේ කියලා.

මෑත අවසන් වුණ යුද්ධයේදීත් අලිමංකඩ තීරණාත්මක වුණු බව පැවසෙනවා.

අපි අද ඉගෙන ගත්තේ
කනගරායන් ආරුව
ඉරණමඩු ජලාශය
ඉරණමඩු ප්‍රාග් ඓතිහාසික භූමිය
අලිමංකඩ
අතිරේකව ඉගෙන ගත් ස්ථානය යාපනය

 

දැන් ඒ ස්ථාන සිතියමේ ලකුණු කරමු

 




සබැඳි ලිපි

Uncategorized

ක්‍රිෂ්ණ

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
Uncategorized

මුද්‍රිත පොත් හා e-books

දේශීය පාසල් පෙළපොත් දේශීය පාසල් පෙළපොත් Smart textbook-Sri Lanka Past papers-WIKI පැරණි දේශීය ප්‍රශ්නපත්‍ර දේශීය විෂය නිර්දේශ-දේශීය විෂය නිර්දේශ ගුරු අත්පොත්-දේශීය ගුරු අත්පොත් වෙනත් දේශීය...
Uncategorized

එය කරන්නේ කෙසේ ද? How do you do it?

සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන්නේ කෙසේ ද? 2000 සහ ඊට පෙර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් ලබාගන්නේ කෙසේ ද?...